3 වෙනි සැරේටත් අශ්වයාගේ පිටින් වැටුනු යොන් දිහා බල බල වීනු හිනාවුනාම මම රවලා වීනුගේ ඔලුවට එකක් ගැහුවා..
වීනු අත ගගා මගේ දිහාට හැරුනේ මූන ඇබුල් කරගෙන..
-" ගහන්නේ.. මම පෙනුමෙන් බාල උනාට මම ඔයාට වඩා ගොඩාඩාආආක් වැඩිමල්.."
-" ඒත් මම ඇල්ෆා.."
-" මොලයක් නැති ඇල්ෆා.. මගේ බලේ තිබුනනම් ඔය මොලේට හරියන්න ඇගත් මීයෙක්ගේ වගේ චූටි කරලා දානවා.. "
වීනු මූනත් ඇබුල් කරගෙන හැමදාම වාදනය කරන ' මට බලේ තිබුනනම් ' තැටිය වාදනය කලා.. වීනු හැමදාම ඔය කතාව කිව්වත් එයාගේ බලේ නැතිඋනේ කොහොමද කියලා මම දැනන් හිටියේ නෑ..
-" ඇත්තටම බලේට මොකද උනේ.. "
ආයෙත් වැටුනු යොන් දිහා බලාගෙන හිනාවෙන වීනු ගෙන් මම ඇහුවම එයාගේ හිනා මූන එකපාරටම වෙනස් උනා.. දුක පෙනුමක් තිබුනේ..
-" බලේ තියනවා තැනක.. ඒක පරිස්සම් කරලා තියනවා කෙනෙක් එනකම්.. "
-" ඒ කිව්වේ.. "
මම සම්පූර්ණයෙන් වීනුගෙ දිහා හැරුනත් වීනු මගේ ඇස් මග ඇරලා ඉස්සරහා බලා ගත්තා..
-" මන් පස්සේ කියන්නම්.. වෙලාව ආවම.. "
වීනු එහෙම කිව්වම මම ඔලුව වනලා ආයෙම ඉස්සරහා බැලුවේ ආයේ අශ්වයගේ පිටේ නගින්න යොන්ගේ දිහා..
යොන් ඇල්ෆා කෙනෙක් වගේම දැනට පැක් එකේ ඉන්න හොදම හෝස් රයිඩර් උනත් අලුතෙන් ගෙනාපු කැලෑ අශ්වයා කන්ට්රෝල් කරගන්න තාම එයාටත් බැරි උනා..
කැලෙන් අල්ලගෙන ආපු තනි කලු අශ්වයට මම දාපු නම ශැඩෝ.. පැක් එකට අලුත් නිසාම කාටවත් එයාගේ පිටට නගින්න ශැඩෝ ඉඩ දුන්නේ නෑ.. යොන් සතියක් තිස්සේ උත්සාහ කරත් ශැඩෝ යොන්ට එයාව අල්ලන්න වත් දුන්නේ නැති එක ගැන හැමෝම යොන්ට විහිලු කර කරයි හිටියේ..
යොන් ආයෙම වැටුනම වීනු මගේ දිහාත් බලලා කට අතින් වහගෙන ආයෙම හිනාවුනා.. මම වීනු දිහා නොබලා ඉස්සරහා බලාගෙනම මගේ හිතේ තියන දේ කියන්න හිතුවේ වීනුගේ ප්රතිචාරේ දැනගෙනමයි..