5 කොටස

1.7K 442 104
                                    

මම ඉක්මනින් කන්ද බහින ගමන් ආයේ මයින්ඩ් ලින්ක් එකෙන් මීහාව සම්බන්ධ කර ගත්තා..

-" මීහා.. අර බැන්ග්ටන් පැක් එකේ බේටා හවස් වෙන්න කලින් ගමෙන් එලියට යවන්න.. "

-" ඕකේ හෙඩ් ඇල්ෆා.. "

ඊට පස්සේ මම පොදුවේ හැමෝවම මයින්ඩ් ලින්ක් එකෙන් සම්බන්ධ කරගත්තා..

-" අර මායාකාරිව දැක්කොත් ඉන්න තැනකින් මාව මුණගැහෙන්න කියන්න.. "

---------------------

---------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම හිටියේ අශ්ව ගාලේ.. මගේ ඔලිවර්.. මගේ අශ්වයගේ බෙල්ල අත ගාගා..

මම හුස්මක් ගන්න ගමන් මගේ වටේ බැලුවා.. ඈතින් කීප දෙනෙක් දර කපන අතරේ තව ටික දෙනෙක් අශ්වයන්ගේ පිටේ ඇවිද ඇවිද හිටියා.. තවත් සමහරු වුල්ෆ් ෆෝම් එකෙන් ගමේ මායිමේ එහේ මෙහේ දුව දුව හිටියා.. එයාලා ආරක්ශාවට අය.. හිමෙන් වැහිලා තියන ගෙවල් වල දුම් කවුලු වලින් දුම් ගියේ එයාලා කෑම හදන නිසා වෙන්න ඕන.. මේ මගේ ලෝකේ.. මගේ පවුල.. මගේ පැක් එක..

මේට් නිසා කලබල වෙච්ච හිත ටික ටික සන්සුන් වෙනවා වගේ දැනෙද්දි ටිකක් ඈතින් අශ්ව පැටියෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්න පප්ස්ලා දෙන්නෙක් දිහා මම ආදරෙන් බැලුවා.. කලින් ඇල්ෆා ඉන්න කාලේ මමත් ඔය වගේ පොඩි ළමයෙක්.. ඒ කාලේ අපි හරිම බයෙන් ජීවත් උනේ.. ඒත් දැන් මගේ පාලනයත් එක්ක හැමෝම සතුටින්.. 

ටිකකින් තරහින් රතු උනු වීනු කඩාගෙන බිදගෙන මගේ ලගට එනකොටම ඈත හිටපු එක පප් කෙනෙක් කෑ ගහලා වීනුට කතා කරා..

-" මායාකාරි.. ඔයාට හෙඩ් ඇල්ෆා හම්බවෙන්න කිව්වා.."

ඒක කිව්වා විතරයි වීනුගේ මූන තව ටිකක් රතු උනා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now