Third Person's View
"ජන්ග්කුක් ඔෆිස් ගියාද යූරා?"ජන්ග්කුක්ගෙ ඔම්මා කෙල්ල ගාවින් බීම වීදුරුවක් තියන අතරෙ කිව්වා..යූරා හිනාවෙලා ඔම්මව ළඟින් වාඩි කරවගත්තා..
"ඔව් ඔම්මා..ජන්ග්කුක් ගියාට පස්සෙයි මම ආවෙ.."
"ඉතිං..ජන්ග්කුක් දුවව හොඳින් බලාගන්නවාද?"යූරා නිරුත්තර වුණේ ප්රශ්නෙට..ජන්ග්කුක් යූරාට කොයි තරම් අකැමතිද..යූරාට සලකන්නෙ කොයි විදිහටද කියලා ඔම්මට කියන්න ඕන වුණේ නෑ..ඒකෙන් හිත තමාව බලා හදාගත්ත ඔම්මගෙ හිත රිද්දන්න කෙල්ල කැමති වුණේ නෑ..
"ඔව් ඔම්මා..ජන්ග්කුක් මට හුඟක් ආදරෙයි.."කෙල්ල කියද්දි යූරාගෙ පපුව කොච්චර රිදුම් කෑවද කියලා දන්නෙ කෙල්ලම තමයි..ජන්ග්කුක්ගෙන් කිසිම ආදරයක්..සැලකිල්ලක් නෑ කියලා දැන දැනම..කෙල්ල එහෙම කිව්වා..ඔම්මගෙ හිත හදන්න..
"බොරු කියන්න වුවමනාවක් නෑ යූරා..මම මගෙ මුරණ්ඩු කොල්ලා ගැන දන්නවා.."ඔම්මා හිනාවෙලා යූරාගෙ ඔළුව අතගෑවා..කෙල්ල ඔම්මාගෙ බඩට හේත්තු වෙලා අඬන්න ගත්තෙ මෙච්චර වෙලා හිර කරගෙන හිටිය සේරම ඔම්මගෙ කරුණාව ඉස්සරහා කෙල්ල දිය කරලා දාලා..කෙල්ලගෙ ජීවිතේ තනියම හිටියනම් මේ තරම් දුකක් නොවෙන්න තිබ්බා..කසාද බැඳලා දවස් දෙකයි තවම ගෙවුණේ..ඒ දවස් දෙකට ජන්ග්කුක්ගෙ රැවලි..ගෙරවිලි..කෙල්ලව නොසලකා හැරීම් යූරාව නොසෑහෙන්න රිද්දුවා..
"ඇයි ඔම්මා ජන්ග්කුක්ට මාව බන්දලා දුන්නෙ?එයා මට කැමති නෑ පොඩ්ඩක්වත්..මම ජන්ග්කුක්ට ගොඩක් ආදරෙයි..කියාගන්න බැරි තරමටම මං එයාට ආදරෙයි..ඒත් එයාට මාව හිසරදයක් වගේ ඔම්මා..ජන්ග්කුක්ට ඕනෙ තනියම ඉන්න..මාව එයාට වදයක්.."කෙල්ල ඔම්මාගෙ තුරුලෙ ඇඬුවා..අඩුම තරමෙ කෙල්ල හිතුවා ජන්ග්කුක් එක්ක යාළුවෙක් වගේවත් ඉන්න..ඒත්..ජන්ග්කුක්ට ළං වෙන්න පොඩි ඉඩක්වත් කෙල්ලට ලැබුණෙ නෑ..
"මාව විශ්වාස කරන්න දරුවො..මං ඔයාව ජන්ග්කුක්ට දුන්නෙ දෙන්නගෙම හොඳට..ඔයා ඇරෙන්න වෙන කෙල්ලෙක් පුතාට ගැලපෙන්නෙ නෑ..හැමදේම හොඳින් වෙයි.."හැමදේම කාලෙට භාරදෙනවා ඇරෙන්න යූරාට වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ..ඔම්මා වෙනුවෙන් යූරා ජන්ග්කුක්ගෙ බිරිඳ වුණා වගේම දැන් ඔම්මා වෙනුවෙන්ම යූරා විවාහ ජීවිතේ ගෙවනවා..
![](https://img.wattpad.com/cover/270011160-288-k373998.jpg)
YOU ARE READING
Jeon's Love | Jungkook Centric | Completed
Fanfictionනුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22