එදින රාත්‍රී අහස ලන් වන්ග්ජිගේ වස්ත්‍ර මත වුණු තීන්ත බිඳුවක් මෙන් අඳුරු විය. අහසෙහි වූ අලංකාර වටකුරු ගෝලයක් බඳු වූ චන්ද්‍රයා ඔහු සිට ගෙන සිටින විට ඔහුගේ රිදීමය හිසකෙස් රඳවනය* මත සාමකාමී අන්දමින් පිළිබිඹු විය. ඉතා මෘදු වූ හැමීමකින් යුතුවූ සුළඟ ගසක පත්‍ර වටා සිදු කළ රංගනයෙන් ප්‍රාණවත් වුණු එම පත්‍රයන් සුළඟේ ගමන් ලතාව අනුගමනය කළෙන් ඒවායින් සිහින් කෙඳුරුම් හඬක් පිටවිය. පත්‍ර වටා කළ රැඟුමෙන් අනතුරුව සුළං රටා කිසිදු ශබ්දයකින් තොරවම ඔහුගේ කාලවර්ණ, දිගු කෙස් කළඹ වටා එතී කෙහෙරැලි මදක් වැනීමට පත් කළේය.
එම ගස ජිංශියේ සිට එතරම් දුරකින් නොතිබුණද ඔහුට ඊට ළඟාවීමට අවශ්‍ය විට, ඔහුට දිගු කාලයක් ඇවිදීමට උවමනා බවක් හැඟුණි. ලන් වන්ග්ජි පියාගත් දෑස් සහිතව එය පාමුල සිටගත්තේය. ඔහු ඔහුවම සහ ඒ පුද්ගලයා වටා පමණක් අයාලේ යන ඔහුගේ අවිවේකී සිත සන්සුන් කරගැනීමට උත්සහ කළේය. ඉන් ඔහුගේ පපුව දැවීමකට ලක්විය. ඔහු තමා සතු බලයෙන් ඔහුව ආරක්ෂා කරගැනීමට සියලු දේ කර තිබුණි. ඔහු තම මාමණ්ඩිය සමග අසිපත් හරස් කරගෙන පවා තිබුණි. කුඩා කල සිටම ගූසු ලන් වංශයෙහි අභිමානය ලෙස හැඳින්වුණු ලන් වන්ග්ජි පිළිබඳ ඔහුගේ මාමණ්ඩිය දැඩි සේ ආඩම්බරයට පත්විය. ඔහුට ඔහු කෙරෙහිම විරුද්ධතාවයක් හටගත්තේ ඒ පුද්ගලයා බේරාගැනීමට නොහැකි වූ නිසාවෙනි.
ලන් වන්ග්ජි බිචෙනය* බිමට පතිත වීමට ඉඩහැරියේය. ඔහුට ඔහුගේ කෝපය වළකාගැනීමට තම මනස සන්සුන් කරගැනීමට සිදු විය. ඔහු ආශ්වාස කළ විට ඔහුට ඔහුගේ මුහුණෙහි සිසිල් සුළං රැලි ගැටෙන බව දැනුණි. සුළඟ තවත් වරක් හැමුවේය. ඔහු ජිංශිය බලා පිටත් වන විට ප්‍රමාද ව තිබුණි. ඔහු රාත්‍රී නවය පසුවී තවත් වරක් අවදි වී සිට තිබුණි. පසු ගිය සතියේ මෙන් ඔහුගේ මාමා මේ පිළිබඳව සොයාගතහොත්, ලන් වන්ග්ජිට දරුණු දඬුවමකින් ගැලවීම විශ්වාසයෙන්ම අසීරු වනු ඇත. ඔහු බිචෙනය අතට ගැනීමට දණ ගසත්ම, ඔහුගේ පසුපස වේදනාවෙන් ඇදුම් කෑවේය. ඔහුගේ තුවාල සම්පූර්ණයෙන් ම සුව නොවී තිබුණු අතර ලන් වන්ග්ජිගේ ක්‍රියාව, ඒවායින් නැවත රුධිරය වහනය වීමට බලපෑම් කර තිබුණි. මනා සිහියකින් යුතු වූ ඔහු බිචෙනය තණබිස්සෙන් ඔසවා රැගෙන, ජිංශිය වෙත පියමැන්නේය.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.