UJ POV
අද ට්‍රිප් එකේ අන්තිම දවස.....
අපි මෙහෙ ගිහින් ආපහු එන ගමන් ඉන්නේ දැන් .....ට්‍රිප් එකේ අන්තිම ටික හින්දා අපි වටේට තිබ්බ කැමරා වලට විවේකයක් දුන්නේ අපිටත් නිදහසේ කතා කරන්න ඕනේ නිසාමයි...
අපි හිටිය බෝට්ටුවේ තිබ්බ ටබ්ලෙ එකක් වටේට අපි කට්ටිය ඉද ගත්තා...අපි කීවේ බිටිස් එකෙ කට්ටියයි , මමයි , විකීයි , අක්කයි......
කොල්ලෝ ටික සෝජු බීවත් කෙල්ලො බීවෙ නැත්තේ එහෙම බොන එක හරිත නෑනේ ඒකයි...
හිස් වෙච්ච බොතලයක් අතට අරගෙන මේසේ උඩින් හරහට තියල...
ජිමින් : අපි TRUTH OR DARE කරමු....
UJ: මටත් ආසයි කරල බලන්න මම කරලම නෑ..
නම්ජුන් : එහෙනම් හැමෝම කරමු..ජිමින් ඕක කරකවන්න..
UJ: ආදුනිකයන්ගේ වාසනාව ...
මම එහෙම කීවෙ මට ප්‍රශ්න අහන්න චාන්ස් එක හම්බවුන හින්දා.....
UJ: හ්ම්ම්ම්ම්..... යුන්ගි ඔප්පා ..... TRUTH OR DARE
යුන්ගි : TRUTH
UJ :ඔයා ආදරය කරන කෙනාගේ නම කියන්න...?
යුන්ගිගේ උගුර කට වේලිලා ගියා... අනිත් කට්ටියත් යුන්ගි දිහා කන්න වගේ බලාගෙන..
UJ: ඔයා මම දහයට ගනන් කරන්න කලින් කීවේ නැත්නම් DARE එක හැමොටම..
ජිමින් : එහෙම බෑ එයා හින්දා අපිට DARE දෙන්න බෑ
UJ: බය වෙන්න එපා ඒක දරුනු නෑ..... 9....10 DARE එක තමා මගෙන් ඔප්පල හය දෙනාට කම්මුලට කිස් එකක්
කියගෙනම මම හය දෙනාටම කිස් දීලා ඉද ගත්තා....රව්මක් ගිහින් ඉදගන්න එද්දී ගිනි කන්ද ඇක්ටිවේට් වෙලා... මෙයාට මොකට කේන්ති යනවද මන්දා...? ඔන්න විකී ඔහොම වැඩක් කරල කේන්ති ගත්තනම් කමක් නැ හුටා එයාගේ හ්යුන්ග්ල කිස් කරපු හින්දද දන්නේ නෑ ඔච්චර කේන්ති... ශේප් එකේ මරු වෙන්න ඕනේ...
ජුන්ග්කුක් : විකී ... ඔයා කාටහරි ආදරේ කරනව ද ...?
විකී : ඔව්..
මම ඒකට පුදුම නොවුනේ එයා ජුන්ග්කුක් කැමති කියලා මම මෙහෙට එන්න කලින් එයා ඒක මට කීව නිසාමයි....
ජින් : හසි....අපි හැමෝගෙන්ම හැන්ඩ්සම් කවුද..?
ඇහුවේ ප්‍රශ්නයක් ඉදල ඉදල .... දීපියකො උත්තර දැන් අක්කේ...
අක්කා : ඔයා තමයි ඉතින්...
V : Uj ... TRUTH OR DARE
UJ: DARE ගමුනේ හැමෝගෙම truth අහලා එපා වෙලත් ඇති නේ
වි: ජුන්ග්කුක්ට LIP කිස් එකක් දෙන්න .....
මගෙ කෙල ගිලේන්නෙත් නෑ..... මට දැන් තේරෙනව යුන්ගි ඔප්පාට කොහොම දැනෙන්න ඇතිද කියල කලින්... කරපු හොද පස්සෙන් පන්නනවා කියන්නේ මේක තමා...ජුන්ග්කුක්ගේ බැල්මට බයත් හිතෙනවා ......
V : එහෙම නැත්නම්....
V: සොජු බෝතල් දෙකක් බොන්න ඕනේ...එක හුස්මට..........මොකද කියන්නේ සෝජුද ? ජුන්ග්කුක්ද? ....අහ්...?
අමාරුවෙන් රැකගෙන ඉන්න සිල්පද ටික කඩන්නනේ මුට ඕන වෙලා තියෙන්නේ......දෙයියනේ මම මොකද කරන්නේ දැන්...?
JK POV
ජුන්ග්කුක්: හ්යුන්ග්ලව කිස් කරල මෙතන ... මම ඔයාට හොද වැඩක් කරනව ...
මට චාන්ස් එක ආපුවහම මම විකීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එයා මට ඕනේ උත්තර දෙයි කියලා හිතලා... ඒත් මම ප්‍රශ්නේ ඇහුවේ වැරදියට කියලා මට තේරුනේ පස්සේ...මක් කරන්නද....?
ඔහොම යද්දී විය හ්යුන්ග් ට දුන්න DARE එක අහල මම ශොක් වුනත් මම ..... අනෙ මන්ද....මෙයා කොහොමත් මට කිස් එකක් දෙන්නෙ නෑ කියල මම දන්නවා....හැබැයි සොජු බොන්න කීවමනම් කෙල්ල පොඩ්ඩක් ගැස්සුනා... දැනට මම එයා ගැන දන්න විඩියටනම් කෙල්ල බොන ජාතියේ කෙනෙක් නෙමේ...මට එතකොට පොඩි බලාපොරත්තුවක් ආවරණය හිතට කෙල්ල මාව කිස් කරයි කියලා ඒත් මම ඒ අදහස අතැරියේ කෙල්ල මලත් එහෙම කරන්නේ නෑ කියල මට හිතුන නිසා....හැබැයි හිතුවෙවත් නැති දෙයක් උනේ ... මට හිතුනේ ඒ හින්දා මගේ හුස්ම හිරවෙලා ඇස් දෙකත් එලියට පනී කියලා........
-----------------------------------------------------------------
ඔයාල හිතන්නේ කෙල්ල මොකක් තෝරගන්න ඇතිද ...?
සෝජුද....? ජුන්ග්කුක් ද....?
කතාව කියවල හොදනම් වෝට් එකක් දාගෙනම යන්න...
අඩුපාඩු තියෙනවනම් කියන්න...(typing mistakes available)
~•~ Realmeiuj~•~
YOU ARE READING
Uj In The Hybe With Bts
FanfictionBts සංගීත කණ්ඩායම සමගාමීව නව සංගීත වීඩීයෝව නිකුත් කිරීමට කටයුතු කරන Uj නම් තරුණියකගේ ජිවිතයේ එම කටයුතු අතර ඇති වෙන හැරවුම් ලක්ෂයක් ගැන ලියවෙන කතා අන්දරයකි . Started date 2021/06/14 End date 2021/07/21