Final Chapter Pt.1

2.4K 488 178
                                    

Third Person's View

"ජන්ග්කුක්..ඇයි උඹ තවත් බලාගෙන ඉන්නෙ..දොරට තට්ටු කරන්න.."ජිමින් කිව්වෙ විනාඩි ගානක ඉඳන් මීසුන්ගෙ ගෙදර දොර ගාව හිටගෙන ඉන්න ජන්ග්කුක්ගෙ උරහිසට තට්ටුවක් දාලා..ජන්ග්කුක් ජිමින්ගෙ පැත්තට හැරුණෙ මූණත් අඳුරු කරගෙන..

"හියොන්.."

"කියන්න ජන්ග්කුකා.."ජිමින් ජන්ග්කුක් පැත්තට හැරුණා..

"ම..මට බයයි හියොන්.."කොල්ලා කිව්වෙ පපුව උඩින් අතකුත් තියාගෙන..ජිමින් ජන්ග්කුක්ව තේරුම් ගත්තා..ජන්ග්කුක් වයසින් වැඩිහිටියෙක් වුණත් කොල්ලාගෙ හිත ලාමක බව ජිමින් හොඳාකාරවම දන්නවා..හයියයි කියලා පෙන්නන්න හැදුවත් හැඟීම් ඉදිරියේදී ජන්ග්කුක්ගෙ හිත කඩන් වැටෙන බව ජිමින් දන්නවා..

ජිමින් ජන්ග්කුක්ගෙ උරහිස්දෙක උඩ අත් තිබ්බා..

"ජන්ග්කුකා..මේ උඹට නැති වෙන්නෙ එයා ළඟට යන්න තියෙන කාලට බව අමතක කරන්න එපා..මේ නැති වුණ මාස අටටම උඹ මේ ගෙවන කාලයත් එකතු කරන්නද යන්නෙ?"ජිමින් ඇහුවෙ සහෝදරයෙක් විදිහට..ජන්ග්කුක් ඔළුව දෙපැත්තට වැනුවා..ජිමින් පොඩ්ඩක් හිනාවෙලා දොරට තට්ටු කළේ ජන්ග්කුක්ගෙ අතින් අල්ලගෙනමයි..

දෙපාරක් දොරට තට්ටු කරන්නත් කලින් දොර ඇරියෙ යුන්ගි..තමන් ඉස්සරහා හිටගෙන හිටිය ජන්ග්කුක්වයි ජිමින්වයි දැක්ක ගමන් යුන්ගි පැනලා කොල්ලො දෙන්නව බදාගත්තා..

"යුන්ගි හියොන්??ඔයා කවද්ද කොරියාවට ආවෙ?"ජිමින් ඇහුවෙ යුන්ගිව බදාගෙන ඉන්නකොටමයි..යුන්ගි හිනාවෙලා කොල්ලො දෙන්නාගෙන් ඈත් වුණා..

"ම්ම්..මාස දෙකක් විතර වෙනවා.."

"ඒත් ඔයා අපිට කිව්වෙවත් නෑනෙ හියොන්.."ජිමින් කියද්දි යුන්ගි කොල්ලො දෙන්නවම ඇතුළට තල්ලු කරගෙන ගියා..

"අපි ඒ ගැන පස්සෙ කතා කරමුකෝ.."යුන්ගි කොල්ලො දෙන්නව සෝෆාවෙන් ඉන්දෙව්වා..ජන්ග්කුක්ගෙ ඇස් මුළු ගේ පුරාම යන්නෙ යූරාගෙ ඡායාවක් හරි දැකගන්න වගේ..යුන්ගි දැක්කා ජන්ග්කුක්ගෙ ඇස් මොනවාහරි හොයන විදිහ..කොල්ලා හොයන්නෙ මොකක්ද කියන දේ ගැන යුන්ගි දැනගෙන හිටියා..

Jeon's Love | Jungkook Centric | CompletedDonde viven las historias. Descúbrelo ahora