7 කොටස

1.4K 442 13
                                    

-" ඇයි මේ මෝඩ අශ්වයාගේ පිට උඩ නගින්න මේ මෝඩ යොන් මෙච්චර ට්‍රයි කරන්නේ.. "

වීනු ඇහුවේ ආයෙම වැටට බර වෙන ගමන්..

-" තරගේට දාන්න ශැඩෝ කොහොම හරි හීල කරගන්න ඕන.. "

මම කිව්වේ ආයේ ශැඩෝගේ පිටින් වැටුනු යොන් දිහා බල බල හිනාවෙවී.. මෙහෙම වැටුනොත් නම් යොන්ට සතියක් බෙහෙත් කරන්න වෙයි..

-" එතකොට මේ සැරේ ඔලිවර් නෙවෙයිද තරගෙට යවන්නේ.. "

-" ඔලිවර් ප්‍රෙග්නන්ට්.."

මම කිව්වේ වැටෙන යොන්ගේ ෆොටෝ හිනාවෙවී ගහන වීනු දිහා බලාගෙනම.. වීනුගේ ඇස් එක පාරටම ලොකු වෙලා එයා මගේ දිහා බැලුවා..

-" ඔලිවර් ගෑනු සතෙක්ද? මම හිතන් හිටියේ පිරිමි සතෙක් කියලා.. "

-" මායාකාරියක් උනේ හොරට එක්සෑම් ලියලද? අශ්වයෙක් ගෑනුද පිරිමිද කියලා බලන්න වත් දන්නේ නැද්ද? "

මම ‍රවලා ඇහුවම වීනුත් ඉස්සරහා බලාගත්තේ මගේ දිහා ඇහැ කොනකින් බලන ගමන්..

-" මම මේ කල්පනා කලේ ගෑනු සතෙක්ට ඔලිවර් කියලා නම දාපු මෝඩයා මොකාද කියලා "

ඒ නම දැම්මේ මම කියලා දැන දනම වීනු එහෙම කිව්වම මම කතාවක් නැතුව හිමීට බිමට නැවිලා හිම බෝලයක් හදන්න ගත්තා.. එකපාරටම වීනු දිග ලෝගුවත් දෙපැත්තකින් උස්සගෙන දිව්වේ ඊලගට වෙන්න යන දේ එයාට තේරුනු නිසාද කොහෙද?

-" බලයක් නැති පිස්සු මායාකාරි.. "

මම කෑ ගහලා කිව්වේ මට දිව දික් කර කර දුවන වීනු දිහා බලාගෙන හිනාවෙවීමයි..

-" මට බලේ ලැබුනු දවසට මට හිනාවුනු හැමෝටම සෑහෙන්න රිදෙයි.. එදාට මම මෝඩ හෙඩ් ඇල්ෆව මීයෙක් කරලා තමයි නවතින්නේ.. "

වීනු කෑ ගහලා කියලා මට ආයෙම දිව දික් කරලා දුවලා යන්න ගියා.. මම හුස්මක් පහල දාන ගමන් ආයේ යොන් දිහා බැලුවත් ඒ තත්පරේම යොන් ආයේ අශ්වයගේ පිටින් වැටුනා.. ශැඩෝ කකුලක් උස්සලා බිම වැටිලා ඉන්න යොන්ට ගහන්න හැදුවත් යොන් ඉක්මන් වෙලා ඉක්මනින් නැගිට්ටා.. එයා වැට ලග ඉන්න මගේ ලගට ආවේ බලාපොරොත්තු කඩවුනු මූනෙන්..

-" එයාව කන්ට්‍රෝල් කරන්න අමාරුයි හෙඩ් ඇල්ෆා.. අපිට වෙන ක්‍රමයක් බලන්න වෙනවා.. "

-" අපි ගාව ඉන්න අනිත් හැමෝම තරගෙට යවන්න තරම් වේගවත් මදි යොන්.. හෙටත් ට්‍රයි කරන්න.. "

යොන් ඔලුව වනද්දි මම එතනින් ආවේ හිතට දැනුනු බර ගතියත් එක්ක.. තරගේ පැරදුනොත් සමහර විට මම ගැන පැක් එකේ අයගේ තියන විශ්වාසෙ නැතිවේවි..

ඒ වගේම නෝර්ත් පැක් එක.. ගොඩක් දුරට නෝර්ත් පැක් එකේ ඇල්ෆා මට බැට්ල් එකකට චැලේන්ජ් කරාවි.. ඒකෙනුත් මට දිනන්න පුලුවන් වේවිද? ඒ මදිවට මේට් කෙනෙක් හොයාගන්න කියලා එල්ඩර්ස්ලගේ වදේ.. මම ප්‍රශ්න සේරම කල්පනා කර කර කැබින් එකට ගියේ හෙට වත් ප්‍රශ්න නැති දවසක් ගත කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්..

----------------------

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now