4 කොටස

1.5K 444 17
                                    

බේටා වුල්ෆ් ෆෝම් එකට මාරු උනොත් එයාව කන්ට්‍රෝල් කරන්න මටත් මාරු වෙන්න වෙනවා.. මම මාරු උනොත් නම් බේටාව කන්ට්‍රෝල් කරන්න කලින් මට මගේ ඇල්ෆාව කන්ට්‍රෝල් කරගන්න වෙනවා ..  මේ චොක්ලට් සුවදත් එක්ක මේ වෙලාවේ ඇල්ෆා එලියට ආවොත් නම් මේකව මාක් කරල තමයි නවතින්නේ ..

මම කලබල උනා.. බේටාව කන්ට්‍රෝල් කරන්න එකපාරට ක්‍රමයක් මතක් උනේ නැති නිසා මම මේසේ උඩ තිබුනු බේටාගේ අත උඩින් මගේ අත තිබ්බේ එයාව පාලනය කරන්න මගේ ඇල්ෆා ටෝන් එක පාවිච්චි කරන ගමන්..

-" බේටා.. ට්‍රාන්ස්ෆෝම් වෙන්න එපා.. කාම් ඩවුන් බේටා.. "

ටිකක් සන්සුන් උනු බේටා ඊලගට එයාගේ අත උඩ තිබුනු මගේ අත දිහා බැලුවා.. මම හිමීට අත ගන්න හැදුවත් එයා ඉක්මනට අනිත් අතින් මගේ අත අල්ලගත්තේ ඇහි බැම රැලි කරලා මගේ දිහා බලන ගමන්..

-" මොකක්ද මේ කැළල? "

එයා ඇහුවේ මගේ අතේ තිබුනු ලාවට මැකීගෙන යන තුවාල කැළලක් පෙන්නන ගමන්..

-" ඔහ්.. ඒක මේ චැලේන්ජ් බැට්ල් එකකදී වෙච්ච දෙයක්.."

මම හිමීට අත අරගෙන කැලල නොපෙනෙන්න මේසේ යටින් අත තියාගත්තා.. වුල්ෆ් කෙනෙක්ගේ ඇගේ කැලලක් දකිනවා කියන්නේ හරිම කලාතුරකින් වෙන දෙයක්.. වුල්ෆ්ලා ඉක්මනින් සනීප වෙන නිසා තුවාලයක් උනත් කැලලක් හිටින්නෙම නැති තරම්.. ඒත් මට චැලේන්ජ් කරපු ඇල්ෆා මගේ අත වෙන්වෙන්නම වගේ තුවාල කල නිසා මේ කැලල තාමත් මගේ ඇගෙන් මැකුනේ නෑ.. බේටා තාමත් හිටියේ නලල රැලි කරගෙන මගේ ඇස් දිහා බලාගෙන..

-" චැලේන්ජ් බැට්ල් ???"

-" ඔහ්.. ඒ කියන්නේ මගේ හෙඩ් ඇල්ෆා තනතුර කාට හරි ගන්න ඕන නම් එයාට පුලුවන් මට චැලේන්ජ් කරන්න බැට්ල් එකක්ට.. පරදින කෙනාට පැක් එකෙන් අයින් වෙන්න වෙනවා.. දිනන කෙනා හෙඩ් ඇල්ෆා වෙනවා.. මම දැනටමත් මට චැලේන්ජ් කරපු ඇල්ෆලා දෙන්නෙක්  පැක් එකෙන් එලවලා තියෙන්නේ.. ඔයාලගේ වගේ වුල්ෆ්ලා දහය පහලව ඉන්න පැක් වල මේවා වෙන්නේ නැති උනාට බ්ලැක් වුල්ෆ්ලා වගේ වුල්ෆ්ලා 150කට වඩා ඉන්න පැක් වලට මේවා සාමාන්‍ය දේවල්.."

