දහවල ඉතා වේගයෙන් පැමිණි අතර ලන් වන්ග්ජිට හිරු බැස ගෙන යමින් තිබූ බව නිරීක්ෂණය නොවීය. ඔහු කුඩා මාවත ඔස්සේ ගමන් කර ජිංශිය වෙත ළඟාවී එහි ද්වාරය විවර කොට ඇතුළු වූවේ ය. ඔහු බිචෙනය යහන මත තිබීමට ඉඩහැරි අතර අවම වශයෙන් මේසයෙහි හා පොළොවෙහි වූ දුහුවිලි පිස දැමීමට රෙදි කඩක් ගැනීමට කටයුතු කළේ ය. මෙම කාර්යය අවසන් වූ වහාම වස්ත්‍ර රඳවන කුටිය* විවර කළ ඔහු පවිත්‍ර වූ ඇඳ ඇතිරිලි කිහිපයක් ඉවතට ගෙන ඔහුගේ යහන සැකසුවේ ය. ඔහු වේලාව පිරික්සුවේ ය. වේලාව පස්වරු සත විය. එය සැතපීමට දැඩි සේ වේලාසන වුව ද ඔහු ජිංශියේ අනෙක් කොටස් පිරිසිදු කිරීමට නොහැකි පමණට වෙහෙස වී සිටියේය. ඔහු බිචෙනය ගෙන සාවුන් වෙතට ගමන් කළේ ය. ඔහු කන්දෙහි මුදුනට ළඟා වූ පසු කුඩා සාවුන් නැවත මතුවූ අතර පනහක් පමණ වූ කුඩා ජීවීහු ඔහුගේ දෑස් ඉදිරියේ එහා මෙහා පනිමින් සිටියහ. ලන් වන්ග්ජිට ඔවුන් හා යළි මිතුරු වීමට ඇවැසි විය. සියල්ලට ප්‍රථම ඔහු ඔවුන්ගේ හිමිකරු විය. ආ යුවාන් පෙර සිදුකළ ආකාරයෙන් ඔහුට ඔවුන්ගෙන් අයෙකුව නැවත ඔහුගේ උකුල මත තබාගනිමින් ඌව හෝරා ගණනක් මුළුල්ලේ සුරතල් කිරීමට ඇවැසි විය.
“අයියණ්ඩි!“ ආ යුවාන් කන්ද පහළට දිව ආවේ ය. “අයියණ්ඩි, ඔබත් සාවුන්ට ප්‍රිය ද?“ ඔහු එසේ විමසමින් සාවෙකුව ඉහළට ඔසවා ගත්තේ ය. එම සාවා සහ ආ යුවාන් දෙදෙනාම ශ්වේත වර්ණැති විය. එහි සත්ත්වයෙකු සිටීයයි නිරීක්ෂණය කළ නොහැකි අන්දමින් ආ යුවාන් ඌ තම තුරුළෙහි රඳවා ගෙන සිටියේ ය. නමුත් ආ යුවාන් හැරුණු විගසම ඔහු සත්‍ය වශයෙන්ම එහි සාවෙකු රඳවා ගෙන සිටින බව පමණක් නොව එම සාවා ප්‍රමාණයෙන් විශාල බව, ඌ රඳවා තබා ගැනීමට ආ යුවාන් දැරූ අරගලයෙන් නිශ්චිත විය.මෙම දර්ශනය නරඹමින් සිටින මොහොතෙහි දී ලන් වන්ග්ජිගේ මුවෙහි අග ඉහළට තරමක් වක් වුණේ ය.
