Chapter 23

2.1K 475 143
                                    

Yura's View

"අපි යමුද යූරා?"මට ඇති තරමට සතුටු කඳුළු හලන්න ඉඩ හැරලා ඔන්නි කිව්වා..මං කඳුළු පිහිදාගෙන ඔන්නිගෙ අතින් අල්ලගෙනම මෙඩිකල් සෙන්ටර් එකෙන් එළියට ආවා..

"ඔයාගෙ මෙඩිකල් රිපෝට් එක ගෙදරට එයි යූරා.."ඔන්නි කිව්වෙ වාහනේට නගින අතරතුරේදී..ඒත් මට ඒ ගැන අවධානයක් තිබ්බෙ නෑ..මගෙ සම්පූර්ණ අවධානය තිබ්බෙ මගෙ කුස ඇතුළෙ වැඩෙන පුංචි හදවත ගැන..

"ඉතින් ජන්ග්කුක්ට දැන්ම කියමුද මේ ගැන?"ඔන්නි ඇහුවා..

"නෑ ඔන්නි..එයා නිදහස් වෙලාවක කියමු.."මං කිව්වෙ ලොකු හුස්මක් හෙලලා..

මට හිතාගන්නවත් බෑ ජන්ග්කුක් මේ ගැන දැන ගත්තම කොයි විදිහට හැසිරෙයිද කියලා..එයා අප්පා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තම..එයාගෙ ලේ වලින් හැදුණ පුංචි පණක් මගෙ කුස ඇතුළෙ ගැහෙනවා කියලා දැන ගත්තම..

මගෙ ජන්ග්කුක් සතුටු වෙයි..එයා අඬයි..මං වගේම..

ජන්ග්කුක්ව මතක් කරද්දිම රින්ග් වෙන්න ගත්ත ෆෝන් එකේ වැටුණෙ ජන්ග්කුක්ගෙ නම..මං ඔන්නි දිහා බැලුවා..වාහනේ ඩ්‍රයිව් කරන ගමන්ම ඔන්නි මං දිහා බලලා ඔළුවෙන් සන් කළේ ආන්ස්වර් කරන්න කියනවා වගේ..

"යොබුසෙයෝ..ජන්ග්කුක්.."මං කතා කළේ වෙව්ලන කටහඬින්..ටික වෙලාවක්ම අඬපු නිසා මගෙ කටහඬ වේලිලා වගේ..

"යූ..ඔයා හොඳින්ද??කටහඬත් අමුතුයි.."ජන්ග්කුක්ටත් වෙනස තේරිලා..

ජන්ග්කුක්ට මගෙ හුස්මක වෙනසක් පවා හොඳින්ම දැනෙනවා..

"නෑ ජන්ග්කුක්..මං හොඳටම හොඳින්.."මං කිව්වා..

"විශ්වාසයිනෙ..අහ්..යූ..මං දැන් සයිට් එකෙන් එන්න හදන්නෙ..ඔයාට මොනා හරි ගේන්න ඕනෙද??"ජන්ග්කුක් ඇහුවෙ පුරුද්දක් විදිහට..මගෙ තොල් අතර හිනාවක් මැවෙන හැටි මට දැනුනා..

"මං ගෙදර නෙමෙයි ඉන්නෙ ජන්ග්කුක්..මං සෝයා ඔන්නි එක්ක පාර්ක් එකට ආවා.."මං කියද්දි ඔන්නි මගෙ දිහා බැලුවෙ මොනවා කියවනද කියලා හිතාගන්න බෑ වගේ..මං ඔන්නි එක්ක හිනා වුණේ හැමදේම හරි කියලා..

"ඕ..කරේ..එහෙනම් මං පාර්ක් එකට එන්නද?"ජන්ග්කුක් ඇහුවා..

"හා..ඔයා පාර්ක් එකට එන්න..මං බලන් ඉන්නම්.."මං කෝල් එක කට් කරලා සෝයා ඔන්නි දිහා බැලුවා..ඔන්නිගෙ මූණෙ තිබ්බෙ මාව තේරුම් ගත්තා වගේ පෙනුමක්..

Jeon's Love | Jungkook Centric | CompletedTempat cerita menjadi hidup. Temukan sekarang