"ලන් චන්”
සාප්පුවකින් පිටතට පැමිණීමෙන් පසු වෙයි වූෂියැන් ලන් වන්ග්ජි දෙසට දිවගියේය.
“මං එනවා”ඔවුහු ටික වේලාවක් ගූසුවෙහි මාර්ගයන්හි එකිනෙකාගේ පසින් ගමන් කරමින් ඔවුන් පසු කරමින් සිටි සෑම සාප්පුවකම සහ ගැලකම ඇති භාණ්ඩ බලමින්, පරීක්ෂා කරමින් සිටියහ. ඒ උදෑසන බොහෝ මිනිසුන් මාර්ගයේ ඉහළ පහළ යමින් සිටියහ. සමහරෙක් තම රාජකාරි සඳහා ද, තවත් සමහරෙක් විනෝදයට ද, ඇතැමෙක් ඔවුන්ගේ නිවසේ සාමාන්‍ය ජීවිතයේ උදාසීන බවින් මිදීමට ද උවමනාවෙන් එලෙස සැරිසැරූහ.
එහි සිටි පිරිස බොහෝ සෙයින් අධික වූ නිසා, සාප්පු හිමියන් සියලුදෙනාට සේවය සැලසීමට කඩිමුඩියේ ක්‍රියා කරද්දී සෑම වයසකම ගැහැනු සහ පිරිමි භාණ්ඩ පරීක්ෂා කිරීමට ගැල් වටා ද, සාප්පු පිටත ද පෙළගැසෙමින් සිටියහ. සය දෙනෙකුගෙන් පමණ සමන්විත ළමුන් පිරිසක් සාප්පුවක තරප්පු* මත හිඳගෙන එකිනෙකා සමග ක්‍රීඩා කරමින් සිටියේ ඇතැම්විට ඔවුන්ගේ දෙමව්පියන් එනතුරු මගබලා සිටින අතරේ විය හැක.
“ලන් චන්, බලන්න” වෙයි වූෂියෑන් ගැලකින් සාවකු හැඩැති ක්‍රීඩා භාණ්ඩයක් ගත්තේය. “මෙය හරියට අපි වලා අසපුවේ රඳවාගෙන ඉන්න අය වගේ, මෙය හරිම හුරතල් නැද්ද?” එය ලන් වන්ග්ජිගේ මුහුණට ළං කරන ගමන් ඔහු සිනාසුණේය.
“ම්න්, එහෙම තමා”
වෙයි වූෂියෑන් සාවාව නැවත ගැල වෙතට දමා “හොඳයි, වලා අසපුවේ එයාලාගෙන් ගොඩක් දෙනා ඉන්නවනේ, ඇත්තෙන්ම ඔබ කවදා හෝ ඔවුන්ව ගැනලා තියෙනවද? ” යි ඇසුවේය. වෙයි වූෂියෑන් විමසූ නමුත් ප්‍රතිඋත්තරයක් නොමැති විය. ඔහු ආපසු හැරුණු විට දුටුවේ ලන් වන්ග්ජි ඔහු පසුපස නොඑන බවයි. ඔහු තවමත් ගැල ඉදිරියේ සිට ගෙන සිටි අතර ඔහුගේ දෑස් සුදු පැහැ සාවාගේ රුව වෙත ඇලවී තිබුණි. “ලන් චන්” වෙයි වූෂියෑන් සිනාසුණේය. “ඔබට එය මිලට ගන්න අවශ්‍ය නම් කියන්න” ඔහු සිය අත දිගු කළේය. ලන් වන්ග්ජි ඔහු දෙස බලා සිට, තම මුදල් මල්ල වෙයි වූෂියෑන් අතට දුන්නේය.
“ආ, ලන් චන්” වෙයි වූෂියෑන් තම අත්ල තුළ කුඩා සාවා තබාගෙන එය ලන් වන්ග්ජි දෙසට දිගු කළේය.
