ලන් වන්ග්ජිගේ මතකයේ ඔහු ලන් සජුයි සොයාගත් අවස්ථාව තවමත් රැඳී ඇත. එදිනයන් පිළිබඳ ඔහු සතුවූ මතකයන් බිඳී ගිය ඒවා වුව ඔහුගේ මතකය තුළට එමින් සහ යමින් පවතින කුඩා මතකයන් වුව ඔහු තවමත් මතකයට නගා ගත හැක. එකල ඔහු කස පහර තුන්තිසක ප්‍රථම දණ්ඩනය ලබා අවසන ඔහුට දිනය පුරාම යහන මත වැතිර සිටීමට පමණක් හැකි විය. ඔහුට සැතපීම හැරෙන්නට වෙනත් සිදු කිරීමට ඇවැසි මානසික සවිය තිබුණ ද ඔහු බරපතල අන්දමින් තුවාලවලට ලක් වී තිබුණි. ඔහුට මද ලෙසින් අවදිව සිටිමට හැකි වන අන්දමටම බරපතල ව තුවාලව. ඔහුගේ රුධිරයෙන් ඇද ඇතිරිලි සලකුණු තබා තිබූ අතර ඔහු නොගැඹුරු විලක පිහිනමින් සිටින අන්දමක් දැනුණි.
කනිෂ්ඨයන් යීලිං කුලදෙටුවාගේ මරණය සමරනු සවන් පත් විගසම ලන් වන්ග්ජි ඔහුගේ සිරුරේ ශේෂව පැවති සියලු සවිය එක්රැස් කොටගත්තේ ඔහුගේ හැඟුම්වල වූ වේදනාව ඔහුගේ සිරුරේ වූ වේදනාව අභිබවා ගොස් එය නොපෙනී යන තත්ත්වයකට ලක් කළාක් මෙනි. ඔහු ගමනකට කැමත්තෙන් සිටියේ වුවත් සහ ඔහු මියගොස් ද යන්නට සියැසින්ම දැක ගැනීමට ඔහු මුළු හදින්ම පැතුව ද ලන් වන්ග්ජිගේ සිරුරට ඔහුට අවනත වීමට නොහැකි විය. එය ලන් වන්ග්ජි දුහුල් වාතයෙන් සැකසී ඇති බවක් සහ එයට පැවතීමට නිශ්චිත හේතුවක් නොමැති අන්දමක් පළ කළේ ය. ඔහු සිරුරක් ලැබීමට බලපෑම් කර ඇති හුදකලා පැවැත්මක් සහිත දෙයක් අන්දමක් දිස් විය, පැවැත්මට උපකාරයක් නොවන අන්දමේ දුර්වල සිරුරක්, එහි පවතින ආත්මය සමග කිසිදු සහයෝගයක් නොපවතින අන්දමේ සිරුරක්. නමුත් ලන් වන්ග්ජි මුරණ්ඩු ස්වභාවයක් දැරීය. චලනය වීමේ අපහසුතාවය සහ හිසේ සිට පාදාන්තය දක්වා දවාලන ඔහුගේ නිර්නාමික සිරුර පෙළන වේදනාව නොසලකා හරිමින් ඔහු භූමදාන කඳුවැටිය වෙත ඇවිද ගොස් ගුහාවට පිවිසියේ ය. වෙයි වූෂියෑන්ගේ මරණය පිළිබඳ පුවත පැතිර ගොස් කොපමණ කල් ගතව ඇත් ද යන්න ඔහු නොදැන සිටියේ ය. දිනක් වීද, සතියක් වීද, ඔහු නොදැන සිටියේ ය. ඔහු දැන සිටියේ ඔහු ඔහුව සොයා ගැනිමේ දැඩි අපේක්ෂාවෙන් පසු වන බව පමණි, ඔහුට ඔහුව සොයා ගැනීමට ඇවැසි විය.
ගුහාව තුළ ධූමයක ගන්ධය ඔහු වටා එල්ලී තිබෙමින් ඔහුව කරකැවිල්ලකට පත් කළේය. ඔහු තමාව ගුහාවේ පවුරක් මත සෘජුව තබා ගත් අතර වටා පෙදෙස දෙස පැහැදිලිව බැලුවේ ය. සියලු දේ දවා හළු කොට තිබුණි. පවුරු මත වූ පාෂාණ පවා කාල වර්ණිත විය. ලන් වන්ග්ජිගේ හදවත වේගයෙන් ගැසුණි. ඔහු පියවරක් පසුපසට ගත් නමුදු ඔහුගේ දණහිස් භූමිය වෙත ඇදී යනු දැනෙන්නාක් සමගම ඔහු වේදනාවෙන් කෙඳිරි ගෑවේ ය. ඔහුගේ විවර වූ වණයන්ගෙන් වස්ත්‍ර හරහා රුධිරය ගලා ගොස් බිඳෙන් බිඳ භූමියට පතිත වනු ඔහුට දැනිණි. ඔහු සිටගෙන සිටීමට උපකාරයක් ලෙස බිචෙනය යොදා ගත්තේ ය. ඔහුව අසිපත විසින් භූමියට විරුද්ධව ඉහළ දෙසට එසවුණු කල ඔහුගේ මාංශ පේෂීන් විසල්ව විවර වුණු අතර ඔහුගේ වණයන් ඉරී විවර වුණි. ඔහු පහතට පතිත වුණි. ඔහුගේ බරැති සහ කෙටි ආශ්වාසයන් ගුහාවේ පවුරු තුළ දෝංකාර දෙන්නට විය.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.