Chapter 18

2.3K 516 78
                                    

Jungkook's View

මට හිතාගන්නත් බෑ මං ඇතුළෙ හිටිය මෘගයා ඒ විදිහට අවධි වුණේ ඇයි කියලා..මං..මං මගෙ යූරාට කොච්චර ආදරෙයිද..ඒත් ඇයි මගෙ ආදරේට වඩා මගෙ ක්ෂණික කෝපය ශක්තිමත් වුණේ?

යූරාට ගහපු පාර..මටත් නොඅඩුව වේදනා දුන්නා..මගෙන් ගුටි කාපු යූරා බිම වැටිලා අඬන විදිහ බලන් ඉන්නත් මට සිද්ධ වුණා..මං එච්චරම පවුකාරයෙක් වගේ..මගෙ කෙල්ලට ගොඩක් රිදෙන්න ඇති..

එන්න එන්නම මගෙ අතින් යූරාට වෙන අසාධාරණය කොයි ආකාරයෙන් හරි වැඩි වෙනවා..මට තියෙන බය..යූරාට කරපු වැරදි වලට තවමත් මට ලැබුණෙ නැති දඬුවම..මොන විදිහට ලැබෙයිද කියලා..මං දන්නවා මම ඒ දඬුවම මං විඳින්නම ඕනෙ..ඒත් ඒකෙන් යූරාටත් බලපෑමක් වෙයිද??

හිතාගන්න බැරි දේ..මොකක්ද මෙයාලා හැමෝම මගෙන් හංගන්නෙ??මගෙ හිත රිදෙයි කියලා..ඇයි මෙහෙම කරන්නෙ?ඒ කියන්නෙ යූරා වුණත් හැමදෙයක් ගානෙම මුල ඉඳන් දැනගෙන ඉඳලා තියෙනවා..මං කියපු හැම වචනයක් ගානෙම යූරා ඉවසුවෙ මොකක් හරි ලොකු දෙයක් හිතේ තියාගෙන..

"ජන්ග්කුක්..මොනවා ගැනද කල්පනා කරන්නෙ?"ලෙහාගන්න බැරි සිතුවිලි ගොඩකට මැදිවෙලා හිටිය මම ආයෙමත් හරි සිහියට ආවෙ ජිමින් හියොන්ගෙ කටහඬට..හියොන් මං දිහා බලන් ඉන්නෙ කොයි වගේ හැඟීමකින්ද කියලා මට තේරෙන්නෙ නෑ..

හියොන් හරි නම් මාත් එක්ක තරහා ගන්නනෙ ඕනෙ..මං යූරාට සලකපු විදිහට..එයාලා ඉස්සරහදිම..ඒත් ඇයි ජිමින් හියොන් මං ගැන අනුකම්පාවෙන් වගේ කතා කරන්නෙ?

"හියොන්..ඇයි ඔයා මට බයින්නෙ නැත්තෙ?"මං ඇහුවා..

"මොකක්?"හියොන්ගෙ මූණෙ පුදුමයක්..

"මං දන්නවා..ඔයාලා මටත් වඩා යූරාට ආදරේ කළා..මං පිස්සෙක් වගෙයි ඊයෙ රෑ හැසිරුණේ..ඇයි මං දිගින් දිගටම මේ වගේ වැරදි කරද්දි ඔයා මට මුකුත් කියන්නෙ නැත්තෙ හියොන්??"

හදිසියේම වගේ..මගෙ ඇතුළෙ හිටිය..ජියොන් ජන්ග්කුක් කියන ව්‍යාපාරිකයා වෙනුවට..හියොන්ගෙ පුංචි මල්ලිව මතුවුණා වගේ..ජිමින් හියොන් මං ගාවින් ඇවිත් වාඩිවෙලා මගෙ කරට අත දාගත්තා..

Jeon's Love | Jungkook Centric | CompletedWhere stories live. Discover now