Chapter 13

2.8K 557 139
                                    

Third Person's View

"ජන්ග්කුකා.."

"යූරා..."

අඳුරු දිය පිරුණු ඇළට විවිධාකාර පන්දම් එළි අටවගෙන හැමෝම කෑ ගැහුවෙ ජන්ග්කුක්ගෙයි යූරාගෙයි නම් කියලා..විනාඩි තුනක්..හතරක් ගෙවිලා ගියත් දෙන්නාගෙන් කවුරුත් තවම උඩට මතුවුණේ නෑ..ටේහියොන් ජිමින් දෙන්නා හිටියෙ කෙලින් හිටගෙන ඉන්නවත් පණක් නැති ගානට..සෝයා හාරූ දෙන්නත් හිටියෙ බාගෙට අඬලා..ජන්ග්කුක්ටයි ⁣යූරාටයි මොනවා හරි වුණොත්??

"බෑ..මල්ලි..උඹට මෙහෙම කරන්න බෑ..ජන්ග්කුක්.."ටේහියොන් ආයෙත් හයියෙන්ම කෑ ගැහුවා..හිතේ බය එන්න එන්නම වැඩි වෙද්දි හැමෝටම පුළුවන් වුණේ උපේක්ෂාවෙන් බලන් ඉන්න විතරයි..

ඒ එක්කම වගේ ජන්ග්කුක් යූරාවත් අරගෙන ගැඹුරු දිය මත්තෙන් ගොඩ ආවෙ ගත්ත සුසුම් එකහෙලාම පහළ වැටෙද්දි..

"ජන්ග්කුක්.."ටේහියොන් ජිමින් දෙන්නා දුවලා ගියෙ ඉවුර ගාවට..කෙල්ලවත් අල්ලගෙන ජන්ග්කුක් ඇළ ඉවුරට පීනලා ආවෙ අමාරුවෙන්..ජිමින් යූරාව අල්ලගන්නකොට ටේහියොන් ජන්ග්කුක්ට ගොඩ එන්න අත දුන්නා..

ඇඟටම ඇළුණ ඇඳුම් එක්ක ජන්ග්කුක් හිටියෙ වේගෙන් හුස්ම ගන්න ගමන්..කොල්ලාට නොසෑහෙන්න අමාරුයි..ඒත් ඒ අමාරුකම් සේරම පැත්තකට දාලා කොල්ලා සිහියක් නැතුව හිටිය යූරාව අත්වලට හිරකරගත්තා..

"යූ..යූරා..මං දිහා බලන්න..මාව ඇහෙනවද ඔයාට??"ජන්ග්කුක් යූරාගෙ කම්මුල්වලට දිගටම තට්ටු කළත් කෙල්ලගෙ පියවුණ ඇස් ඇරුණෙ නෑ..

ජන්ග්කුක් කෙල්ලව මුණින් අතට හරවලා කෙල්ලගෙ පිටට අත්දෙක තියලා තද කළා..දෙතුන් වතාවක් කරද්දි කෙල්ලට පෙවුණ වතුර එළියට ආවත් කෙල්ලගෙ ඇස් ඇරුණෙ නෑ..

"යූරා..යූරා මේ බලන්න.."ජන්ග්කුක් ආයෙත් කෙල්ලව දිගා කරලා කෙල්ලගෙ කම්මුල්වලට තට්ටු කරා..ජන්ග්කුක්ගෙ ප්‍රථමාධාර හරිම ඉක්මන්..වෙන කාටවත් ළං වෙන්න දුන්නෙවත් නෑ කොල්ලා..ජන්ග්කුක් ⁣බැලුවෙ කෙල්ලගෙ හුස්ම වැටෙනවද කියලා..කෙල්ලගෙ නහය ගාව රැඳිලා තිබ්බ ජන්ග්කුක්ගෙ කන්වලට කෙල්ලගෙ සුසුම් දැනුනෙ නෑ..

Jeon's Love | Jungkook Centric | CompletedWhere stories live. Discover now