ඔවුන් දෙදෙනා එක් පසෙකත් ජියැන්ග් චෙන්ග් අනෙක් පසත් වන සේ ඔවුහු එක් මේසයක හිඳගත්හ. ඔවුන් අතර කතාබහක් නොතිබුණු අතර ජියැන්ග් චෙන්ග් ඔවුන් දෙස ගැඹුරු බැල්මක් හෙළා ගෙන සිටියේය, නමුත් මත්පැන් බඳුන් ඔවුන්ගේ මේසය වෙත පිළිගැන්වුණු පසු ඔවුන්ගේ කතාබහ, අවම වශයෙන් ජියැන්ග් චෙන්ගේ කතාව ඇරඹුණේ මත්පැන්වල බලපෑම හේතුවෙන්.“ඇයි ඔබ කනිෂ්ඨ පිරිසත් එක්ක නිශා දඩයමට සහභාගී වුණේ?“ ජියැන්ග් චෙන්ග් ඒ වන විටත් අධිරජ සිනහව බඳුන් තුනක් හිස් කර තිබුණි.
“හිතාමතාම නෙවෙයි, අපි එකිනෙකා මුණගැහුණේ අහම්බෙන්.“ වෙයි වූෂියෑන්ගේ මත්පැන්වල බලපෑම දරාගැනීමේ හැකියාව ජියැන්ග් චෙන්ග්ට වඩා ඉහළ වුණත් ඒ අවස්ථාවේදී ඔහුටද මත්පැන්වල බලපෑම දැනෙන මොහොත උදා වී තිබුණි.
“වෙ.....“ හි කෙඳිරූ ජියැන්ග් චෙන්ග් තවත් මත්පැන් වීදුරුවක් වත් කර ගත්තේය. “වෙයි වූෂියෑන්, ඔබ දන්නවා නම් ඔබ දැන හිටියා නම් ඔබගේ නැවත පැමිණීමෙන් පස්සේ වගා ලෝකයේ අය කියන දේවල්...“ ජියැන්ග් චෙන්ග් ඒ වන විට හොඳටම මත්වී හමාරය.
“ආ... මං දන්නවා.“ වෙයි වූෂියෑන් ද හොඳටම මත් වී සිටියේය. “මං ගැනයි ලන් චන් ගැනයි.....“යි පැවසූ ඔහු අතෙහි වූ වීදුරුව පහතට කර, ලන් වන්ග්ජි දෙස බැලුවේය. ඉන්පසු සිනාසුණු ඔහු “මං දන්නවා“ යි එක් කරමින් නැවතත් මත්පැන් ස්වල්පයක් මුවෙහි ලා ගත්තේය.
ජියැන්ග් චෙන්ග්ගෙන් පිළිතුරක් නොමැති විය. වෙයි වූෂියෑන් ඔහුගේ බටනලාව මේසය මතින් ගෙන එය අතෙහි තබා ගෙන වාදනය කළේය. “ජියැන්ග් චෙන්ග්, ඔබ දන්නවා මට කාලෙකින් චෙන්චිනය වාදනය කරන්න හැකි වුණේ නැහැ. අද ඒක කරන්න හොඳ අවස්ථාවක්.“ ඔහු නැවත වරක් පානය කළේය.
“නමුත් මම ඔබට ඒ ගැන දෝෂාරෝපණය කරන්නේ නැහැ.“ ඔහු ජියැන්ග් චෙන්ග් දෙසට බටනලාව දිගු කළේය. ජියැන්ග් චෙන්ග්ගේ දෑස් ඒ මත ඇලවුණි. වෙයි වූෂියෑන් කුමන චලනයක් ඒ මගින් සිදු කළත් ජියැන්ග් චෙන්ග්ගේ දෑස් එය අනුගමනය කළේය. ජියැන්ග් චෙන්ග් ඔහුගේ හිස සොලවා තවත් මත්පැන් වීදුරුවක් පානය කළේය.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanficThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.