“අයියණ්ඩි!“ ආ යුවාන් සාවාව බිමින් තැබුවේය. “පැමිණෙන්න, මට ඔබට යමක් පෙන්වීමට අවශ්‍යයි.“ ඔහු ලන් වන්ග්ජිගේ අත ග්‍රහණය කරගත් අතර ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂා නොකරමින්ම පර්වතට දෙසට ඇවිද ගියේ ය. “අයියණ්ඩි, බලන්න!“ ඔහු පර්වතය දෙසට දිව ගොස් එහි මුදුනට තරණය කළේ ය. “බලන්න, බලන්න, මට නගින්න පුළුවන්!“
මේ දරුවාගේ අංශ රාශියක් වෙයි වූෂියෑන්ව සිහිපත් කළ අතර ලන් වන්ග්ජිට ඒ පිළිබඳව සිතා ගැනීම නවතා ගත නොහැකි විය. ඔවුන් එක්ව ජීවත් වුණේ එක් වසරක් පමණක් වුව වෙයි වූෂියෑන් නියතවම ආ යුවාන් වෙත බලපාන්නට ඇත. ඔවුහු දෙදෙනාම සිය හැකියාවන් පෙන්වාලීමට රුචි වූහ. වෙයි වූෂියෑන් සිය සටන් හැකියාව අනෙක් පුද්ගලයන්ට පෙන්වාලීමට ප්‍රිය වූ අයුරින්ම ආ යුවාන් ද තමාට කඳු නැගීමේ හැකියාව ඇති බව ලන් වන්ග්ජිට පෙන්වීමට කාලය අපතේ හැරියේ නැත. ආ යුවාන් ද වෙයි වූෂියෑන් ප්‍රිය කළ සමාන ස්ථානයම ඔහුගේ ප්‍රිය ස්ථානයක් සේ අවබෝධ කරගත්තේ ය.
ආ යුවාන් “අයියණ්ඩි!“යි නොනවත්වාම පවසමින් ලන් වන්ග්ජිට ඔහුව දිස්වන අයුරින් කන්ද ඉහළ හා පහළ නගිමින් සිටියේය. ඔහු කෙතරම් වෙයි වූෂියෑන්ව සිහිපත් කළාද යැයි කිවහොත් වෙයි වූෂියෑන් ඔහු නීතින් පාරායනය කරන අතරතුර අලස වූ නිසාවෙන් ලන් වන්ග්ජිගේ නාමය අමතමින් සිටින විට..... ලන් වන්ග්ජිගේ නෙතින් සෙමෙන් කඳුළක් කඩා හැලී තණ මත නිහඬවම පතිත වුණි. වෘක්ෂයන්, සාවුන් සහ ආ යුවාන් බොඳ වී යන්නට විය. නමුදු ඔහු කෙසේ අන් අයට දිස්වන සේ හැඬීමට ඔහුට අවසර ලබා දෙන්න ද? විශේෂයෙන්ම ආ යුවාන්හට. ඔහු අනෙක් පස හැරී ඔහුගේ දෑස් පිස දැමුවේ ය.
“ආ යුවාන්“ ඔහු ඇමතුවේ ය.“අයියණ්ඩි!“
“දැන් ප්‍රමාද වෙනවා. අපි සැතපෙන්න යා යුතුයි.“
“අයියණ්ඩි, මාව පහළට ගන්න.“ ආ යුවාන් ඔහුගේ කුඩා දෑත් ලන් වන්ග්ජිට අල්ලා ගත හැකි වන සේ දිගු කළේ ය.
“ ආ යුවාන්“ ලන් වන්ග්ජි ප්‍රතිරාවය කළේය.
“අයියණ්ඩි මාව පහළට ගත්තේ නැතිනම් මම යන්නේ නැහැ.“ ඔහු මුව උල් කළේ ය. ලන් වන්ග්ජි මෙයාකාරයේ මුරණ්ඩු හැසිරීම් මීට ප්‍රථම දැක තිබුණි. ඔහු මගෙහි ඉදිරියට ඇවිද ගොස් පර්වතය ආසන්නයෙහි සිටගෙන ඔහුගේ දෑත් දරුවා දෙසට දිගු කළ අතර ආ යුවාන් ඔහුගේ තුරුළට පැන්නේ ය.
“ආ යුවාන්, ඔබේ කුටිය කොහේද?“ ලන් වන්ග්ජි කන්ද පහළට යාම ඇරඹුවේ, එතෙකුදු ආ යුවාන්ව තම දෑත්වල රඳවාගනිමිනි.
“මම නැන්දණියන් සමග සැතපෙන්නේ!“ දරුවා පිළිතුරු දුන්නේ ය.
All credits of the story must be go to @arielbluecastle
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanficThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.