“ජින්ග්යි” ලන් සජුයි නිහැඬියැව බින්දේ ය. “මම කාව්‍යයක් සොයාගත්තා.”
“මටත් බලන්න දෙන්න.” ලන් ජින්ග්යි ඔහුගේ කුසිනය ලන් සජුයිගේ කුසිනය දෙසට චලනය කොට අනෙකාගේ උරහිස පසුපසින් එය මහ හඬින් කියවීම ඇරඹුවේ ය:
“මම සාගරයට පතිත ව ඇත්තෙමි
කුඩා වායු බුබුළු ඒවා ඉහළ නැගෙත්ම දිදුලයි
සූර්යයා ඔවුන් අතරින් ගමන් කරයි
ඔවුන් පෘෂ්ඨය මත පරාවර්තනය වෙයි.මම සාගරය ඉහළින් සිටිය දී
මාහට පියාසර කිරීමට හැකියාව තිබියදී
ඔබ මාත් සමග මෙහි සිටියදී
මම එය පිළිබඳ කෘතඥනොවුණෙමිමැග්නෝලියා ලජ්ජාවෙන් විකසිත වීමට පූර්වයෙන්
සහ මම අවසාන ස්වරය වාදනය කිරීමට පූර්වයෙන්
සූර්යයා නැගීමට බොහෝ කලකට පූර්වව
අපි අපගේ අවසාන ආශ්වාසයන් ගත්තෙමුකවුරුන්ද දැනසිටියේ කිසිදිනක සාගරය අපගේ සතුරා වේවි යි
කවුරුන්ද දැනසිටියේ එය දැඩිව හුදකලා වේවි යි
එකදු ලෙසක හෝ මම නොදැන සිටියෙමි”ලන් ජින්ග්යි ඔහු එය කියවා අවසානයේ කරදරයට පත් පෙනුමක් දැරීය. “මට වැටහුණේ නැහැ.” ඔහු පැවසුවේ ය. “අපි සොයමින් සිටින දෙයට මෙය අදාළ වෙන්නේ කෙසේ ද? හන්ගුවාන්ග්-ජුන් ඔබ කුමක් ද සිතන්නේ?”
“ජින්ග්යි!”ලන් සජුයි ඔහුට දෝෂාරෝපණය කළේ ය. “අපි මෙම පැවරුම සිදු කරන්න අවශ්‍ය අප විසින්මයි. හන්ගුවාන්-ජුන් මෙහි සිටින්නේ අපට උපකාර කිරීමට නෙවේ.”
“හරි, මට තේරුණා.” ලන් ජින්ග්යි දෙබැම හකුළමින් ඔහු කියවමින් සිටි පුස්තකය වෙතට අවධානය යොමු කළේ ය.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanficThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.