30 කොටස

712 115 53
                                    

ඔබට කතාව මතක නෑ නෑ වගේද? කලබල වෙන්න එපා.. මටත් මතක නෑ.. ඕවා සාමාන්‍යයි..

---------------

කැබින් එකෙන් අඩියක් එලියට තියන ගමන් මම දිගින් දිගටම කල්පනා කරේ ඊයේ රෑ ඉදන් මොකක් හරි අවුලක් දැනෙන්නේ ඇයිද කියලා.. හරියට නිකම් මොකක් හරි දෙයක් අමතක උනා වගේ හැගීමක්..

ම්ම්ම්...

මම නලල අත ගාගන්න ගමන් ආයෙම කල්පනා කලා.. එතකොටම තමයි මගේ ඔලුවට එකපාරටම ආවේ..

" මලා.. ආකී.."

මම එහෙමම අනික් පැත්ත හැරිලා කැබින් එක ඇතුලට දිව්වේ වීනුව ඇදන් එන්න හිතාගෙන..

කවුච් එක අස්සටම ගුලි වෙලා වෙව්ල වෙව්ල ඉන්න හොබීයි , ටික ටික හොබීගේ මූන ලගට තොලත් උල් කරගෙන් ලන් වෙන වීනුයි දැකලා මම හිටපු තැනම බ්‍රේක් ගැහුවා.. තත්පරයක් දෙකක් වැඩේට භාදා කරනවද නැද්ද කියලා කල්පනා කරත් හොබීගේ මූණේ තිබුනේ උදව් ඉල්ලන පෙනුම දැක්ක නිසා මම වැඩේට භාදා කරන්න තීරණය කලා.. කොහොමත් උදේ පාන්දර මේ වගේ දර්ශනයක් දකින්න මගේ බලාපොරොත්තුවක් තිබුනේ නෑ..

" වීවීවීනුනුනූ... "

මම කෑ ගහපු පාර වීනු ගැස්සිලා පස්සට වෙනවත් එක්කම හොබී පපුවත් අල්ලගෙන සැනසිලිදායක හුස්මක් පහල දැම්මා.. වීනු කවුච් එකෙන් නැගිට්ටේ මට රවන ගමන්..

"මොනවද ඔය කොල්ලට කරන්න හදන්නේ.. "

මම ඇහුවේ වීනුගේ රවන මූණ මගඇරලා හිනාව තද කරගන්න ගමන්..

"මෙයාට මාව මතක නෑනේ.. කිස් එකක් දීලා බලන්න හැදුවේ.. අර කතාවේ වගේවත් වෙයිද කියලා.. "

" මොන කතාවද? අර කිස් එකක් දුන්නම කුමාරි නින්දෙන් ඇහැරෙන එකද? "

මම ඇහුවේ ඇහැරිලා ඉන්න එකෙක් ආයේ ඇහැරවන්නේ මොකද කියලා කල්පනා කරන ගමන්..

වීනු මට රව රව කවුච් එකෙන් නැගිටලා එයාගේ බඩු මල්ල කරේ දාගත්තා..

" ඒක නෙවෙයි මෝඩි.. අර අනික් එක.. "

" අහ්.. අර කිස් එකක් දුන්නම ගෙම්බෙක් වෙන එකද? "

මම එහෙම ඇහුවා විතරයි දඩාන් ගාලා සද්දෙන් දොරක් වැහෙන සද්දයක් ආපු නිසා අපි දෙන්නම ගැස්සිලා දොර දිහා බැලුවා.. කවුලුවෙන් අපි දැක්කේ තත්පරේට හැටේ වේගෙන් එලියෙ දුවන හොබීව.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 04 ⏰

Add this story to your Library to get notified about new parts!

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now