කැබින් එකේ දොර ඇරගෙන මම එලියට පනිනවත් එක්කම මගේ පස්සෙන් බේටාත් දුවගෙන එනවා වගේ මම ලාවට දැක්කා.. ඒත් ඒ ගැන අවදානයක් මට දෙන්න උනේ නැත්තේ කුලප්පු වෙලා හැම දේම කඩාගෙඩ පෙරලගෙන හැමතැනම දුවන ශැඩෝ දැක්කම..
යොන් වගේම තවත් ඇල්ෆලා කීප දෙනෙක්ම ශැඩෝගේ පස්සෙන් දුවගෙන ආවත් ඒ කාටවත් එයාව නවත්තගන්න පුලුවන් පාටක් පේන්න තිබුනේ නෑ.. මමත් ඒ පැත්තට වේගෙන් දුවගෙන යනවත් එක්කම බය වෙලා හිටපු පප්ස්ලා කීප දෙනෙක්ම මගේ නම කියලා කෑ ගැහුවේ එයාලව බේරගන්න කියලා..
වුල්ෆ් ෆෝම් එකට හැරෙන්න ඕන කියලා හිතුවත් ශැඩෝ එකපාරටම බිම වාඩිවෙලා සෙල්ලම් කර කර ඉන්න පප් කෙනෙක්ගේ පැත්තට හැරෙනවා දැක්ක ගමන් මම වේගෙන් එයාගේ ඉස්සරහට දුවගෙන ගියා.. වේගෙන් මගේ පැත්තට දුවගෙන ආපු ශැඩෝ මගේ ඉස්සරහ එකපාරටම නැවතිලා සද්දෙට කෑගහලා ඉස්සරහ කකුල් දෙකම ඉස්සුවම මම එක අතක් උස්සලා වැලමිටෙන් මගේ මූන වහගත්තේ ශැඩෝගේ කුර පාර මගේ මූනට වදින එක නවත්තගන්න..
ඒත් එක පාරටම මට දැනුනා මාව තල්ලු වෙලා ඉස්සරහට විසි වෙනවා වගේ.. ඒත් එක්කම කට්ටිය කෑ ගහන සද්දයක් එක්කම චරස් ගාලා ඇට බිදෙන වගේ සද්දයක් ආවා.. මම ක්ශනිකෙන් වැටිලා හිටපු විදියටම බිම ඉදගෙන ඒ පැත්ත හැරුනා..
ශැඩෝව කීප දෙනෙක්ම නාස් ලනුවෙන් අල්ලගෙන හිටියා.. බේටා බිම වැටිලා හිටියා.. එයාගේ කකුල ගාව තිබුනු සුදු පාට හිම රතු පාටින් පාට වෙලා තිබුනා.. එයා වේදනාවෙන් කකුල අල්ලගෙන හිටියත් එයාගේ ඇස් තිබුනේ මගේ ගාව.. ඒ ඇස් වල ලා කදුලු පටලයක් තිබුනා.. දත් වලින් යටි තොල හපාගෙන හිටියේ වේදනාව නිසා වෙන්න ඕන..
-" ඔයා හොදින්ද? "
බේටා ඇහුවේ මගේ ඇස් දිහා බලාගෙනමයි.. මගේ ඇස් ගැස්සුනා.. එයා ලේ විලක් මැද වේදනාවෙන් ඉද්දිත් එයා මගෙන් හොදින්ද අහනවා.. මගේ හදවත් වේගෙන් ගැහෙන්න ගනිද්දි මම ලාවට ඔලුව වනන ගමන් එතනින් නැගිට්ටේ බේටාගේ ඇස් මගෑරලා යොන්ගේ දිහා බැලුවා..
