තාරුණ්‍යයේ කෙඳිරුම් #15

162 24 7
                                    

හන්ගුවාන්-ජුන්!” යමෙක් ඔහුව ඇමතුවේ ය. “ඔබ කොහේද යන්නේ? සැමරුම තවම අවසන් නැහැ.”

ලන් වන්ග්ජි පිළිතුරු නොදුන්නේ ය. ඔහු ප්‍රධාන ශාලාවේ පිටත දොරටුව වෙත ගමන් කළා පමණි.

“හන්ගුවාන්-ජුන්.” සු ශ'* ඔහු ඉදිරියට ගමන් කොට ඔහු තව පියවරක් ඉදිරියට ගැනීම වැළැක්වූවේ ය. “ඔබ ශේෂ්ඨ බව සිතමින් ඔබ ඔබේ ඔය මුහුණ නිසාවෙන් අනෙක් අය නොසලකා හරිමින් සිටිනවා. ඇයි ඔබ ඔතරම් හදිසියෙන්? අපේ තිබෙන වැරැද්ද කුමක් ද? අපි යහපත් බව ප්‍රමාණවත් නොමැති ද?”

ලන් වන්ග්ජි සු ශ'ගේ මත් වූ මුහුණ දෙස බලා සිටි අතර ඔහුගේ කම්මුල් මත්පැන් නිසාවෙන් රත් පැහැ ගැන්වී තිබුණි.

“අපි දැන සිටි ඒ පුද්ගලයාම ද ඔබ?” සු ශ' ආරම්භ කළේ ය. අනෙක් සහභාගී වී සිටි පිරිස එය අනුමත කරමින් හිස් වැනූහ. “ඔබේ දඬුවමින් පසු ඔබ පෙරට වඩා වඩා උසස් සහ ශක්තිමත් වෙලා. ඔබ නිශා දඩයම සිදු කරපු වගාවේදීන්ව පවා ඔබ හෙළා කොට දන්වනවා. ඔබ හිතන්නේ ඔබ කවුරු කියලා ද ?”   

“නිකායික ප්‍රධානී සු.” ලන් ශිචෙන් ඔහුට බාධා කළේ ය. “මම විස්වාස කරනවා වන්ග්ජි ඔබව කෝප ගන්වන්න කිසිදු යමක් නොකළ බව, ඇයි ඔබ ඔහුට මේ අන්දමින් පහර එල්ල කරන්නේ?”

“නිකාය ප්‍රධානී ලන්.” සු ශ' ලන් ශිචෙන්ට මුහුණ දීමට හැරුණේ ය. “අමතක වූ ආකාරයට රඟපාන්න එපා. හන්ගුවාන්-ජුන්ගේ ආකල්ප වෙනස් වී ඇති බව ඔබට නිරීක්ෂණය නොවීම සිතා ගත නොහැක්කක්. ඔහු දැන් අවංක ලෙසක් දක්වමින් හැසිරෙනවා සහ ව්‍යාකූල බවක් ඇතිවන ස්ථානයකටම යනවා.” අනෙක් සහභාගී සිටින්නවුන් වෙතින් මිමිණීම් රැල්ලක් පැමිණියේ ය. “මට විස්වාසයි, හන්ගුවාන්-ජුන්, ඔබ මේ කුටියට ඇතුළු වෙද්දී සියල්ලන් මා සමග එකඟ වුණු බව ඔබට ඇසුණ බව, පසුගිය මාස පහේදීම ඔබ කළේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීම් පසුපස ගිය එක, ඔබ හිතනව ද ඔබ---“ සු ශ' සහ ලන් වන්ග්ජි සිටගෙන සිටි ලන් ශිචෙන්ට මුහුණ දීමට හැරුණහ.

“නිකාය ප්‍රධානී සූ.” ලන් ශිචෙන් පැවසුවේ ය. “මම හිතනවා ඔබ සීමාව ඉක්මවා ගිය බව.” නමුත් සූ ශ'ට පිළිතුරු දීමට නොහැකි වූයේ ලන් ශිචෙන්ගේ මුනිවත් මන්ත්‍රයෙන්* ඔහුව නිහඬ කොට තිබූ නිසාවෙනි.

The Untamed - One Shots (Completed)Where stories live. Discover now