14 කොටස

1.5K 451 132
                                    

-" පිස්සුද? මගේ ගෙදර මම මොකටද කව්ච් එකේ නිදාගන්නේ.. "

- " එහෙනම් ඇදෙන් නිදාගන්න.. ඇදේ දෙන්නෙක්ට නිදාගන්න ඉඩ තියනවනේ.. "

බේටා කිව්වම මම කොට්ටෙත් අරගෙන නැගිට්ටේ එලියට යන්න හිතාගෙන.. ඒත් මම එහෙමම නැවතුනේ බේටා ඊලගට කිව්ව දේ නිසා..

-" බ්ලැක් වුල්ෆ් පැක් එකේ හෙඩ් ඇල්ෆා නිකම්ම නිකම් බේටා කෙනෙක්ට බය වෙලා යනවද? "

මම ගැස්සිලා ආපහු හැරිලා බේටා දිහා රවලා බැලුවා.. ඊට පස්සේ අඩියට දෙකට ඇද ලගට ඇවිත් ඇදට පැනලා ඔලුවේ ඉදන් බ්ලැන්කට් එකෙන් වහගත්තේ මගේ රතු උනු මූන බේටාට පේන එක නවත්තන්න.. මින්ට් චොක්ලට් සුවද එන්න එන්නම වැඩියෙන් දැනෙන්නේ ඇයිද මන්දා..

ඒත් විනාඩියක් දෙකක් යනකම් කවුරු වත් ඇදට නගිනවා දැනුනෙ නැති නිසා මම හිමීට බ්ලැන්කට් එක ඇස් වලින් අයින් කලේ බේටා මොකක්ද කරන්නේ කියලා බලන්න.. ඒත් මම දැකපු දේ නිසා මම ගැස්සිලා සම්පූර්ණයෙන් කෙලින් වෙලා ඇදේ වාඩි උනා..

බේටා හිටියේ ශර්ට් එක ඔලුවෙන් ගලවන ගමන්..

-" හේයි  .. හේයි.. ඔයා මොකද කරන්නේ ඔය.. "

මම කෑ ගහනකොටත් බේටා සම්පූර්ණයෙන් ශර්ට් එක ගලවලා ඉවරයි.. එයාගේ ඇග පුරා යන්න හදන මගේ ඇස් දෙක මම අමාරුවෙන් දත් මිටි කාගෙන එයාගේ මූනෙම තියාගන්න උත්සාහ කරා..

-" ඇයි ?.. මම නිදාගන්නේ ඇදුම් නැතුව.. "

-" මොකක් .. පිස්සුද? කව්ද ඇදුම් නැතිව නිදාගන්නේ.. "

මම සැරෙන්ම ඇහුවත් බේටාගේ මූනේ තිබුනේ හිනාවක්..

-" ඇයි.. සත්තු නිදාගන්නේ ඇදුම් නැතිව නේ.. අපිත් ඉතින් වුල්ෆ්ලනේ.. "

එයා කිව්වේ කලිසම ගැටගහලා තියන කෝඩ් එක ලිහන ගමන්..

මම ක්ශනිකෙන් නැගිටලා කොට්ටෙයි බ්ලැන්කට් එකයි ඔතාගෙන එලියට පනින්නයි ලෑස්ති උනේ..

-" හේයි.. හේයී.. යන්න එපා.. මම විහිලුවක් කරේ.. අයිගෝ.. මගේ චෙරි බේබිගේ මූන චෙරි ගෙඩියක් වගේම රතු වෙලා.. "

බේටා හිනාවෙවීම කියනවා ඇහුනත් මම ආපහු හැරෙන්නේ නැතිවම කවුච් එකට ගිහින් බ්ලැන්කට් එක ඔලුව ඉදන් පොරවගෙන හාන්සි උනා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now