පිටිපස්සෙන් ආපු වීනුත් ටිකක් වෙලා බේටා දිහා බලාගෙන ඉදලා ඇවිත් කාර් එක ඉස්සරහින් නැග්ගේ හිනාවෙවී..
-" අතින් අල්ලලා ඔහොම හිනාවෙනවනම් කිස් එකක් එහෙම දුන්නොත් පෙරලි පෙරලි හිනාවෙයි.. "
වීනු එහෙම කිව්වේ පිටිපස්ස හැරිලා මගේ දිහා බලන ගමන්..
-" එක්කෝ කිස් එකක් දෙනෝකෝ.. මට බලන්න ආසයි.. "
-" විකාරද? "
මම වීනුට රවන ගමන් කාර් එකෙන් එලියට ඔලුව දැම්මා..
-" මේ.. බේටා.. හිනාවෙලා ඉවරනම් යමුද? පරක්කු වෙනවා.."
මම තරහින් කියලා ආයෙම ඉස්සරහා බලාගත්තා.. බේටා ඇවිත් ඉස්සරහින් නැගලා මිරර් එක හැදුවේ ඒකෙන් මගේ මූණ පේන විදියට.. එයා හිටියේ තාමත් හිනා වෙන ගමන්..
-" ඒක කරේ මම නෙවෙයි.. මගේ ඇල්ෆා.. වැරදියට හිතන්න එපා.. "
මම එහෙම කියලා කාර් එකෙන් එලිය බැලුවේ බේටා කාර් එක ස්ටාර්ට් කරද්දී..
-" මට ප්රශ්න ගොඩාක් තියනවා.. ජියාගේ ඔම්මත් මායාකාරියක්ද? ඇයි එයා අනිත් බ්ලැක් වුල්ෆ්ලත් එක්ක ඉන්නේ ? මොකක්ද බෙහෙතක් ගැන කිව්වේ? අර අනිත් ඇල්ෆා කව්ද? "
බේටා ප්රශ්න අහගෙන අහගෙන යන අතරේ වීනු මගේ දිහා හැරිලා බැලුවේ ඒවට උත්තර දෙන්නද අහන්න වගේ.. මම හා කියන්න යන්තම් ඔලුව වනලා පාර බලන්න ගත්තා..
-" ජියාගේ ඔම්මා ඊප්.. මායාකාරියක්.. ඒත් එයා සම්පූර්ණයෙන් මායාකාරියක් නෙවෙයි.. එයාගේ අප්පා මනුස්සයෙක්.. "
-" එයා මායාකාරියක් විදියට බලවත් කෙනෙක් නොවුනට එයාට සුලු සුලු මායාවන් කරන්න පුලුවන්.. ඒ වගේම එයාට විශේශ හැකියාවක් තියනවා.. "
වීනු මෙච්චර වෙලා කියපු දේවල් වලට එච්චර අවදානයක් නොදුන්නා උනාට එයා අන්තිම ටික කියනකොට නම් මම හැරිලා වීනුගේ දිහා බැලුවේ පුදුමෙන්..
වීනුත් ඒක දැනිලා වගේ හැරිලා මගේ දිහා බැලුවා..-" ඔයාගේ ඔම්මට කෙනෙක්ගේ අතීතය බලන්න පුලුවන්.. "
-" වාහ්හ්හ්.. මාර බලයක්නේ.. "