මම දොර අරිනකොටම මගේ ඇස් වලට අහු උනේ පුරුදු හිනාව.. ඒ වගේම සැර චොක්ලට් සුවද.. එයාගේ එක කකුලක් සම්පූර්ණයෙන් බැන්ඩේජ් කරලයි තිබුනේ.. එයා ඇදන් හිටියේ උදේ ඇදුම් නෙවෙයි.. කලු පාට කොට කලිසමක් එක්ක රතු පාට ශර්ට් එකක්.. අත් දෙකෙන්ම අත් වාරු දෙකක් අල්ලගෙන හිටියේ තුවාල උනු කකුලට බර නොදෙන්න ඕන නිසා වෙන්න ඕන..
මේ සේරම එක තත්පරෙන් ඇස් වලට අල්ල ගත්ත මගේ ඇස් ඊලගට ගියේ එයාගේ හිනාවෙන ඇස් වලට..
මෙච්චර දෙයක් වෙලත් තාම හිනාවෙන හැටි..
-" මොකද මෙතන.. "
මම ඇහුවේ හිනාවක් නැති මූනෙන්..
-" වෙන කොහෙද මම රෑට ඉන්නේ.. වෙන කාගෙවත් කැබින් වල නිදාගන්න බෑ මට.. අනික එල්ඩර් සීයා කිව්වා ඔයා මගේ මේට් නිසා ඔයා ලග ඉද්දි ඔයාගේ සුවදට මට ඉක්මනට සනීප වෙයි කියලා.. "
-" පිස්සුද? මෙහේ ඉඩ නෑ තව කෙනෙක්ට ඉන්න.. "
මම ආයේ දොර වහන්න හැදුවත් බේටා එයාගේ අත් වාරුවක් දොර අස්සට දැම්මා..
-" ඔයා මට ණයයි.. "
-" මොකක්.. "
-" තමන්ට කෙනෙක් උදව්වක් කලොත් ඔයා ඒ ණය ආපහු ගෙවන්න ඕන.. ඒක ඔයාලගේ පැක් එකේ නීතියක් නේද.."
බේටා ඇස් දිහා බලාගෙන හිනාවෙවී ඇහුවත් මම ආයේ රවලා අහක බැලුවා..
-" මොන බොරුවක් ද.. කව්ද කිව්වේ.. "
-" මම දන්නවා.. මට මායාකාරි සේරම විස්තර කිව්වා.. මම ඔයාගේ ජීවිතේ බේරුවා.. ඒ කියන්නේ ඔයා මට ණයයි.. "
ආහ්හ්.. මේ මායාකාරි නම්..
මම තරහින් අත මිට මොලවගත්තේ ටේයෝන් දිහා ආපහු බලන ගමන්..
-" මේ අහන්න මිස්ට බේටා.. එක.. මම කිව්වේ නෑ ඔයාට එතන මැදට පනින්න කියලා.. දෙක.. ඔයා ඔච්චර කියනවානම් මම ඔයාට ණයයි කියලා.. ඔයාගේ ගාන කියන්න.. මම ගෙවන්නම්.. "
මම තරහින් අත් දෙක බැදගත්තා.. මම ඒක කිව්වා විතරයි බේටාගේ හිනා මූන මැකිලා ගියා..
-" නපුරි.. මට සල්ලි ඕන නෑ.. "
-" මේ අහන්න මිස්ට බේටා.. මට නිදිමතයි.. සල්ලි එපා නම් මොනවද ඕන කියලා ඉක්මනට කියනවද? මම හෙට උදේ වෙද්දි ඒක ලැබෙන්න සළස්වන්නම්.. "