Chapter 14

2.6K 529 95
                                    

Jungkook's View

උදේ ඇස් අරිද්දි යූරා හිටියෙ මගෙ තුරුලෙ සනීපෙට නිදාගෙන..එයාගෙ අහිංසක මූණ දිහා බලන් ඉන්නකොට මට මං ගැනම දැනුනෙ ලොකු කළකිරීමක්..නෑ කිව්වට මගෙ නපුරුකම් නිසා යූරා ගොඩක් විඳවන්න ඇති..

මම යූරාගෙ මූණට වැටුණ කෙ⁣හෙරැල්ලක් කන පිටිපස්සෙ රඳවලා එයා දිහා නිවිහැනහිල්ලෙ ටික වෙලාවක් බලාගෙන හිටියා..යූරාගෙ මූණෙ තිබ්බෙ බොහොම ශාන්ත පෙනුමක්..දකින කෙනෙකුට දෙපාරක් හැරිලා බලන්න හිතෙන ලස්සනකුත් මගෙ කෙල්ලට හොඳින්ම පිහිටලා තිබ්බා..ඉතින්..මේ ලස්සන කෙල්ල මගේම විතරයිනෙ..

මගෙ ඔම්මා ඔයාව හොඳට හදලා යූරා..තනියම කෙල්ලෙක් හදාවඩා ගන්න එක ඔම්මටත් අමාරු වෙන්න ඇති..එක අතකට හිතෙනවා ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණේ නැත්නම් ඔයා කවදාවත් මගෙ නොවෙන්න තිබ්බා වගේම අපි කිසිම දවසක මුණ නොගැහෙන්නත් තිබ්බා නේද කියලා..සමහර විට අපේ දෛවය මේ විදිහටම ලියවිලා තියෙන්න ඇති..එහෙමත් නැත්නම් අපිට ඕනෙ විදිහට දෛවය මේ විදිහට වෙනස් වෙලා ඇති..

ඒත් ඔම්මත් හිටියානම් මාත් එක්ක..මගෙ ජීවිතේ සම්පූර්ණයි..පොඩි කාලෙ ඉඳන්ම කවුරු මගෙ ජීවිතේට ආවත් ඒ කාටවත් බැරි වුණා ඔම්මා නැති අඩුව මකන්න..ඔම්මා ජීවතුන් අතර ඉඳලත්..මැරුණා වගේ හිතාගෙන ඉන්න සිද්ධ වුණාම පුතෙක් විදිහට මං අසරණ වුණා..

ජීවිතේ සර්ව සම්පූර්ණව ලැබෙන්නෙ නෑනෙ නේද?කොයි තැනක හරි..එක අඩුවක් හරි හැමෝටම ලැබෙනවා..‌ලෝක ස්වභාවය කියලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද??

කමක් නෑ..දැන් ඔයා ඉන්නවානෙ යූ..අපි හැමදේම මුල ඉඳන් පටන් ගමු..අපේ ජීවිතේ..අපේ ආදරේ..හැමදේම..

මං යූරාව නැගිට්ටවන්නෙ නැතුවම ඇඳෙන් බැහැලා එයාට හොඳට බ්ලැන්කට් එක පෙරෙව්වා..යූරාගෙ මූණට නැවිලා එයාගෙ පිරුණ කම්මුලකට හාදුවක් දීලා මං රූම් එකෙන් එළියට ගියෙ සද්ද නොනැගෙන විදිහට..

කුස්සියට ගිහින් මම කෝපි එකක් හදන්න ගත්තෙ යූරාටත් එක්ක..එයා වෙනදට මීටත් කලින් නැගිටිනවා..යූරා උදේට නැගිටින්නෙ ඉරත් එක්කමයි..අද යූරාට මහන්සි ඇති..ඒ නිසා එයා තවත් ටිකක් වෙලා නිදාගන්න එක හොඳයි..

Jeon's Love | Jungkook Centric | CompletedWhere stories live. Discover now