ඔෆිස් එකට ආවත් මගේ හිතට සැනසීමක් දැනුනේ නෑ.. මම අත් දෙකෙන්ම මූන වහගෙන ඉවරයක් නැති මට තියන ප්රශ්න ගැන කල්පනා කරා..
උදේ සිද්ද උනු සිදුවීම නිසා ගැස්සුනු හිත තාම පාලනය වෙලා තිබුනේ නෑ.. මගේ මේට්.. එයාගේ කකුල වටේ තිබුනු රතු හිම.. එයා හපාගෙන හිටපු තොල්.. එයාගේ කදුලු පිරුනු ඇස් දෙක.. මට දිගින් දිගටම මැවි මැවි පේන්නේ ඇයිද මන්දා..
-" ආහ්... දැන් මේක ඇති.. "
මම කෑ ගහලා මගේ ඔෆිස් මේසෙ තිබුනු බඩු ටික සේරම බිමට විසික් කරා.. මේක නම් දැන් මහ වදයක්.. මගේ ජීවිත කාලේ මම ඕනතරම් මගේ යාලුවෝ නෑයො තුවාල වෙනවා දැකලා තියනවා.. ඒත් ඇයි මේක විතරක් මගේ හිතට මෙච්චර වද දෙන්නේ..
-" මේ මොකක්ද මේ උනේ.. ඔෆිස් එක ඇතුලට කුනාටුවක් ආවද? "
මම ගැස්සිලා ගියේ වීනුගේ සද්දෙට.. එයා හිටියේ බිම විසිරිලා තිබුනු බඩු ටික දිහා බල බල..
මම එයාට මොකුත් නොකියා මයින්ඩ් ලින්ක් එකෙන් යූනාව සම්බන්ධ කර ගත්තා..
-" යූනා.. "
-" ඔව්.. හෙඩ් ඇල්ෆා.."
-" මගේ ඔෆිස් එක පොඩ්ඩක් අස් කරවගන්න ඕන.. තව ටිකකින් එන්න.. "
-" හරි ඇල්ෆා.. "
මම කතා කරන අතරේ වීනු කොල පෑන් උඩින් පැන පැන මගේ මේසෙ ගාවට ඇවිත් එයාගේ අතේ තිබුනු පාර්සල් එක මේසෙ උඩින් තියලා මගේ ඉස්සරහින් වාඩි උනා.. ඒකෙන් ආවේ කෑම සුවදක්..
බේටා ගැන විස්තර අහන්න හිතුනත් මම කතාවක් නැතුවම පාර්සලේ තිබුනු චොප්ස්ටික් අතට ගත්තා..
-" ඔයාගේ මේට් දැනටම පැක් එකේ කෙල්ලො අතර සෑහෙන්න ජනප්රියයි.. වෙද ගෙදර එයාගේ සාත්තුවට කෙල්ලෝ පිරිලා.. "
එක පාරටම චරස් ගාලා සද්දයක් එක්ක වේදනාවක් දැනුනා.. මම ගැස්සිලා මගේ අත දිහා බැලුවම තමයි දැක්කේ චොප්ස්ටික් එක මගේ අතට තද වෙලා කෑලි කෑලි වලට කැඩිලා තියනවා..
-" ඔච්චර ඉරිසියයි නම් ගිහින් ඒ කොල්ලා බලල එන්න.. තියන තරහ චොප්ස්ටික් පිටින් යවන්නේ නැතුව.."