Final Chapter Pt.2

4.1K 625 422
                                    

Third Person's View

"යූරා..තව චුට්ටක් බොන්න දරුවෝ..බෙහෙත් බොන්නත් ඕනෙනෙ..තව පොඩ්ඩම පොඩ්ඩක් සුප් බොන්නකෝ.."ජන්ග්කුක්ගෙ ඔම්මා කෙල්ලට කවන්න උත්සහා කරන්නෙ දැන් වරුවක ඉඳන්..ඒත් යූරා කන්න පොඩි උනන්දුවක්වත් නෑ..

යූරාව සෝල්වලට එක්කගෙන අැවිත් සතියකටත් කිට්ටුයි..සෝල් ආවම යූරා වෙනස් වෙයි කියලා හිතුවත් යූරාගෙ පැහැදිලි වෙනසක් දකින්න ලැබුණෙ නෑ..ජන්ග්කුක් කෙල්ලව වෙනස් කරන්න උත්සහා කළෙත් නෑ..යූරා ඉන්න තත්වෙත් එක්ක කෙල්ලටම වෙනස් වෙන්න ඉඩ හරින එක වඩාත් යහපත් කියලා ජන්ග්කුක් හිතුවා..ජන්ග්කුක් උදව් කරා..යූරාට වෙනස් වෙන්න..ඒත් බලපෑම් කළේ නෑ..

"කන්නෙ නැද්ද ඔම්මා?"ජන්ග්කුක් ටවල් එකෙන් ඔළුවත් පිහිදදා ඇවිත් ඔම්මා ගාවින් වාඩි වුණා..

"මේ දරුවා පොඩ්ඩක්වත් කන්නෙ නෑ පුතා.."ඔම්මා කිව්වෙ පැත්තක් බලාගෙන හිටිය යූරාගෙ කොණ්ඩෙ හදන ගමන්..ජන්ග්කුක් ඔම්මාගෙ අතේ තිබ්බ සුප් එක අතට ගත්ත‌ා..

"මං පොවන්නම්.."ජන්ග්කුක් යූරා ගාවට ළං වුණා..

"කොහොමහරි කරලා පොවන්න ජන්ග්කුක්.."ඔම්මා යූරාගෙ හිස් මුදුන ඉඹලා කාමරෙන් ගියෙ දොරත් වහගෙන..යූරා කියන්නෙ ඔම්මාගෙම දුව වගේ..යූරාව හැදුවෙ ජන්ග්කුක්ගෙ ඔම්මා..එකම ලේ බෙදාගෙන ඉන්නව වඩා එකම හදවත බෙදාගෙන ඉන්න එක ලස්සනයිනෙ..යූරායි ඔම්මායි ඒ වගේ..බෙදාගත්තෙ හදවත..සැප දුක..

ඒ නිසාම ජන්ග්කුක්ගෙ ඔම්මත් අඬන්න බැරිකමට නාඬා ඉන්නවා..

යූරා ඉස්සරහා හෙලන්න බැරි කඳුළු ජන්ග්කුක් පිටකරන්නෙ ඔමම්යි අප්පයි ඉස්සරහා..රෑට ඔම්මාගෙයි අප්පාගෙයි කාමරේ ඉඳගෙන ඒ දෙන්නට තුරුළු වෙලා ජන්ග්කුක් මහ රැයක් වෙනකම් අඬනවා..හිත හයියයි වගේ පෙන්නන්න හැදුවත් ජන්ග්කුක් වුණත් දරුවා ඉස්සරහා දුර්වලයෙක් වුණා..යූරාගෙ නිහඬකම ඉස්සරහා දුර්වලයෙක් වුණා..

ජන්ග්කුක්ට තියෙන්නෙ සත්‍ය අවබෝධ කරගෙන මේකයි යථාර්ථය කියලා තේරුම් ගත්ත මනසක් නෙමෙයිනෙ..ඕනෙම මොහොතක වැටෙන්න පුළුවන් සාමාන්‍ය මනසක්..ඒ මනස..හැඟීම් ඉස්සරහදි කොහොමත් බිඳෙනවා..ඒත් ජන්ග්කුක්ට බෑ වැටෙන්න..ජන්ග්කුක් දුර්වල වුණොත් යූරාගෙ හයියට කවුද ඉන්නෙ..?ඒ නිසාමයි ජන්ග්කුක් එතරම් ශක්තිමත් නොවුණත් ශක්තිමත් වගේ හිටියෙ..

Jeon's Love | Jungkook Centric | CompletedDove le storie prendono vita. Scoprilo ora