ඔහු සම්පූර්ණයෙන්ම භීතිය දනවන ආකාරයේ දසුනක් දෙස සිටගත් වනම බලා සිටියේය. ඔහු ඔවුන්ව අවසාන වරට දකින විට ඔවුන් ගණනින් දහයක් පමණ විය. දැන් ගණනින් පනහක් පමණ වූ ඔවුහු එහා මෙහා පනිමින්, ඔහු ඉදිරියේ ආහාර ගනිමින් සිටියහ. ඔවුන් සියලු දෙනා ශ්වේත පැහැ වූ අතර එය වලාකුළු අහස් ගැබෙන් පොළොවට පතිතව ඒවාට ජීවය ලැබුණාක් මෙනි. මෙය උද්‍යානයේ එක් පසක් පමණක් වූ අතර ඇතැම්විට මෙහි සිටිනවාක් මෙන් රැසක් අනෙක් පස ද සිටිනවා විය හැක. ඔහු ඔවුන් දෙසට ඇවිද ගියේය. ඔවුන්ව රැක බලාගෙන තිබුණේ කවුරුන් විය හැකි ද? ඒ ලන් ශිචෙන් ද? ලන් වන්ග්ජිට වෙනත් අයෙක් පිළිබඳව සිතා ගත නොහැකි විය. ඔහු පහළට නැවී, බිචෙනය තණබිස්ස මත තබා සාවෙක්ව අතට ගත්තේ ය. කුඩා ජීවියා අවිවේකී විය. ඌ ලන් වන්ග්ජිට පාදයෙන් පහර දුන් අතර තම උපරිමයෙන් ඔහුගෙන් මිදීයාමට උත්සාහ කළේය. ඌ ඔහුව හඳුනා නො ගත්තේ ය. ලන් වන්ග්ජි ඌ බිමින් තබා වටාපිටාව දෙස බැලුවේ ය. ඔහු තම දෑස් යොමු කළ සෑම ස්ථානයකම පාහේ ඔහුට සාවුන් කිහිපදෙනෙකු දැක ගත හැකි විය. ඔහු බිචෙනය පොළොවෙන් ඉහළට ඔසවාගෙන, ඔහුගේ වස්ත්‍ර පිසදමා උද්‍යානය වෙතට ගමන් කළේ ය.
ස්වල්ප වේලාවකින් ඔහු ඔහුට බෙහෙවින් ම දැකීමට ඇවැසිවූ ස්ථානයට ළඟාවිය. වෙයි වූෂියෑන්ගේ ප්‍රියතම ස්ථානය. එය එතරම් සුවිශේෂී නො වීය, සත්‍ය වශයෙන්ම එය වෘක්ෂයන්ගේ සිසිල් සෙවණෙහි තිබූ විශාල පර්වතයක් විය. වෙයි වූෂියෑන් වලා අසපුවෙහි අධ්‍යනය කටයුතු සිදු කරන කාලයෙහි ලන් වන්ග්ජි සහ වෙයි වූෂියෑන් එතරම් කතාබහ සිදු නොකළ නමුත් යමෙක්ට වෙයි වූෂියෑන් මෙම ස්ථානයට රුචි බව අනුමාන කිරීම දුෂ්කර නොවූයේ ඔහු සෑමවිටකම පාහේ මෙහි හිඳ ගෙන සිටි නිසාවෙනි. ඔහුව සෙවීමට ඇවැසි සෑම විටෙකම එය ඇරඹිය යුතු හොඳම ස්ථානය මෙය විය. පසුකාලීනව ලන් වන්ග්ජි සහජයෙන්ම එය දැන සිටියේ ය. කෙසේ හෝ ඔහු වෙයි වූෂියෑන්ගේ චරිතය එතරම් සිතීමකින් තොරවම වටහා ගැනීමේ හැකියාව ලබා ගත්තේ ය.
ලන් වන්ග්ජි පර්වතය දෙසට ළඟාවත් ම සාවුන් රැසගෙන් බැහැරව ඔහු යමක් දුටුවේ ය. ශ්වේත වස්ත්‍ර දරාගත් කුඩා පුද්ගලයෙක් ඒ පර්වතය මත හිඳ ගෙන සිටියේ ය. ලන් වන්ග්ජි මදක් ළං වූවේ ය. දරුවා සාවකු තම උකුලෙහි තබාගෙන ඌට සිහින් හඬින් කතාකරමින් සිටියේ ය. ඔහු පර්වතය ඉදිරියට ඇවිද පැමිණි පසු අවසානයේ දී දරුවා ඔහුව දුටුවේ ය.
“අයියණ්ඩි?“ දරුවා විමසුවේ ය.
“ඔබ කවුරුන් ද?“ලන් වන්ග්ජි පිළිතුරු නොදුන්නේ ය. ඔහු පිරිමි දරුවා දෙස නෙත් යොමා සිටියා පමණි. ඔහු හුරුපුරුදු පෙනුමක් දරන්නේ කෙසේ ද? ගූසු ලන් නිකාය මෙතරම් කුඩා අවදියේදී අනුගාමිකයන්ට අවසර දෙන්නේ කවදා සිට ද? පිරිමි ළමයා ගූසුලන් නිකායේ නළල් පීත්ත පටිය පවා පැළඳ සිටී. නමුත් ඔහු ගූසුලන් නිකායෙහි රුධිර බන්ධනයක් නොමැත්තෙක් බව සංකේතවත් කිරීමට ඔහු පැළඳ සිටින පීත්ත පටියෙහි ඇත්තේ ගොතන ලද වලාකුළකි.
එය විය හැකිද.....“ආ යුවාන්?“
All credits of the story must be go to @arielbluecastle
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.