Yoongi's View
අවුරුදු හයක් කියන්නෙ ලොකු කාලයක්..වැඩියෙන්ම තමන්ගෙ රටින් වෙන් වෙලා ඉන්න කෙනෙක්ට ඒ කාලෙ ගොඩක් අමාරුයි..මටත් ඒ වගේ..අවුරුදු හයකට පස්සෙ මම ආයෙත් මගේ රටට අඩිය තිබ්බෙ සතුටින් වගේම දුකින්..තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙකුගෙ වෙලා කියලා දැනගත්තම ඒ දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි..බලන් හිටියා එයා එක දවසක් හරි මට ආදරෙයි කියයි කියලා..ඒත් නෑ..ඒක එහෙම වුණේ නෑ..මටත් නොකියම එයා වෙන කෙනෙක්ගෙ වුණා..ඒකත් මගේ මල්ලිගෙම..එක අම්මගෙ නොවුණත් සහෝදර බැඳීම අපි අතරත් තිබ්බා..පොඩි කාලෙ ඉඳන් ජන්ග්කුක් හැදුණෙ වැඩුණෙ මාත් එක්ක..මමයි ඒකගෙ ලොකු අයියා..එහෙමයි අපේ බැඳීම..
ජන්ග්කුක් මාත් එක්ක රණ්ඩු කරා වෙඩින් එකට ආපු නැති එකට..වැඩ ගොඩගැහිලා නිසා එන්න බෑ කියලා කිව්වත් මට යන්න ඕනෙ තරම් වෙලාව තිබ්බා..ඒත් එතකොට මගෙ ඇස් ඉස්සරහම මගෙ ආදරේ යන්න යනවා මට බලන් ඉන්න සිද්ධවෙනවා..මමත් මනුස්සයෙක්..කොහොමද ඒක දරාගන්නෙ මම?
මගේ ගෙදරට යන්නත් කලින් ජන්ග්කුක්ගෙ ගෙදරට ගියෙ කාලයක් තිස්සෙ දකින්න ආසාවෙන් හිටිය කෙනෙක් එහෙ ඉන්න නිසාමයි..මගෙ නෙමෙයි තමයි..ඒත්..හිතේ තියෙන හැඟීමක් එහෙම එක පාරින් නැති වෙන්නෙ නෑනෙ..මගෙ හිතේ නම් තවමත් ඒ ආදරේ පොදි ගැහිලා තියෙනවා..එයා වෙනුවෙන්ම..තවමත් වෙන කෙනක්ට දෙන්න මැලි වුණ ඒ ආදරේ තවම මං ගාව..
ජන්ග්කුක්ගෙ ගෙදර දොර ඉස්සරහා මම කොච්චර වෙලා හිටියද මන්දා..මම ඩෝර් බෙල් එකට අත තිබ්බෙ ගැහෙන හිතින්..කවදාවත් නැති තරමේ තිගැස්මකින් මගේ හිත ගැහුණා..මම බලාපොරෙත්තු වුණේ එයාව..හිතුව විදිහටම එයා මගෙ ඇස් ඉස්සරහම..ඒ ලස්සන මූණ තවමත් ඒ විදිහටම..හද ගැස්ම මොහොතකට නතර වුණා වගේ..එයා පුදුම වුණා..අඩියක් දෙකක් පස්සට විසි වුණේ ඒ නිසා වෙන්න ඇති..
"ඉතිං..හොඳින් ඉන්නවද යූරා??"මං ඇහුවා..
සොන්ග් යූරා..
එහෙමත් නැත්නම්..
ජියොන් යූරා..
යූරාගෙ අතේ වෙඳැගිල්ල පිරිලා තිබ්බ මුද්දට මගෙ ඇස් දෙක ගියා..ඔව් යූරා..ඔයා ජන්ග්කුක්ගෙ වෙලා ඉවරයි..ඒත් ඔයා වෙනුවෙන් හැදුණ ඉඩ තවමත් ඒ විදිහමයි..
YOU ARE READING
Jeon's Love | Jungkook Centric | Completed
Fanfictionනුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22