-" යොන්.. මෙයාව එල්ඩර්ස්ලා ලගට එක්කගෙන යන්න.. එයාලා බෙහෙත් දාවි.. "
මම එහෙම කියලා හැරෙන්නේ නැතුවම ආයෙත් ඉක්මන් ගමනින් කැබින් එක ඇතුලට ගිහින් දොර වහලා පුටුවකට වැටුනේ අත් දෙකෙන් මගේ මූන වහගන්න ගමන්.. ඇස් වහගන්න වහගන්න සැරේට මැවි මැවි පේන බේටාගේ මූන මගේ හිතට දැන්නම් වදයක් වගේ..
එකපාරටම ඇහුනු දොර ඇරුනු සද්දෙන්ම මම දැනගත්තා ඒ ඇවිත් තියෙන්නේ මායාකාරි තමයි කියලා.. දොරටවත් තට්ටු කරන්නේ නැතුව කලින් අවසර ගන්නෙත් නැතුව කැබින් එකටයි ඔෆිස් එකටයි එක පාරටම කඩා පනින පුරුද්ද තිබුනේ පැක් එකෙන්ම වීනුට විතරයි.. පුරුද්ද නෙවෙයි එහෙම එන්න බය නැති එකම කෙනා වීනු විතරයි..
-" ඔයා හොදින්ද? "
මම මූනෙන් අත් අයින් කර ගන්න ගමන් පුටුවේ කෙලින් වෙලා කරදර මූනෙන් මගේ දිහා බලාගෙන ඉන්න වීනුගේ දිහා බැලුවා..
-" මම හොදින්.. පොඩ්ඩක් වැලමිට හීරුනා.. "
මම කිව්වම වීනු මගේ ලගින් වාඩි වෙලා මගේ අතින් අල්ලගන්න ගමන් එයාගේ මල්ලෙන් පොඩි කුප්පියක් අතට ගත්තා.. ඒකේ තියෙන්නේ බෙහෙත් වෙන්න ඕන..
-" අහන්නේ නැද්ද? "
වීනු මගේ දිහා නොබලම වැලමිට හීරුනු තැන් වල බෙහෙත් වගයක් ගාන ගමන් ඇහුවා..
-" මොකක්ද ? "
-" ඔයාගේ මේට් ට කොහොමද කියලා.. "
-" මොනා වෙන්නද.. වුල්ෆ් කෙනෙක් නේ.. දවසින් දෙකෙන් සනීප වෙයි.. "
මම නපුරු විදියට කිව්වත් මගේ හිතේ මැවුනේ බේටාගේ කදුලු පිරුනු ඇස් දෙක.. මට දැනෙන්නේ මගේ හිත එක විදියකටත් මගේ කට එක විදියකටත් වැඩ කරනවා වගේ..
-" ඉක්මනට සනීප වෙන එක හරි. ඒත් වේදනාව ඒ විදියට දැනෙනවා කියලා ඔයා දන්නවනේ.. ඒ කොල්ලගේ කකුල තැන් තුනකින් කැඩිලා.. එයා මැදට පැන්නෙ නැත්නම් එහෙම වෙන්නේ ඔයාට කියලා මතක් වෙද්දිත් මගේ ඇග හිරි වැටෙනවා.. "
වීනු ආයේ කුප්පිය මල්ලට දාන ගමන් මගේ දිහා බැලුවා.. මම එයාගේ ඇස් මගෑරලා බිම බලාගත්තා..
-" මම එයාට කිව්වේ නෑනේ මැදට පනින්න කියලා.. එයානේ පන්ඩිතයා වගේ මැදට පැන්නේ.. "
-" ජියා.. මම දන්නවා ඔයා ඔය පෙන්නන තරම් නපුරු නෑ කියලා.. ඒත් අඩු ගානේ එයාව පොඩ්ඩක් බලන්න වත් යන්න.. "
-" එහෙම ඕන නෑ.. එල්ඩර්ස්ලට කියන්න එයාව සනීප උනු ගමන් පැක් එකෙන් පිටත් කරන්න කියලා.. හෙටම.. "