Third Person's View
ජනේලෙන් එළිය බලාගෙන හිටිය මීසුන් කඳුළු පුරවගෙන ඉකිගැහුවෙ හිතේ තිබ්බ දුකත් එක්ක..පාන්දර දෙකත් පහු කරගෙන පැය කටුව ගමන් කරද්දි කෙල්ල සද්ද නැතුවම ඉකි ගහන්න උත්සහා කළා ..
එකපාරටම කෙල්ල තුරුළු වුණේ පලල් පපුවකට..කෙල්ල නිහඬවම ඒ තුරුලෙ කඳුළු දිය කරලා හැරියා ..
"යු..යුන්ගි .." කෙල්ල ඉකිය අස්සෙන් කියද්දි යුන්ගි කෙල්ලගෙ ඔළුව අතගෑවා ..
"කිව්වා නේද මම අඬන්න එපා කියලා මීසුන්..ඇරත් මේ තනියම..මොකද කරන්නෙ ඔයා ..?" යුන්ගි ඇහුවෙ පොඩි කටහඬකින් ..
කෙල්ලගෙ ප්‍රතිචාරයක් නැති තැන යුන්ගි කෙල්ලව සෝෆාවෙන් වාඩි කරවලා අැඟට හේත්තු කරගත්තා ..
"මීසුන් .."
"මි..මියනිහේ යුන්ගි..මේක මගේ වැරැද්ද..මමයි වැරදි..මට..මට බැරිවුණා යූරාව බලාගන්න..එයාව පරිස්සම් කරගන්න බැරිවුණා .." හැමදාකම වගේ..මීසුන් තමන්ගෙ පිටම වරද පටවගත්තා..යුන්ගි කොච්චර කිව්වත් එහෙම නෑ කියලා ..මීසුන් ඒ කිසි දෙයක් පිළිගත්තෙ නෑ..කෙල්ල දිගින් දිගටම ඇඬුවෙ ඒක තමන්ගෙ වරද කියලා ..
"ශ්..ශ්..මීසුන්..කෝ බලන්න..මං දිහා බලන්න..මේක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි මීසුන්..ඔයා ගොඩක් හොඳට මමත් නැතුව තනියම යූරාවයි දරුවවයි බලාගත්තා..සිද්ධ වුණ දේ..ඒක..අවාසනාවක් මීසුන්..දැන් අඬන්න එපා..ඔයා මෙහෙම අඬද්දි මං කොහොමද බලන් ඉන්නෙ? "යුන්ගි මීසුන්ගෙ නළල පුංචියට සිපගත්තා..ඒත් තවමත් කෙල්ලගෙ ඉකිබිඳුමෙ වෙනසක් නෑ..කෙල්ලව උරහිසට හේත්තු කරගෙන යුන්ගි ඇස් පියාගත්තා ..
නොකිව්වට..නොපෙන්නුවට..යුන්ගිත් අඬනවා..හිත යටින් විතරක් නෙමෙයි..කොල්ලා මීසුන්ට නොපෙනෙන්න දැනුත් අඬනවා..මොකද සිද්ධ වුණ අවාසනාවට තමුනුත් වග කියන්න ඕනෙ කියලා යුන්ගි පසුතැවුණා ..
යුන්ගිගෙ අත් දෙක අස්සෙ ඉඳගෙනම ඉකිබිඳින ගමන් හීනෙන්වත් වෙයි කියලා නොහිතපු ඒ මූසල සිදුවිම මතක් කළා ..
* Flashback
"යූරා..ඔයා බඩ පිරෙන්න කන්න හොඳද ?? මං ඔයාට කන්න කැමති සේරම කෑම හදලා දෙන්නම්කෝ..ඔයා ඉතින් මගෙ නංගි බබානේ..දන්නවද බබා ගොඩක් හොඳට හැදෙන්න ඔයා ගොඩක් කන්න ඕනෙ .." මීසුන් ඉවරයක් නැතුව කියවන්නෙ ඒක කෙල්ලගෙ පුරුද්ද නිසා ..
CZYTASZ
Jeon's Love | Jungkook Centric | Completed
Fanfictionනුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22