“ඔබට”ලන් වන්ග්ජිගේ කන්පෙති රතු විය. ඔහු කිසිදු දෙයක් නොපවසාම වෙයි වූෂියෑන්ගේ අත්ලෙන් සාවාව ගත් අතර ඔහු සතුටින් බව වෙයි වූෂියෑන් වටහා ගත්තේය. අනෙකුත් ගැල් සහ සාප්පුවල ඇති අනෙක් භාණ්ඩ පරීක්ෂා කිරීමට සූදානම් වෙමින් ඔවුහු සෙමෙන් නැවත ගමන ඇරඹූහ.
“ලන් චන්, මට ඔබේ අත දෙන්න. ” ලන් වන්ග්ජි තම අත ඔහු දෙසට දිගු කළ අතර වෙයි වූෂියෑන් එය අල්ලා ගත්තේය.
ලන් වන්ග්ජි ඇවිදීම නතර කළේය.“වෙයි යින්ග්”
“ලන් චන්, ඔබ නැවතුණේ ඇයි? ”
“මෙතන මිනිස්සු ඉන්නවා. ”
“ලන් චන් , වගාලෝකයේ* ඉන්න හැමෝම අපි ගැන දන්නවනේ, ඉතින් ඒක සඟවන්න හදන්නේ ඇයි? ” වෙයි වූෂියෑන් ලන් වන්ග්ජිගේ අත තම දෑතින්ම අල්ලා ගන්නා අතරේ මුව උල්කරමින් පැවසුවේය.
ලන් වන්ග්ජි ඔහු දෙස බලා සිටියේය. “වෙයි යින්ග්“ ඔහු නැවත වරක් පැවසුවේය. “හරියට හැසිරෙන්න“ ඔහු වෙයි වූෂියෑන් දෙස බලා සිටින අතරේදීම ඔහුට අනතුරු ඇඟවූවේය. ඒ වනවිටත් බොහෝ දුරට ලන් වන්ග්ජිගේ කම්මුල් ලා රෝස පැහැයක් ගෙන තිබුණි.
“ලන් චන්... අදට විතරක්?“ ලන් වන්ග්ජි තවදුරටත් ප්‍රතිඋත්තර දැක්වීමට නොගියේය.
“ලන් චන්“ අවසන වෙයි වූෂියෑන් ඔහුගේ අත මුදා හැරියේය. “ඔබ මට අවශ්‍ය සියලුම දේ කරනවා, ඒත් මට ඔබේ අත අල්ලන් ඉන්න බැහැ? ඔබ හරිම අහේතුකයි." ඔහු තම දෑත් පපුව මතින් හරස් කොට තබා ගෙන වන්ජිට පසුපස හරවන ගමන් නැවතත් මුව උල්කරමින් පැවසුවේය. මාර්ගය එහා පස සිටගෙන සිටි පුද්ගලයෙක් ඔවුන් දෙස බලා සිටියේය.
ලන් වන්ග්ජි පිළිතුරු දීම නැවැත්වූ හේතුව වෙයි වූෂියෑන් එවිට වටහා ගත්තේය.
“ජියැන්ග් චෙන්ග්”
* තරප්පු - Stairs
* වගාලෝකය - Cultivation World ( වර්ධනය කරන ලද විවිධ හැකියාවන්ගෙන් යුත් පිරිසකගෙන් සමන්විත සමාජය)***********"""""""""""""""""""""""""""""""""""""""""******
මේකේ ඔහු ඔහු කියලා ගොඩක් තියෙන නිසා පටලැවෙනව ඇති. ඒකට සමාවෙන්න. මං ගොඩක් දුරට Original book එකේ තියෙන විදිහටම translate කරන්න උත්සාහ කරන්නේ. සමහර තැන් පොඩ්ඩක් වෙනස් ඇති, තේරුම් ගැනීමේ පහසුවට ගලපලා දාලා තියෙන්නේ.All credits of the story must be go to @arielbluecastle
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.