Chapter 10

2.8K 580 113
                                    

Yura's View

ඇස්වල⁣ට වැටුණ තීව්‍ර එළිය නිසා මං ඇස් ඇරියෙ අමාරුවෙන්..ඇස් පිහාටු එක⁣ට ඇලිලා වගේ..ඔළුවත් රිදෙනවා..මට මොකක්ද වුණේ?මට කිසිම දෙයක් මතකයේ නෑ..

අැඳෙන් නැගිටින්න හැදුවත් මට දැනුනෙ මගෙ ඉණ වටේ එතුණ අතක ස්පර්ශය..මගෙ හදවත ගැහෙන එක නැවතුණා වගේ..ගොඩක් පුරුදු ඒත් කිසි දවසක මෙච්චර ළඟින් දැනිලා නැති ආදරණීය සුවඳක් එක්ක අහම්බෙන් දැනුන රැකවරණය පිරුණ උණුසුමක් තැවරුණු පපුවකට මම තුරුළු වෙලා ඉන්නවා..මේ සුවඳ..මගෙ ජන්ග්කුක්ගෙමයි..

ඒත් කොහොමද මෙහෙම වුණේ??ජන්ග්කුක් ඇයි මගෙ ගාව ඉන්නෙ??

මං යන්තමට ටිකක් පිටිපස්සට වුණේ ජන්ග්කුක්ට නොදැනෙන්න..මං බැලුවෙ ඒ මූණ දිහා..

සමාධියක් වගේ ඇස්පිය නොගහම බලන් ඉන්න පුළුවන් එයා දිහා..පියවුණ ඇස් එක්ක ජන්ග්කුක්ට තිබුනෙ ගොඩක් නිවුණ පෙනුමක්..එක අතක් ඔළුවට යට කරගෙන අනිත් අත මගෙ ඉණ වටේ දාගෙන ජන්ග්කුක් හිටිටෙ ගැඹුරු නින්දක..

ජන්ග්කුක් කිසිම දවසක මට මෙච්චර ළං වෙලා නැතුව ඇති..එයාගෙ උණුසුම් සුසුම් රැල් මගෙ මූණෙ වදින තරමටම එයා මට ළඟින්..අපි අතරෙ තිබ්බෙ එක සුසුමක දුරක් විතරයි..මේ තුරුලෙ සැනසෙන්න මං කොයි තරම් කාලයක් බලන් හිටියද කියලා මං දන්නෙ නෑ..ඒත් අහම්බෙන් වගේ අද ජන්ග්කුක් මාව තුරුළු කරගෙන..

විටින් විට සැලෙන ඒ ඇසිපිය දිහා මං බලන් හිටියෙ ගැහෙන හිතින්..මගෙ ජන්ග්කුක්ගෙ හදගැස්ම පවා මට ඇහෙනවා..ඒ පපුතුරුලෙ උණුසුම..මං දිව්රනවා..මේතාක් කිසිම දවසක මේ උණුසුමේ විඳින උණුසම තරම් සැනසීමක් විඳලා නැතුව ඇති..

විනාඩි දහයකටත් වඩා මං ඒ මූණ දිහා බලාගෙන ඉන්න ඇති..ජන්ග්කුක්ගෙ පළල් නළල වහගෙන වැටුණ කෙටි කොණ්ඩය මං අතින් ටිකක් පිටිපස්සට කළා..

හැමදාටම මේ වගේ ඉන්න පුළුවන් නම්..අපි දෙන්නට..අහම්බෙන් නෙමෙයි..ආදරෙන්..මගෙ හිතේ උතුරලා ගලන් හැලෙන මේ ආදරේ ඔයාටත් දැනෙනවා නම්..කොයි තරම් දෙයක්ද මගෙ පණ..

මං ජන්ග්කුක්ගෙන් මෑත් වුණේ හිතකින් නෙමෙයි..මේ මොහොතෙම රැඳෙන්න ඕනෙ වුණත් එහෙම ඉන්න බැරි බව මං දන්නවා..

Jeon's Love | Jungkook Centric | CompletedWhere stories live. Discover now