ආ යුවාන්ව කාන්තා නේවාසිකාගාරයට පිටත් කරලූ පසු සම්පූර්ණයෙන් ම හිරු බැස ගොස් තිබුණි. නිශා යාමයේ සිසිල් සුළං මෘදුව ඔහුගේ මුහුණෙහි හැපුණු අතරේ, ලන් වන්ග්ජි සඳ එළියෙහි ජිංශිය වෙත ගමන් කළේ ය. ඔහු අඳුරු කුටියට ඇතුළු වී රඳවනයකින් ඉටිපහනක් ගෙන දැල්වූවේ ය. දිගු වේලාවක් ආ යුවාන්ව රැගෙන යාම හේතුවෙන් ඔහුගේ සිරුර පසුපස පෙදෙසෙ ඇදුම් කන්නට විය. එය මද වේලාවක සිට රිදුම් දෙන්නට වී තිබුණි. කස පහර තුන්තිසක තැලුම් සුව වීමට ඔහුගේ සිරුරට වසර තුනක් ප්‍රමාණවත් නොවීය. නමුත් සත්‍ය ලෙසින් ම එම වණවලින් රුධිරය නොගැලුවේ ය. කිසිසේත් ම ඒවාවලින් රුධිරය නොගැලූ අතර ඒවා කලකට පෙර සුව වී තිබුණි. එකල වඩාත් ම වේදනා දුන් දෙය වූයේ විනය කස පහර ඔහුගේ සිරුර මත පතිත ව එල්ලයට නිසියාකාරව වදිමින් එය ගැටුණු ක්ෂණයේ ම ලන් වන්ග්ජිගේ මස ඉරා දැමූ අයුරු, මාමණ්ඩිය විසින් අන් අනුගාමිකයන්ට අනුකම්පා විරහිත අන්දමින් දැඩි බලයකින් ලන් වන්ග්ජිට පහර දෙන ලෙස නියෝග කළ අයුරු හා ඔහුට එම පහර නිසාවෙන් වසර ගණනක් ගත වනතුරු මාංශපේශියක් හෝ නිසිලෙස ඔසවා ගැනීමට නොහැකි අයුරු ය. එය විනය කසයේ බලය විය. කස පහර එකක් හෝ දෙකක් සමග වැරදිකරුවාගේ වණය සුවවීමට මාස කිහිපයක් පමණ ගත වන අතර එය වේදනාත්මක හා ඇදුම්කන සුළු විය හැකි අතරම තැලුම් නිසා ඇතිවන කැළැල් කිසිවිට මැකී නොයයි. නමුත් කස පහර තුන් තිසකින් වැරදිකරුවාගේ සිරුර මාස ගණනකට නිෂ්ප්රයෝජනවත් වන අතර තවත් මාස කිහිපයකට පසු එම වණයන් සුවවුණි. පුද්ගලයාගේ සිරුර පහසුවෙන් එහි හිමිකරුට අවනත නොවුණි. පහර කා වසර තුනකට පසුව වුව ද ලන් වන්ග්ජි නිසියාකාරව සුවපත්ව නොසිටියේ ය. කලින් කලට ඔහුගේ මාංශපේශීන් සහ අස්ථීන් වේදනා දුන් අතර ඒ විශේෂයෙන්ම ඔහු තෙත් සහිත පරිසරයවල සිටින විට ය. ලන් වන්ග්ජි එයාකාරයෙන් දඬුවමකට ලක්කර තිබුණ ද, ඔහුගේ ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් තම සිරුර වෙත වසර ගණනාවක් මුළුල්ලේ රුදුරු මානසිකත්වයකින් පසුවුවද, ඔහුගේ නිවසෙන් දූරස්ථව හුදකලාව දිවි ගෙවීමට ඔහුට නියෝග ලැබී තිබුණ ද, ඔහු වෙයි වූෂියෑන් වෙනුවෙන් නැගී සිටීම පිළිබඳ එක් සිතිවිල්ලක හෝ පසුතැවීමක් නොතිබුණි. මන්දයත් වෙයි වූෂියෑන් සරල සමාගමයකට වඩා යමක් ලන් වන්ග්ජිට තිලිණ කළ නිසාවෙනි, මිතුරුදමකට වැඩි යමක්, ඔහුට සිතා ගැනීමට හැකි දේට වඩා වැඩි යමක්. වෙයි වූෂියෑන් කිසිදින නොදැන සිටිය ද, ඔහු සදාකාලයටම ස්මරණීය නොවන ලෙස රැඳී සිටිය ද, ලන් වන්ග්ජි ඔහු කිසිදින පසුතැවිලි නොවන බවට දිවුරුම් දී තිබුණේ ය.
YOU ARE READING
The Untamed - One Shots (Completed)
FanfictionThese stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the stories must go to the author of the original book. @arielbluecastle I think you will enjoy them.