Jungkook's View
අප්පාව මුණගැහිලා ගෙදර ආවෙ ඔළුව පුපරන්න තරම් කැක්කුම් දෙද්දි..අප්පාගෙ ඉල්ලීමට පාර්ක් එකට ආවට මොකද එතැනට ගියපු වෙලාවෙ ඉඳන් පරණ ලස්සන මතක හිත අවුස්ස අවුස්ස මාව දුර්වල කරා..ඔම්මයි අප්පයි එක්ක මේ පාර්ක් එකට ඇවිල්ලා ඇති අනන්ත වාරයක්..අපි තුන්දෙනා කොච්චර ලස්සනට ඒ ජීවිතේ ගෙව්වද..ඒත් ඔම්මා අපිව දාලා ගියත් එක්කම ඒ හැමදේම කණපිට හැරුණා..අන්න ඒ නිසයි මම ඔම්මට වෛර කරන්නෙ..මං දන්නෙ නෑ මම ඇත්තටම ඔම්මට වෛර කරනවද එහෙමත් නැත්නම් මං මගේ හිත රවට්ටගන්නවද කියලා..
මට දැනෙන්නෙ මගෙ ජීවිතේම බොරුවක් වෙලා වගේ..මම යූරාට කරන්නෙත් බොරුවක්..සැලකිල්ලක් නෑ..ආදරයක් නෑ..හැඟීමක් නෑ..මං කොයි තරම් මටම ඒ විදිහට තේරුම් කරවන්න ඇතිද..ඒ වුණත්..හැඟීමක් නෑ කියන එකට උත්තරයක් දෙන්නෙ කොහොමද?මං දන්නෙ නෑ..මං යූරාගෙ ආදරේට ලෝභයි..එයාගෙ පක්ෂපාතීකමට කැමතියි..කිසි දෙයක් නොඉල්ලා යූරා කරන කැප කිරීම්වලට කැමතියි..
ඒත්..
ආදරය කියන අකුරු හතරට ඉඩක් දෙන්න මම ලෑස්ති නෑ..
ආදරය මාව හැමදාම දුර්වල කරා..ආයෙත් දුර්වලයෙක් වෙන්න මම කැමති නෑ..ඒ නිසයි...අමාරු වුණත් යූරාගෙන් ඈත් වෙලා ඉන්නෙ..
"පුතා..මං දන්නවා..ඔයා ඔම්මා එක්ක ඇත්තෙ තරහින්..ඔයාව දාලා ගියාට..එ්ත් ඔම්මා එක්ක තියෙන තරහා යූරාගෙන් පිට කරන්න හදන්න එපා පුතා..යූරා අපේ පවුලෙ ප්‍රශ්න වලට සම්බන්ධ නෑ..ඒ කෙල්ල අහිංසකයි..නොකිව්වට ගෑනියෙක් විදිහට යූරාත් ආසා ඇති ඔයාගෙන් නොලැබෙන ආදරේ විඳින්න..අවස්ථාවක් දෙන්න ඒ කෙල්ලට..දෙන්නා එක්ක කතා බහ කරලා එකිනෙකාව තේරුම් ගන්න..ඒක අමාරු වෙන්න පුළුවන්...එත් උත්සහා කරලා බලන්න පුතා..මං වෙනුවෙන්වත්.."
අප්පාගෙ වචන මගෙ හිත ඇතුලෙ පිළි රැව් දෙනවා..මං මොකද කරන්නෙ?මගෙ හැඟීම් එක්ක පැටලිලා ඉන්න මම අප්පාගෙ ඉල්ලීම නිසා තවත් පැටළුණා..තවත් අසරණ වුණා..
අප්පා මගෙන් කිසි දෙයක් ඉල්ලලා නෑ..අප්පා ඉල්ලුවෙ යූරාව මැරි කරන්න කියලා විතරයි..එයාට ආදරේ කරන්න කියලා විතරයි..එත්..ඉල්ලීමකට හිස නවලා ආදරේ දෙන්න පුළුවන්ද කියලා මං දන්නෙ නෑ..රුචියක් නැතුව කොහොමද එ්කට උත්සහා කරන්නෙවත්??
VOUS LISEZ
Jeon's Love | Jungkook Centric | Completed
Fanfictionනුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22