18 කොටස

1.3K 444 65
                                    

ෆෙලීත් එක්කම කැබින් එක ඇතුලට යන්න කලින්ම මට එක එක විදියේ සුවදවල් කීපයක්ම දැනුනා.. ලැවෙන්ඩර්, හනි, ඔරේන්ජ් , ඒ වගේම සැරට දැනෙන මින්ට් චොක්ලට් සුවද..

ඇතුලට යන්න කලින්ම මම ගෙස් කරපු විදියට එතන ඇල්ෆලා දෙන්නෙක්, ඔමේගල දෙන්නෙක් ඉන්න ඕන.. මගේ මේට් ඇරෙන්න ඉතුරු බේටාලගේ සුවද මට දැනුනේ නැති නිසා එතන බේටාලා කීයක් ඉන්නවද කියලා මට හිතාගන්න බැරි උනා..

කැබින් එක ඇතුලට යනකොටම ෆෙලී මගේ අත අතෑරලා එතන හිටපු ඇල්ෆා කෙනෙක්ගේ ළගට දුවලා ගියා.. ඇල්ෆත් එක්කම එතන හිටිය මගේ මේට් ලොකු හිනාවකින් මගේ ළගට ආවේ කකුළ යන්තම් නොන්ඩි ගහන ගමන්..

-" ජියා.. එන්න ඔයාට අපේ පවුලේ අයව අදුන්නලා දෙන්න.. "

මම ගැස්සුනා.. මගේ මේට් පළවෙනි වතාවට මගේ නම කියලා කතා කලා.. මම හිනාවෙන මේට්ගේ ඇස් මගෑරලා රතු උනු මූනෙන් වටේ බැලුවා..

-" මේ ඉන්නේ ජිමින්.. එයා ඇල්ෆා කෙනෙක්.. මේ ඉන්නේ එයාගේ මේට් ඔලී.. එයාව නම් ඔයා අහලා ඇති.. එයා වයිට් වුල්ෆ් පැක් එකේ කුමාරි.. "

මේට් කිව්වේ ලස්සන ගෑනු ළමයෙක් පෙන්නන ගමන්.. එයාට තිබුනේ කොරියන් පෙනුමක් නෙවෙයි.. එයාගේ සුවදින්ම මට එයා ඔමේගා කෙනෙක් බව අදුරගන්න පුලුවන් උනා.. එයාගේ මේට් හිටියේ එයාගේ ඉස්සරහින් හිටගෙන හරියට එයාව ආරක්ශා කරන්න වගේ.. සමහරවිට මාත් ඇල්ෆා කෙනෙක් නිසා එයාගේ ඇල්ෆට තර්ජනයක් වගේ දැනෙන්න ඇති.. ඒක ඇල්ෆා කෙනෙක්ට සාමාන්‍ය දෙයක් නිසා මම හිනාවෙලා එයාලට ආචාර කරන අතරේ මගේ ලගට තව ඔමේගා කෙනෙක් ආවා..

-" ඔයා අපේ ටේයොන්ගේ මේට් නේද? "

එයා මගෙන් ඇහුවත් මම ඒකට උත්තරයක් දෙන්නේ නැතුව හිනාවුනා..

-" එතකොට මේ සේරි නූනා.. අර ඉන්නේ නූනාගේ මේට් ජින් හ්‍යුන්..  එතකොට මේ ඒ දෙන්නගේ පප්ස්ලා.. "

ටේයොන් කිව්වේ සේරි ඔන්නිගේ පිටිපස්සෙන් එබි එබි ලජ්ජාවෙන් මගේ දිහා බලන පප්ස්ලා දෙන්නෙක් පෙන්නන ගමන්.. ඒ කලින් මගේ ඇගේ හැප්පිලා දුවගෙන ගියපු පප්ස්ලා දෙන්නා බව මම යන්තම් දැක්කත් ඒ දෙන්නා ආයෙම එයාලගේ ඔම්මාගේ පිටිපස්සේ හැංගුනා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now