Chapter 12

2.9K 558 235
                                    

Third Person's View

ගැබ්බර අහස එකින් එක වැහි බිඳු බිමට හලන විදිහ යූරා බලන් හිටියෙ තෘප්තිමත් බැල්මෙන්..ඇඟ හිරිවට්ටගෙන ගත දැවටුණ සීතල වගේම ජනේලෙන් ගෙට පැන්න හිරිකඩත් යූරාට ගෙනාවෙ නැවුම් ආශ්වාදයක්..ජනග්කුක්ගෙ උණුසුම තවමත් කෙල්ලගෙ ඇඟේ දැවටිලා තියෙනවා වගේ..මේ සීතලේත් ජන්ග්කුක්ට ගුලි වෙලා ඉන්න තිබුණා නම්..කෙල්ලට එහෙම හිතුණා..

තත්පර භාගයක් ගෙවෙන්නත් කලින් කෙල්ලගෙ පිට හේත්තු වුණේ විසල් පපුවකට..යූරාට ඒ ස්පර්ශය අඳුන ගන්න අමාරු වුණේ නෑ..කෙල්ල ගැස්සුණේ ඒ නිසාම වෙන්න ඇති..

"ජ..ජන්ග්කුක්..ඇයි මේ??"කෙල්ල ඇහුවෙ මේ නුහුරු ස්පර්ශයන් තවමත් කෙල්ලට ආගන්තුක නිසා..ජන්ග්කුක්ගෙ ශක්තිමත් අත් එතිලා තිබ්බෙ කෙල්ලගෙ බඩ වටේට..හරියට ආරක්ෂක පටියක් පළඳලා වගේ..

"සීතලයි..යූ.."ජන්ග්කුක් තව ටිකක් කෙල්ලට බදාගත්තා..යූරා හිතපු විදිහටම..ජන්ග්කුක් යූරාව සීතලෙන් රකින්න හදනවා..

"ඒ..ඒත් ඇයි මේ??"

"වේ??හස්බන්ඩ් බදාගත්තම ඔච්චර වෙව්ලනවද ඔයාව?"ජන්ග්කුක්ගෙ ප්‍රශ්නයට යූරා නිරුත්තර වුණා..දවසක් 'තමුන් මගේ වයිෆ් නෙමෙයි..මේ ලෝකෙට උඹ මගෙ වයිෆ් වුණාට මට එහෙම නෑ' කියලා කියපු බවක් කොල්ලාගෙ මතකයේ නැතුව ඇති..ඒත්..ලස්සන මනාලියක් වුණ දවසෙම දයාබර සැමියාගෙන් අහන්න සිද්ධ වුණ ඒ සැර පරුෂ වචන යූරාට අමතක වෙයිද??ඒකයි යූරා තව තවත් පුදුමයට පත් වෙන්නෙ..එහෙම කියපු ජන්ග්කුක්ම අද 'ඔයා මගේ වයිෆ්' කියලා ආදරෙන් කියද්දි පුදුම නොවී ඉන්නෙ කොහොමද??

"ඔයා දැන්ම නැගිට්ටෙ ඇයි ජන්ග්කුක්??තව වෙලා තියෙන නිසා මං ඔයාට කතා කළෙත් නෑ.."යූරා අලුත් මාතෘකාවක් ඇදලා ගත්තා..

"නැගිට්ටවුණා..වැස්ස නිසා..ඔයා රූම් එකේ හිටියෙ නැති නිසා මං ඔයාව හොයාගෙන පහළට බැස්සා.."චුරු..චුරු..ගගා හැලෙන වැහි දිය දිහා බලාගෙන ජන්ග්කුක් කිව්වෙ බොහොම සන්සුන් විදිහකට..

"මං ඔයාට කෝපි එකක් හදලා දෙන්නද??"යූරා ඇහුවෙ ජන්ග්කුක්ගෙන් ඈත් නොවීමයි..

"අනියෝ..මෙහෙම ඉමු.."ජන්ග්කුක් කිව්වෙ එච්චරයි..යූරා ඇඳන් හිටිය සැහැල්ලු ඇඳුම හරහා ජන්ග්කුක්ගෙ උණුසුම විනිවිද යනවා..ඒ අතරෙ ජන්ග්කුක්ගෙ නිකට රැඳිලා තිබ්බෙ කෙල්ලගෙ උරහිසේ..ඒක යූරාට බරක් වුණේ නෑ..කෙල්ලට දැනුනෙ සැහැල්ලු බවක්..

Jeon's Love | Jungkook Centric | CompletedDonde viven las historias. Descúbrelo ahora