පසුදා උදෑසන ලන් වන්ග්ජි සුපුරුදු ලෙස වෙයි වූෂියෑන්ට පෙර අවදි විය. ඔහු ඒ වනවිටත් සාවන්ට ආහාර ලබා දී තිබුණු අතර ජිංශිය පිරීසිදු කිරීම ද හමාර ව තිබූ නිසා ඉන්පසු වෙයි වූෂියෑන්ව අවදි කරවීම සිදු කළේය.
“වෙයි යින්ග්, උදෑසන වෙලා. නැගිටින්න.” ඔහු යහන මත ඔහු අසල හිඳ ගෙන ඔහුගේ හිසකෙස් සෙනෙහසින් යුතුව පිරිමැද්දේය.
“ලන් චන්, දැන් වේලාව කීයද?” ඔහු සිනාසුණේය.
“පෙරවරු එකොළහත් වෙලා” ලන් වන්ග්ජිගේ දෙතොල් මෘදු සිනහවක් බවට පරිවර්තනය විය. ඔහු සිය අත වෙයි වූෂියෑන්ගේ අත වටා යවා එය තදින් ග්‍රහණය කළේය. ලන් වන්ග්ජි නැගිට ඔහු වෙත ඔහුගේ වස්ත්‍ර රැගෙන ආ අතර වෙයි වූෂියෑන් හිඳ ගෙන සෙමෙන් සෙමෙන් වස්ත්‍ර හැඳ ගත්තේය.
“ලන් චන්, ඊයේ මං කොච්චර මත්පැන් පානය කළාද?” වෙයි වූෂියෑන් සිය හිස අතින් අල්ලා ගෙන සිටින අතර විමසුවේය.
“ඔබයි ජියැන්ග් චෙන්ග්යි ගොඩක් මත්පැන් පානය කළා.”“ඔහ්..... ඔව්, ජියැන්ග් චෙන්ග් ගූසුවලින් දැනටමත් පිටත් වෙලාද?” ජියැන්ග් චෙන්ග් පිළිබඳ වෙයි වූෂියෑන්ට සිහිපත් කළ වහාම ඔහුට තම හිසේ රුදාව පිළිබඳව අමතක විය. නමුත් ලන් වන්ග්ජිගේ පසින් කිසිදු පිළිතුරක් නොවිය. ඔහුගේ තම බැල්ම පහත හෙළුවා පමණි.
“ලන් චන්“ වෙයි වූෂියෑන් තවමත් සිටියේ යහන මත හිඳ ගෙනය. තවමත් සිය දෑස්වලින් පහත බලා සිටි ලන් වන්ග්ජි දෙස බැලීමට ඔහු තම හිස එසෙව්වේය. “ලන් චන්, ජියැන්ග් චෙන්ග්ට යමක් සිද්ධ වුණාද?” ලන් වන්ග්ජි එතෙකුදු පිළිතුරු නොදුන්නේය. ඔහු වෙයි වූෂියෑන්ගේ දෑස් දෙස බැලුවා පමණි. වෙයි වූෂියෑන් නැගී සිට අනෙකා ඉදිරියට ඇවිද ආවේය. “ලන් චන්, මට කියන්න.” ඔහු ලන් චන්ගේ අත අල්ලා ගත්තේය.
“ජියැන්ග් වන්යින්.” ලන් වන්ග්ජි වෙයි වූෂියෑන්ගේ දෑස් දෙස සෘජුව බැලුවේය. “ඔහු කිව්වා ඔහු අතීතයේදී ඔහු ඔහුගේ රන් හරය අහිමි කරගත්තේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන් බව.”
වෙයි වූෂියෑන්ගේ දෑස් පළල්ව විවර විය. ඔහු ලන් වන්ග්ජිගේ අත අතහැර, පියවරක් පසුපසට තැබුවේය.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.