බේටා හිටියේ මගේ මූන දිහා බලාගෙන.. එයාගේ මූනේ තිබුනු හැගීම මට කියවගන්න බැරි උනා.. නිතරම රන්ඩු වල පැටලෙන මේට් කෙනෙක් ලැබුනු එක ගැන ඇතිවුනු කලකිරීමක් ?? නැත්නම් මම ගැන දුකක් ?? කොහොම උනත් මට ඒ දෙකෙන්ම වැඩක් නැති නිසා මම පුටුවෙන් නැගිට්ටේ මේ කතාව මෙතනින් නතර කරන්න ඕන නිසා..

-" මාව ඔයාගේ හෙඩ් බේටා කරගන්න.. "

පුටුවෙන් නැගිට්ටත් හිටපු තැනම ගල් උනේ බේටා ඒ කියපු කතාවට..

-" වොහ්.. වොහ්.. දැන් මේක කොහාටද යන්නේ.. ඒ පාර ඔයාට බ්ලැක් වුල්ෆ් කෙනෙක් වෙන්න ඕන වෙලාද? "

මම ඇහුවේ විහිලුවෙන් වගේ..

-" ඔයාට මාව මේට් කරගන්න ඕන නෑනේ.. එහෙනම් අඩු ගානේ මට ඔයාගේ බේටා වත් වෙන්න දෙන්න.."

මම මගේ මූනට සීරියස් පෙනුමක් අරගත්තේ ටිකක් කල්පනා කරලා.. මේ බේටා දැන් ඕනවට වැඩි..

-" අහන්න මිස්ට බේටා.. එක.. මට දැනටමත් බේටා කෙනෙක් ඉන්නවා.. දෙක.. මම අද දැකපු කෙනෙක්ව කීයටවත් මගේ බේටා කරගන්නේ නෑ.. තුන.. මේ කතාව මෙතනින් ඉවරයි.. දැන් ඔයා කරුණාකරලා මෙතනින් යන්න.. "

එහෙම කියලා මම යන්න හැරුනේ ඒකා යන්නේ නැත්නම් මන් වත් මෙතනින් යන්න කියලා හිතාගෙන..

-" ඔයාගේ බේටා කොල්ලෙක්ද? "

එලියට යන්න අඩියක් තියපු මම ආයෙත් හැරුනේ බේටාගේ මූන බලන්න.. ඒ මූන පිරුලා තිබුනේ ඉරිසියාවකින් ??

මම එයාට උත්තර දෙන්නේ නැතුව දොර අරින්න අත තිබ්බා..

-" එක දෙයක් දැනගන්න පුලුවන්ද?"

මම ආයේ හැරුනේ ඇහිබැම උස්සලා මොකද කියලා අහන ගමන්..

-" මොකක්ද මම ගාවින් එන සුවද? ඔයා දන්නවනේ මම බේටා කෙනෙක් නිසා මගේ සුවද දැනෙන්නේ මේට්ට විතරයි.. මම දන්නේ නෑ මගේ ලගින් එන්නේ මොන වගේ සුවදක්ද කියලා.. "

එයා කිව්වේ ලජ්ජාවෙන් වගේ බෙල්ල පිටිපස්ස අත ගාන ගමන්..
මම කට කොනකට හිනාවක් ගත්තා..

-" ඒක මම දැනගත්තම ඇති.. "

එයාගේ මූන බෙරි වෙනකොට මම ආයේ යන්න හැරුනා..

-" මට අදට මෙහේ ඉන්න දෙනවද? ..  මගේ ෆ්ලයිට් එක තියෙන්නේ හෙට.."

-" කරන්න දෙයක් නෑ.. පිට වුල්ෆ්ලා අපි පැක් එක ඇතුලේ තියාගන්නේ නෑ.. ටවුන් එකට ගිහින් හොටෙල් එකක් හොයාගන්න.. "

මම කිව්වේ හැරෙන්නේ නැතුවම දොරෙන් එලියට යන ගමන්..

මේ බේටා නම් මහ කරදරයක්.. 

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now