2 කොටස

1.6K 453 20
                                    

කල්පනා කර කරම බ්‍රේස්ලට් එක කරකව හිටපු මම ගැස්සුනේ ඔෆිස් එකේ දොර ඇරෙන සද්දෙට.. ඒත් එක්කම මගේ නහයට දැනුනේ මින්ට් චොක්ලට් සුවදක්.. මගේ රට් එක කාලෙට මම පෙරේතියක් වගේ කන මින්ට් චොක්ලට්.. තොලත් ලෙව කන ගමන් ඇරුනු දොර දිහා බැලුවම දොරෙන් ඇතුලට ආවේ උස කියුට් කොල්ලෙක්.. මාව දැක්ක ගමන් එයාගේ ඇස් කහ පාටින් දිලිසුනා.. මටත් තේරුනා මගේ ඇස් වලත් පාට වෙනස් උනු බව..

මේට්.. එයා මගේ ෆේටඩ් මේට්.. චොක්ලට් මේට්.. මගේ.. මගේ..

මගේ ඇතුලේ ඉන්න වෘකයා පිස්සුවෙන් වගේ කියවන්න ගත්තම මම පුටුවේ කෙලින් වෙලා වාඩි උනේ උඩ ඉදන් පහලට මගේ මේට්ගේ දිහා බලන ගමන්.. එයාව ලග තියන බිත්තියට තල්ලු කරලා මින්ට් චොක්ලට් සුවද හිතේ හැටියට ඉව කරන්න එන ආසාව මම දත්මිටි කන ගමන් අමාරුවෙන් නතර කර ගත්තා..

එයාගේ කොන්ඩේ සෑන්ඩ් බ්ලොන්ඩ් වලට හුරු බ්‍රවුන් පාටක් තිබුනේ.. ලස්සන ඇස් දෙකක් එක්ක හීනි තොල් දෙකක්.. සුදු හම, හීනී බෙල්ල දිගේ මම මගේ ඇස් හිමීට අරන් ගියා..

බෙල්ල.. එයාව මාක් කරන්න.. මාක් කරන්න.. මගේ.. මගේ මේට්.. 

මගේ ඇතුලේ ඉන්න වෘකයා දිගින් දිගටම කෑ ගහද්දී මම අත මිට මොලවගෙන වෘකයාව යටපත් කර ගත්තේ තව සැරයක් මින්ට් චොක්ලට් සුවද ලොකු හුස්මකින් මගේ නහය ඇතුලට ගන්න ගමන්..

මම මේ සේරම කරන අතරේ මගේ මේට් හිටියේ ගල් වෙලා වගේ දොර ගාවම හිටගෙන මගේ දිහා බලාගෙන.. ඇගේ හැටියට නම් එයා ඇල්ෆා කෙනෙක් වෙන්න බෑ.. ඔමේගා කෙනෙක් නම් එයා මගේ සුවද මේ වෙනකොටත් අදුරගෙන.. ඒ කියන්නේ එයා බේටා කෙනෙක්.. බේටාලට ෆෙරමෝන සුවද දැනෙන්නේ නැති නිසා එයාට මගේ සුවද තාම දැනෙන්නේ නැතුව ඇති..

ගල්වෙලා මගේ දිහා බලන් ඉන්න එයත් එක පාරටම නහය නටව නටව ඉව අල්ලනවා වගේ මම දැක්කා.. ඊට පස්සේ එයාට හිනාවක් ගියා.. එයාගේ තොල් බොක්ස් එකක් වගේ උනා.. මම හිතන්නේ එයත් මම එයාගේ මේට් කියලා අදුරගත්තද කොහෙද?

-" ඔයා.. මගේ මේට් නේද? "

මම ඔලුව වනලා පුටුව පෙන්නුවම එයා මගේ ලගට ඇවිත් පුටුවෙන් වාඩි උනේ ඒ හිනාවෙන්මයි.. ඒත් මම හිනාවක් නැති මූනෙන් එයාගේ දිහා බැලුවා..

-" ඔයා ඔමේගා කෙනෙක්ද?"

එයාගේ ඇස් කහ උනු නිසා එයා බේටා කෙනෙක් බව දැන දැනම මම එයාගෙන් ඇහුවේ පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන.. ඇත්තටම එයා ඔමේගා කෙනෙක් වගේ ලස්සනයි .. ඒත් මම එහෙම අහපු ගමන් එයාගේ මූන වෙනස් උනා..

-" ඇයි මම කෙල්ලෙක් වගේද පේන්නේ.. මම බේටා කෙනෙක්.. පැක් එකේ ඇල්ෆා ඇරෙන්න දෙවනියට ශක්තිමත් මම.. "

එයා කිව්වේ පොඩි ආඩම්බරයක් මූනට අරගෙන.. ඒ ආඩම්බරෙන්ම එයා ආයේ කතා කරන්න ගත්තා..

-" කෝ ඔයාලගේ ඇල්ෆා.. මම ආවේ ඇල්ෆාගේ පනිවිඩේකට.. "

එයා එහෙම අහපුවම නම් මට හිනාවක් ගියා.. ඒ කියන්නේ එයා මගේ ඇස් වල පාට වෙනස් වෙනවා දැකලා නෑ..
මම අත් දෙක මේසෙ උඩට අරගෙන ඒක උඩින් මගේ මූන තියන ගමන් ඇස් දෙක නටවලා එයාගේ ඇස් දිහා බැලුවා..

-" ඔයා බලන් ඉන්නේ ඇල්ෆා දිහා තමයි.. "

මම එහෙම කිව්වම ඒ ඇස් ගැස්සුනා..

-" ඔහ්.. මම හිතුවා ඔයා ඔමේගා කෙනෙක් කියලා.. "

ඔන්න ඉතිම් ට්‍රිපිකල් පිරිමි.. ගෑනු සේරම ඔමේගලා කියලා හිතාගෙන ඉන්නේ.. මම හිතින් බනින ගමන් පෙට්ටිය අරගෙන මේසේ උඩින් තියලා බේස්ලට් එක ඊට උඩින් තිබ්බා..

-" නම්ජූන් ඔප්පා කෝල් කරා මේක දෙන්න කියලා.. යුන්ගි ඔප්පව මතක් කරා කියන්න.. "

මම එහෙම කියන ගමන් නැගිට්ටේ ඔෆිස් එකෙන් එලියට යන්න හිතාගෙන.. ඒත් ටේයොන් බ්‍රේස්ලට් එක ගන්නේ නැතුවම දඩබඩ ගාලා නැගිට්ටා..

-" ඒත්.. ඔයා.. මගේ මේට්.. "

-" ඔහ්.. නවත්තගන්න මිස්ට බේටා.. අපි බ්ලැක් වුල්ෆ්ලා.. කවදාවත් අපි අපේ ෆේටඩ් මේට්ව මාක් කරන්නේ නෑ.. අනික මම ඇල්ෆා කෙනෙක්.. නිකම්ම නිකම් බේටා කෙනෙක්ව මාක් කරාවි කියලා හිතනවද? ඔයා ගිහින් ඔයා කැමති ඔමේගා කෙනෙක්ව මාක් කරගන්න.. "

මම තරහින් කියලා එතනින් නැගිටලා ආවේ ටේයෝන් ගල් ගැහිලා එතන හිටගෙන ඉදිද්දිමයි..

පිරිමි සේරම එකයි.. හැමෝටම ඕන අහිංසක ඔමේගලා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now