"හන්ගුවාන්ග්-ජුන්“
“ශිෂුයි“ වෙයි වූෂියෑන් පිළිතුරු දුන් අතර ඔවුහු තිදෙනාම ඔවුන්ගේ අවි පහත හෙළුහ. පඳුර පිටුපස සිට ලන් ශිෂුයි ඔවුන් ඉදිරියට පැමිණි අතර මෙහොතකට පසුව ලන් ජින්ග්යි, ජින් ලින්ග් සහ ගූසුලන් නිකායේ අනුගාමික ශිෂ්‍යයෝ කිහිපදෙනෙක් ඔහු පසුපස ඇදී ආහ.
“හන්ගුවාන්ග්-ජුන්, මට සමාවෙන්න“
අනෙක් ශිෂ්‍ය පිරිස ලන් වන්ග්ජි වෙත ආචාර කරන අතර ලන් ශිෂුයි තෙවරක්ම ඔහුට ආචාර කළේ ය.“ජ්‍යෙෂ්ඨ වෙයි“ සිසු පිරිස තම ආචාරය වෙයි වූෂියෑන් වෙත ද දැක්වූහ.
“ඔබ හැමෝම නිශා දඩයමට සහභාගී වෙනව ද? අපිත් එකතු වන්න ද?“ වෙයි වූෂියෑන් විමසුවේ ය.
ලන් ශිෂුයිගේ මුහුණ එළිය වූ අතර ඔහු එකඟතාවයෙන් හිස සෙලෙව්වේ ය.
“කෙහේටද?“ වෙයි වූෂියෑන් යළි විමසුවේ ය.
“අපි හිතුවේ කන්දේ තියෙන ගුහාවට යන්න, මොකද ගමේ මිනිස්සු ඒක සම්බන්ධයෙන් ගොඩක් කාලයක් පැමිණිලි කරලා තියෙනවා.“ ජින් ලින්ග් සංවාදයට එක් වුණේ ය.
“අපිත් එතෙනටම තමා යන්න හැදුවේ. එහෙනම් අපි යමු.“ ඔහු ආපිට හැරුණු අතර ලන් වන්ග්ජි සහ අනෙක් ශිෂ්‍ය පිරිස ඔහුව අනුගමනය කළහ.
පුද්ගලයෙකුගේ හඬක් ඇසෙන විට ඔවුන් ඇවිදීම අරඹා වැඩි වේලාවක් ගත නොවුණ අතර ඔවුන් පිරිස මුණගැසුණු ස්ථානයෙන් එතරම් දුරක් පැමිණ ද නොතිබුණි.
“ජින් ලින්ග්“
‘ජියැන්ග් චෙන්ග්‘ වෙයි වූෂියෑන් සිතුවේ ය.
“මාමා“ ජින් ලින්ග් ශිෂ්‍ය පිරිස අතර සිට ඉදිරියට ඇවිද ගොස් හඬ ආ දිශාව වෙතට ගමන් කළේ ය.
“ජින් ලින්ග්, ඔබ කී වතාවක් මේ සතිය ඇතුළත හොරෙන් පැනලා ගියා ද? ඔබ ලන්ලින්ග්වලිනුයි යුන්මෙන්ග්වලිනුයි ඈත ගූසුවට පවා ඇවිල්ලා. ඇයි ඔබට මට ඇහුම්කන් දෙන්න බැරි?“ කියමින් ජියැන්ග් චෙන්ග් වනය අතරින් මතු වුණේ ය.
“මාමේ, මං.....“
“කටවහගන්න, අපි ආයෙත් යනවා. ආයෙත් පාරක් හොරෙන් එන්නකො, මං ඔබේ කකුල් කඩනවා.“ ඔහු ජින් ලින්ග්ගේ අතෙන් අල්ලාගෙන ඔහුව කන්දේ පහළට ඇද ගෙන යාමට උත්සාහ කළේ ය.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.