Chapter 9

2.8K 576 131
                                    

Yura's View

මං හිතන්නෙ මං ඉපදිලාම ඇත්තෙ ගැරහුම් ලබන්න වෙන්න ඇති..මට හිතාගන්න බෑ හැල්මොනි කොහොමද මට ඒ වගේ චෝදනාවක් කරේ කියලා..මම දන්නවා අපිට තවම දරුවො නෑ..අපි අතර එතරම් සාර්ථක සම්බන්ධයකුත් නෑ..ඒත් නොකියා එයා මට කිව්වෙ මං වඳ ගෑනියෙක් කියලා නෙමෙයිද..මම එහෙම කෙල්ලෙක් නෙමෙයි..ආදරණිය අම්මා කෙනෙක් වෙන ආසාව මටත් තියෙනවා..ලස්සන පුංචි පවුලකට මාත් ආසයි..ඒත් ඇයි මම මෙතරම් අසරණ වෙන්නෙ?හැමදාම මම අසරණ වුණා..

මෙච්චර කාලයක් මං පරිස්සමින් රැකගෙන ආපු දායාදයක් තියෙනවා..ඒක ජන්ග්කුක් ඉල්ලන ඕනෙම මොහොතක පිවිතුරු හිතින් මං ඒ දායාදය එයාට දෙනවා..මොකද ඒක වෙන් වෙලා තියෙන්නෙ එයාට විතරයි..වෙන කිසිම කෙනෙක්ට නෙමෙයි..මගෙ ජන්ග්කුක්ටම විතරයි..

"යූරා..ඔයා හොඳින්ද?"මං ගැස්සුණෙ ඔම්මාගෙ කටහඬට..හිතේ තිබ්බ අවුල් ගතිය නිසාම මම ඔම්මාව බලන්න ආවෙ ජන්ග්කුක්ගෙනුත් අහලා..වෙනදට වගේ ‌නෙමෙයි..ඔම්මාව බලන්න යන්නද කියලා ඇහුවම ජන්ග්කුක් කිව්වෙ පරිස්සමට යන්න කියලා..වෙනදා නම් එයා නිකන් ඔළුව වනනවා හරි ඇයි එයාගෙන් අහන්නෙ කියලා අහනවා හරි විතරයි..ඒත් ජන්ග්කුක්ගෙ මේ සන්සුන් උත්තරය..මට ගෙනාවෙ නුහුරු බවක්..

මේක රැවටීමක් නෙමෙයි නම් මං කැමතියි ජන්ග්කුක්..

"මං දන්නෙ නෑ ඔම්මා..මං හොඳින්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.."මං කිව්වෙ ලොකු සුසුමක් හෙලලා..ඔම්මා ඇවිත් මගේ ගාවින් වාඩි වුණා..

"ජන්ග්කුක්ව කසාද බැඳපු දවසෙ ඉඳන්ම සතුට ඔයාගෙන් ඈතට ගියාද යූරා?"ඔම්මා අහද්දි මට මතක් වුණේ අපේ වෙඩින් එකේ ඉඳන්ම මගේ ජීවිතේ ගෙවුණ විදිහ..

මං මගෙ මුළු ජීවිතේම ජන්ග්කුක් නමින් කැපවුණා..ජන්ග්කුක් කොතරම් මාව නොසලකා හැරියත් මං ජන්ග්කුක්ට මහාමෙරක් තරමට ආදරෙයි..ජන්ග්කුක් කෑම එක අමතක කරලා යන එක දවසකවත් මං කන්නෙ නෑ..එයා ඔෆිස් එකෙන් කෑම ගන්නවා ඇති සමහර වෙලාවට..ඒත් මං කොහොමද ඒ ගැන හරියටම දන්නෙ?ඒ නිසයි මමත් නොකා ඉන්නෙ..ජන්ග්කුක් එනකම්ම මම නැගිටගෙන ඉන්නෙ හස්බන්ඩ් මහන්සි වෙලා ගෙදර එද්දි නිදාගෙන ඉන්න තරම් මං ආත්මාර්ථකාමී නැති නිසා..ජන්ග්කුක්ටත් කලින් නැගිටලා එයාටත් පස්සෙ නිදියන්නෙ ඒක මගෙ යුතුකම නිසා..බිරිඳකගෙන් වෙන්න ඕනෙ හැමදෙයක් ගානෙම අකුරක් නෑර මට පුළුවන් විදිහට මං එයාට කරන්න ඇති..මං මට පුළුවන් උපරිමය එයා වෙනුවෙන් කලා..

Jeon's Love | Jungkook Centric | CompletedOù les histoires vivent. Découvrez maintenant