“ජින්ග්යි!” ලන් සජුයි ඔහුට බැණ වැදුණේ ය. “අපට අපේ පැවරුම් අවසන් කරන්න තියෙනවා.”
“නමුත් මට අලසයි!” ලන් ජින්ග්යි කෑගැසුවේ ය.
“නිශ්ශබ්දතාවය රකින්න!” ලන් ජින්ග්යි ගූසුලන් නිකායට සම්බන්ධව මාස සයක් පසුව තිබුණි. ඔහු සියලුදෙනා සමගම නිසිව හැසිරෙමින් සිටි අතර විශේෂයෙන්ම ලන් සජුයි සමග. කෙසේවෙතත් ඔහු විවිධ ආකාරයන්ගෙන් හික්මෙමින් ගෞරවණීය අන්දමින් සිටිය ද ලන් ඇදුරුතුමා ඔහු කෙරෙහි මෙම හේතුව නිසාවෙන් හෝ අනෙකක් නිසාවෙන් හෝ කෝපයෙන් පසු විය. ලන් ජින්ග්යි නීති බිඳීමට කැමැත්තෙන් පසු විය. ඔහු මහ හඩින් යුතුවීමෙන්, රාත්‍රියේ දී පිටතට යෑමෙන්, ගංගාව වෙත පිවිසීමෙන් හෝ ලන් ඇදුරුතුමාව කෝපයෙන් වියරු වැට්ටීමට ඔහුගේ උපරිම හැකියාව යොදාගැනීමට ප්‍රිය කළේ ය. ඒ දේශන අතරතුර විහිළු තහළු කරමින් ද නැතිනම් පාඩම් කටයුතු නොකරමින් ද කෙසේ හෝ ලන් ජින්ග්යි ලන් ඇදුරුතුමාව කෝපගැන්වීමට සැමදිනෙකම සමත් වූයේ ය. එය මාස සයක් පමණක් වූ අතර ඒ වනවිටත් ලන් ජින්ග්යි අනෙක් සෑම නිකායික ශිෂ්‍යයන්ට වඩා වැඩියෙන් නීති පාරායනය කළ තැනැත්තා විය. නමුත් ඔහුට නීති පාරායනය කිරීමට සිදු වීම ලන් ජින්ග්යිට ගැටලුවක් වීද? ඔහුට එසේ කිරීමට පැවරුණු විට ඔහු එසේ සිදු කළේ ය, නමුත් මාසයක් හෝ දෙකක් ගත වූ විට ඔහු එය අත්හැර දැමූ අතර පාරායනය කරන බවට කළ රැවටීම ද නැවැත්වූයේ ය. ලන් ඇදුරුතුමා ඔහු වෙත තව තවත් පාරායනයන් ලබා දෙත්ම තම ශිෂ්‍යයා තමාට අවනත නොවීම පිළිබඳ ඔහු කෝපයෙන් පසුවිය.
“සජුයි” ලන් ජින්ග්යි ඔහුට නොවත්වා සිහින් හඬකින් අමතමින් සිටියේ ය. “අපි සාවුන් බලන්න යමු! අපිට පැවරුම් පහුවෙලා අවසන් කරන්න හැකියි.....”
ලන් සජුයි ඔහු වෙත ඇස් කොනින් බලා, “ඔබ පසුව පාඩම් කටයුතු සිදු කරන බවට දෙන පොරොන්දුව සුරකිනවා නම් පමණක්.” යි පැවසුවේ ය.
“මම පොරොන්දු වෙනවා!” ලන් ජින්ග්යි අහස දෙසට ඇඟිලි තුනක් එසවූවේ ය.
ඔවුහු එක්ව වලා අසපුව පසුපස වූ කඳු පෙදෙස දෙසට ඇවිද ගියේ ය. ලන් ජින්ග්යි කඳු මුදුනෙහි සිටින සාවුන් දුටු විගස ඔහු ඔවුන් දෙසට වූ තම ගමන වේගවත් කළේ ඔහු ඊට දෝෂාරෝපණ ලබාවි යන්න දැන සිටි හෙයින් දිවීමෙන් වැළකෙමිනි.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.