පෙරවදන

6.5K 565 235
                                    

හායි හායි කොහොමද ? ❤️❤️

ඔන්න අලුත් කතාවක්..

ඔලී කියවලා තියන අය අත උස්සන්න..

ඔය.. ඔය ළමයා අත් දෙකම උස්සගෙන ඉන්නේ දෙපාරක් කියෙව්වද?

අයියෝ ඔය කකුල පහලට දාන්න.. වැටෙයි වැටෙයි.. හිහී.. 😂😂

හරි හරි.. දැන් අත් පහල දාන්න..

ඔලී කියවලා නැති අය ඉන්නවනම් මේක කියවන්න කලින් ඒ කතාව කියවලා ඉන්න..

කියවලා මතක නැති අය ඉන්නවනම් ගිහින් ආයෙ කියවලා එන්න.. ( මටත් මතක නැති නිසා මමත් ආයේ කියෙව්වා😁 )

හරි..
මේක ඔලී එකේ සයිඩ් ස්ටෝරි එකක්.. ඒ කියන්නේ පාර්ට් 2 නෙවෙයි. ප්‍රධාන චරිතේ ඇරෙන්න සහය චරිතයක් හරහා දිගඇරෙන වෙනම කතාවක්..

ඔලී කියවපු අයට මතක ඇති කන්ග් මීරා.. යුන්ගිගේ බ්ලැක් වුල්ෆ් මේට්.. අන්න එයාගේ නංගි කන්ග් ජියා.. එයාගේ පැත්තෙන් යන කතාවක්..

ප්‍රධාන මේල් කැරැක්ටර් එක කිම් ටේයොන්. එයා බේටා කෙනෙක් කියලා මතක ඇතිනේ..

ඇල්ෆා ,බේටා, ඔමේගා වෙනස්කම් ගැන මතක ඇතිනේ..
ආයේ මතක් කරොත් ඇල්ෆා තමයි පැක් එකේ නායකයා.. එයාගේ වුල්ෆ්ට තියෙන්නේ රතු ඇස්.. සාමාන්‍යයෙන් ස්භාවයෙන්ම කළහකාරී ඉක්මනින් තරහ යන ගතිගුණ තියන අය.. එයාලට එකිනෙකාට ආවේනික ෆෙරමෝන සුවදක් තියනවා..

බේටා - වුල්ෆ්ට තියෙන්නේ කහ ඇස්.. බේටා කෙනෙක්ගේ විශේශත්වය තමයි එයාල රට් එකකට වත් හීට් එකකට වත් යන්නේ නෑ.. එයාලට අනිත් අයගේ ෆෙරමෝන් සුවදින් බලපෑමක් නෑ.. එයාලගෙන් කිසිම ෆෙරමෝන සුවදක් එන්නෙ නෑ කියලත් කියනවා.. ඒක නිසා වුල්ෆ් බැට්ල් වලදි බේටා තමයි පෙරමුන ගන්නේ.. මොකද ඇල්ෆලාට ඔමේගා ෆෙරමෝන සුවදක් ආපු ගමන් එයාලගේ අවදානේ වෙනස් වෙනවා.. ඒත් බේටලට එහෙම වෙන්නේ නෑ..

හැබැයි මම මගේ කතාවට ගත්ත විදියට බේටලාට තමන්ගේ මේට්ගේ ෆෙරමෝන සුවද විතරක් දැනෙනවා.. බේටා ගාවින් එන ෆෙරමෝන සුවද දැනෙන්නෙත් එයාගේ මේට් ට විතරයි..

ටේයොන් ඔලී ස්ටෝරි එකේ එක තැනක කියනවා මතක ඇති "මටත් ඔලී වගේ වයිට් වුල්ෆ් මේට් කෙනෙක් ඕන" කියලා..
ඉතින් මෙහෙම හිතන් ඉන්න ටේයොන්ට බ්ලැක් වුල්ෆ් කෙනෙක් මේට් උනොත්.. ඒකත් බ්ලැක් වුල්ෆ් ඇල්ෆා කෙනෙක්.. මොකද හිතෙන්නේ..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now