තාරුණ්‍යයේ කෙඳිරුම් #13

158 29 2
                                    

වසන්තය සෙමෙන් සරත් කාලය සමග මුසු වෙමින් පැවත, සරත් කාලය තම ස්ථානය සිසිරයට ලබා දුන්නේ ය. ලන් වන්ග්ජි නැවත නිශා දඩයම ඇරඹුවේ ය. ඔහු සිය අසිපත මාස කිහිපයකට පෙර අතට ගෙන ඊට හුරුව ඔහුගේ හැකියාවන් නැවත ඔප්නංවා ගෙන තිබුණි. කුසලතා පිරි අත්දැකීම් සහිත වගාවේදීන් කිහිපදෙනෙකු සමග නිශා දඩයම් කිහිපයකට සහභාගී වීමෙන් පසු යමක් නිවැරදි නොවන බව ඔහු නිරීක්ෂණය කළේ ය. ඔහු වගාවේදීන් හා එක්ව රාක්ෂයින් මරා දමමින් සිටිය ද සෑම රැයකම ඔහුට යමක් අමතක වී ඇති බව හැඟුණේ ය . ඒ ඔහුගේ කාර්ය සටහනේ අදිසි තීන්තකින් ඔහුට කියවිය නොහැකි යමක් ලියා තිබෙන්නාක් මෙනි. ඔහු තවදුරටත් වගාවේදියෙකු වීම අයුතු වේ ද, ඔහුට ඔහුව පවත්වා ගැනීමට වෙනත් යමක් සොයාගැනීමට සිදු වේද යන්න පිළිබඳ ඔහු මවිත වූයේ ය. නමුත් ඔහු ඒ පිළිබඳ ව  දැඩිව සිතත්ම ඔහු වෙයි වූෂියෑන්ගේ පිළිණය පිළිබඳ සිතත්ම නිශා දඩයම ඊට ඔහුගේ මනසෙහි පහළ වුණු අදිසි හුයකින් සම්බන්ධව ඇති  බවක් පළ ක‌ළේ ය.

මම, වෙයි වූෂියෑන්, හිංසනය වැළකීමටත් දුර්වලයින්ට උපකාර කිරීමටත් පසුතැවිල්ලකින් තොර ජීවත් වීමටත් ප්‍රාර්ථනා කරමි.”

වෙයි වූෂියෑන් සත්‍ය ලෙසින්ම ඔහුගේ පොරොන්දුව උදෙසා අවසානය තෙක් දිවි ගෙවා තිබුණි. නොවේ ද? අනෙක් ආකාරයට ලන් වන්ග්ජිට හැකිවුණේ තමා සමගම රාත්‍රියේ දී පසුතැවිලි වීමට, අන් අයකුට උපකාර කිරීමට ඔහුට කෙතරම් අවස්ථාවන් පැමිණිය ද ඔහු එලෙස කිරීමට හැකියාව තිබුණ ද එලෙස නොකිරීම පිළිබඳ පසුතැවිලි වීමට ය. තවදුරටත් ඔහුට නිශා දඩයම පිළිබඳ කිසිදු සන්තෘෂ්ටියක් නොදැනීමට ඇතැම්විට මෙය හේතුවක් විය හැක. ලන් වන්ග්ජි ඔහු තවමත් නිශා දඩයමට ප්‍රිය බව දැන සිටිය අතර ඔහු එය නිවැරදි අයුරින් සිදු නොකරන බව ඔහුට හැඟුණි. ඔහු වගාවේදීන් සමග වූ මාවතෙන් වෙන්ව ඔහුගේම මාවතක් නිර්මාණය කර ගැනීමට තීරණය කළේ ය . යහපත් මාවතක්. ඔහුගේ නිකායෙහි ආදර්ශය සේම. ඔහු ගමන් කරාවි ඔහුට ඇසුණුවිට කොහේ හෝ ගැටලුවක් ඇති බව, දුප්පතුන්ට උපකාර කර කිසිවක් නොපතාම, දුර්වලයින්ට ගැටලු නිර්මාණය කරන අමනුෂ්‍යයන් ඝාතනය කරාවි. ඔහු නිශා දඩයමෙහි බෙහෙවින් දූරස්ථ පෙදෙස්වල යෙදෙන විට, ඔහු වගාවේදියකු වීමට ගැළපේ යැයි බෙහෙවින් ඔහු සිතන විට, ඔහු උපකාර කිරීමෙන් බෙහෙවින් සතුටු වන විට, සියල්ලටම වඩා වෙයි වූෂියෑන්  ඔහට වඩාත් ආසන්න බව ඔහුට හැඟිණි.

“වන්ග්ජි” ලන් ශිචෙන් ලන් වන්ග්ජිට හසුනක් ලබා දෙමින් එක් උදෑසනක ආ යුවාන්ගේ ඉගැන්වීම්වලට බාධා කළේ ය. “ආ යාවෝගේ පුතාගේ පළමු මස් සැමරුමට අප දෙදෙනාටම ඇරයුම් කර තිබෙනවා.”

ලන් වන්ග්ජි හසුන ගෙන එය කියවූවේ ය.

“නිකායික භෝජනෝත්සවය සතියකින් පැවැත්වෙනවා.” ලන් ශිචෙන් ඊට එක් කළේ ය.

“හන්ගුවාන්-ජුන්ටයි සේවූ ජුන්ටයි ගූසුවලින් පිට වෙන්න වෙනවා ද?” ආ යුවාන් විමසුවේ ය.

“ම්න්”

“මගේ පාඩම් වැඩ ගැන පිළිබඳ කුමක්ද කරන්නේ?”

“මම ඔබට කරන්න වැඩ ටිකක් පවරනවා.” ලන් වන්ග්ජි ඔහුව අස්වැසුවේ ය.

ලන් වන්ග්ජි ඔහු හුදකලාව සිටින විට දිගු කලකට පෙර සිට ජින් ගුවන්ග්ශාන්ගේ මරණය පිළිබඳ දැනුවත් ව සිටියේ ය. ඔහු ඒ ආකාරයෙන් සිතීමට නොකැමති වුවත් ජින් ගුවන්ග්ශාන් ඇතැම්විට ඔහු වයසින් මහලු වූවද එතෙකුදු කාන්තාවන් වෙත පිවිසීම සිදු කොට ගෙන ඔහුගේ සෞඛ්‍යය පිරීහී ගිය ජීවන මට්ටම හේතුවෙන් මරණයට පත් වන්නට ඇති බව ඔහු දැන සිටියේ ය.

All credits of the story must be go to @arielbluecastle

The Untamed - One Shots (Completed)Where stories live. Discover now