තාරුණ්‍යයේ කෙඳිරුම් #6

182 30 3
                                    

ලන් වන්ග්ජි සිය මාමණ්ඩියගේ කුටියේ ද්වාරයට තට්ටු කළේ ය. ඔහු අවසරය ලද වරම ඔහු එම බරැති ද්වාරය විවර කොට ඇතුළු වුණේ ය. ඔහුගේ මාමණ්ඩිය තේ පිළිගන්වමින් මේසය පිටුපස ඔහුගේ සුපුරුදු ස්ථානයෙහි හිඳගෙන සිටියේ ය. ලන් වන්ග්ජි ඔහුට ආචාර කළේ ය. ලන් චිරන් ඔහු වෙත ක්ෂණික බැල්මක් හෙළා තේ බඳුන මේසය මත තබමින් ඔහුගේ ඉරියව්ව සකසා ගනිමින් ඇරඹුවේ ය, “වන්ග්ජි“ ඔහුගේ කටහඬ සෑමවිටෙකම වාගේ උස් සහ දැඩි විය. “මා හට දැනගන්නට ලැබුණා ඔබේ හුදෙකලාව සාමකාමී අන්දමින් ගෙවුණු බව.“ ඔහු තේ කුසලානය* ඔහුගේ අත්ලට ගත්තේ ය. “මම නිවැරදි ද?“

“එහෙමයි, මාමණ්ඩි“ ලන් වන්ග්ජි සිය මාමණ්ඩියගේ දෑස් දෙස සෘජුව බලා සිටිමින්ම ප්‍රතිචාර දැක්වූවේ ය.

“එලෙසින් ම මා අපේක්ෂා කරනවා මාහට ඔබට දණ්ඩනයක් ලබාදීමට සිදු වූ හේතුව ඔබ වටහාගත් බව.“  

“එහෙමයි, මාමණ්ඩි“ ලන් වන්ග්ජි සිය මාමණ්ඩියගේ දෑස්වලින් සිය දෑස් ඉවතට ගැනීමට එඩිතර නොවීය.

“වඩාත් හොඳයි. ඔබට දැන් පිටවෙන්න පුළුවන්“ ලන් චිරන් තේ කුසලානය සිය දෙතොල් වෙතට ගෙන ගොස් උගුරක් පානය කළේ ය. ලන් වන්ග්ජි ඔහුගේ ආචාරය හිස නැවීමෙන් පළ කළ අතර ද්වාරය දෙසට ගමන් කළේ ය. ඔහු ද්වාරය විවර කළ මෙහොතේදී ම ලන් චිරන් “ඕ, වන්ග්ජි, අර ඔබ රැගෙන පැමිණි පිරිමි ළමයා වෙන් යුවාන්.“ ඔහු විරාමයක් තැබුවේ ය. “ඔහුට හොඳින් උගන්වන්න.“

“එහෙමයි, මාමණ්ඩි“ ලන් වන්ග්ජි නැවත හිස නැවූ අතර පිටතට පැමිණි පසු ඔහු පසුපසින් ද්වාරය වසාළුවේ ය.

ලන් වන්ග්ජි ආ යුවාන්ට ඉගැන්වීම සම්පූර්ණයෙන්ම තම වගකීමක් බව දැන සිටියේය. කෙසේවෙතත් ඔහුව රැගෙන පැමිණි පුද්ගලයා ඔහු විය.

නමුත් ඔහු එය ඇරඹිය යුත්තේ කොහි සිටද? ඔහුට ජිංශිය පිරිසිදු කිරීමට තිබූ අතර ඔහුට ආ යුවාන් පිළිබඳව දැනගැනීමට බොහෝ දෑ තිබුණි. ආ යුවාන්ට ඒ වනවිටත් ලේඛනයේ මුලික කරුණු උගන්වා තිබේ ද? ඔහුට ඉගැන්වීමට තරම් උනන්දු වූ අයෙක් සිටියේ ද?

ඔහු හන්ෂිය වෙත දිවගිය මාවතෙහි ඇවිද ගියේය. ඔහුට ලන් ශිචෙන්ට කතාකිරීමට තිබුණි. කෙසේවෙතත් ඔවුන් එකිනෙකා මාස ගණනකින් දැක නොතිබුණි.

“අයියණ්ඩි“ ලන් වන්ග්ජි හන්ෂියෙහි ද්වාරයට තට්ටු කළේ ය.

“වන්ග්ජි, ඇතුළට පැමිණෙන්න“ ලන් ශිචෙන් ඔහුගේ ඇමතුමට ප්‍රතිචාර දැක්වූවේ ය. ඔහු හන්ෂිය තුළට ඇතුළු වූවේ ය. ආකෘතියෙන් සහ සැරසුම්වලින් එය ජිංශියෙන් එතරම්ම වෙනස් වුණේ නැත. එය සියල්ලටම වඩා වලා අසපුවෙහි වූ සෑම කුටියකටම සහ ගොඩනැගිල්ලකටම යොදාගැනුණු ගූසුලන් නිකායෙහි ශෛලිය විය.

ලන් වන්ග්ජි ලන් ශිචෙන්ව අනුගමනය කරමින් ඇතුළට පිවිසි අතර ඔවුහු දෙදෙනා මේසය වටා වූ කුසින* මත හිඳ ගත්තේය. “අයියණ්ඩි“ ඔහු ඇරඹුවේ ය. “මම ආ යුවාන් පිළිබඳ දැන ගැනීමට කැමතියි.“

*කුසින - Cushion

All credits of the story must be go to @arielbluecastle

The Untamed - One Shots (Completed)Where stories live. Discover now