ඔහු අවසන් වූ වහාම ජිංශියේ දොරටුවට තට්ටු කරමින් සිටියේ ය.
ක්ෂණයකට පසු ලන් වන්ග්ජි ජිංශියේ පිවිසුම් දොරටුව විවර කොට ගුචිනය අතෙහි දරාගෙන කුටියෙන් පිටවූයේ ය. ඔවුන් ග්‍රන්ථ මණ්ඩපය දෙසට ගමන් කළහ. වලා අසපුව තුළ දිවි ගෙවූ වසර ගණන මුළුල්ල තුළදී ලන් සජුයි එකදු වරක් හෝ ජිංශිය වෙත පිවිස නොතිබුණි. ඔහු, සේවූ ජුන් සහ ලන් ප්‍රධානීතුමා හැරුණු කොට කිසිවකුට එහි පිවිසීමට ලන් වන්ග්ජි විසින් අවසර ලබා දී නොතිබුණි. ලන් ජින්ග්යි දිනක් විහිළු සහගත ලෙස පවසා සිටියේ ඔහු යමෙකු විසින් හන්ගුවාන්ග්-ජුන්ව වලා අසපුවෙන් පිටතට කැඳවිය හැකි නම් කැමති බවයි, මන්ද යත් එවිට ඔහුට එම කුටිය තුළට හොර රහසේ ඇතුළු විය හැකි නිසාවෙනි.ලන් වන්ග්ජි ගබඩාව වෙත පිවිස වෙනත් ගුචිනයක් පිටතට රැගෙන පැමිණියේ ය. ඔවුන් එකිනෙකාට පසෙකින් වනසේ කුසින මත හිඳ ගෙන ප්‍රථම අභ්‍යාසය ඇරඹූහ. ලන් සජුයිට සංගීත කියවීම් පිටු සමග එම කොටස් ඉගෙනීමට පහසු වේවියැයි සිතූ ලන් වන්ග්ජි කාලය අපතේ නොයවමින් ආත්මයන් සමග සමගාමීව කටයුතු කිරීමෙහි මූලික කොටස් ඇරඹීය.
“ ‘ඔබ කවුරුන් ද?’ සහ ‘ඔබව ඝාතනය කළේ කවුරුන් ද?’ යනු ආත්මයන් සමග කටයුතු කිරීමේදී භාවිත කරන පහසුම සහ බහුලවම පැනයන් ද්විත්වය”යි පැවසූ ලන් වන්ග්ජි වාද්‍ය භාණ්ඩය මඟින් එය වාදනය කරන්නේ කෙසේද යන්න ලන් සජුයිට දක්වාලීම ඇරඹුවේ ය. ඔහුගේ උපකල්පනය නිවැරදි විය. ලන් සජුයි සංගීතය ක්ෂණයකින් උගෙනගත් දීප්තිමත් සිසුවෙක් විය. සති දෙකක් ඇතුළත ලන් සජුයි වාදනය කරන අතරතුර ස්ථායී නාදයක් නිපදවා ගැනීමට හැකියාව ලබා තිබූ අතර ඒ වනවිටත් පැන දසයක් පමණ පුහුණු වීම සිදු කොට තිබුණි. එයට පසුව ලන් වන්ග්ජි ලන් සජුයිව සුසානයකට රැගෙන ගියේ ය. එය සිසුවකුට ආත්මයන් සමග කටයුතු කිරීම උගෙනීමට පැවති අනතුරුදායක නොවූ සහ යෝග්‍යම ක්‍රමය විය. පළමුවෙන් ලන් සජුයිට ආත්මයක් කැඳවීමට නොහැකි විය. සුසානයකදී ආත්මයක් සොයාගත නොහැකි වීම තරමක් අස්වාභාවිත තත්ත්වයක් දැරූ අතර ඔහු සිදු කරන අයුත්ත කුමක්දැයි ලන් සජුයි නොදැන සිටියේ ය.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.