12 කොටස

1.4K 415 66
                                    

-" ඉතිං මම බෙහෙත හැදුවා.. ලෝකේ වටේම තිබුනු බෙහෙත් කොල හොයාගෙන, අවුරුදු 100 කට සැරයක් පායන රතු හද පායනකම් ඉදලා හද එලිය කෙලින්ම වැටෙන කදු මුදුනක් හොයාගෙන ගිහින් මගේ ඇගේ ශක්තිය ඉවරවෙනකම් මන්ත්‍ර ජප කරලා බෙහෙත හැදුවා.. ඒත් රැය ගෙවිලා ඉවර වෙනකොට මට සිහි නැති උනා.. මායාවන් මගේ ඇගෙන් ගියපු නිසයි රැය පුරාම මන්ත්‍ර ජප කරපු නිසයි වෙන්න ඕන.. "

වීනු මගේ අත අතෑරලා එයාගේ ඇගිලි දිහා බැලුවා.. මාත් එයාගේ ඇගිලි දිහා බැලුවම තමයි දැක්කේ එයාගේ ඇගිලි උඩට ටොක් ගාලා කදුලක් වැටෙනවා.. එයා ඉක්මන්ට අත අරගෙන කම්මුල් පිහිදාලා මම දිහා බලලා අමාරුවෙන් හිනාවුනා..

-" මට ආයේ සිහිය ඇවිත් බෙහෙත අරන් මම එයාව හොයාගෙන යන්කොටත් එයා මේ ලෝකෙන් ගිහින්.. ඒත් එයා මට ලියුමක් ලියලා ගිහින් තිබුනා..  ඒකේ තිබුනේ එයා ආපහු එනවා කියලා.. 

ඉතිං මම එයා එනකම් බලාගෙන ඉන්න තීරණය කලා.. මම බෙහෙතෙන් බාගයක් බිව්වා.. මට අමරණීය වෙන්න පුලුවන් විදියට.. ඉතුරු ටික තියන් ඉන්නවා මගේ ජන්ග් ආයේ ඉපදිලා මගේ ලගට එනකම්.. "

වීනු කතාව ඉවරකරලා ලොකු හුස්මක් ගත්තා.. මම එයාගේ මූන දිහා බලන් හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරිව.. ඒත් වීනු බලන් හිටියේ මම මොකක් හරි කියනකම්.. එයා ප්‍රශ්නාර්ථ බැල්මකින් මගේ මූන දිහා බලාගෙන හිටියා..

-" එතකොට කොහොමද ඔයා ජන්ග් එයාමයි කියලා අදුරගන්නේ.. "

මම ඇහුවම වීනුට හිනාවක් ගියා.. එයා සතුටෙන් මගේ අත අල්ලගෙන මිරිකුවා..

-" දන්නවද ජියා.. ඔයා ඔයාගේ අබොජි වගේමයි.. මම මේ කතාව කියන හැමෝම මගෙන් ඊලගට අහන ප්‍රශ්නේ තමයි ඒ බෙහෙත දැන් කොහෙද තියෙන්නේ කියන එක.. ඒත් ඔයත් ඔයාගේ අබොජි වගේම ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවේ නෑ.. දැනටමත් ගොඩක් අය බෙහෙත තියන තැන හොයනවා.. හැමෝටම ඕන අමරණීය වෙන්න.. විශේශයෙන්ම ඔයාගේ අම්මට.. "

වීනු කිව්වම එක තත්පරේකට මගේ හිනාව නැති වෙලා ගියා.. මම ඉක්මනින් මාතෘකාව ආයේ වෙනස් කරන්න හිතුවේ මගේ අම්මා ගැන කතා කරන්න මට ආසාවක් නැති නිසා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now