Chapter 2

2.8K 595 146
                                    

Yura's View

මගෙ ජීවිතේ නරක දේවල් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා..ඔම්මා අප්පා නැතුව මාව හදාගත්තෙ ජන්ග්කුක්ගෙ ඔම්මා..ඔහේ ගලාගෙන ගිය ජීවිතේ අනාගතේ ගැන ලොකු හීන මට තිබුණෙම නෑ..ඒ අතරිනුත් කසාදයක් කියන දේ ගැන යන්තම් අදහසක්වත් තිබිලා නෑ..ඒකත් ජන්ග්කුක් එක්ක...

මං දන්නවා..ජන්ග්කුක් මට පොඩ්ඩක්වත් කැමති නෑ..ඊයෙ රෑ මට කතා කරපු විදිහෙන් මට ඒක හොඳටම තේරුණා..ඒත් මම එයාගෙ වයිෆ්නෙ..ඒ මගේ හස්බන්ඩ්..එයා මට ආදරේ නොකරට කමක් නෑ..මම එයාට ආදරේ කරනවා..මම පුළුවන් විදිහට එයා එක්ක ඉන්නවා..

මේ ජීවිතේ මට ලේසි වෙන එකක් නෑ..ඒත් දැන් මම මේකට හුරු වෙන්න ඕනෙ..ඔම්මා වෙනුවෙන්..

මොන ගෑනිද නොපතන්නෙ ලස්සන පවුලක්?

මොන ගෑනිද නොපතන්නෙ තමන්ව මැණිකක් වගේ පරිස්සම් කරන සැමියෙක්?

මොන ගෑනිද නොපතන්නෙ තමන්ට ගෞරවයක් දෙන ආදරයක්?

ඒත්..මට ඒ කිසිම දෙයක් නොලැබෙන බව මම දන්නවා..ලැබීම්වලටත් වඩා නොලැබීම් තමයි මං ගාව තිබුණෙ..දැනුත් එහෙමයි කියලා මං හිත හදාගන්නවා..

මගෙ අතේ තිබ්බෙ උදේ ජන්ග්කුක්ට දීපු බෙඩ් ටී එක..ටී එක සීතල වෙලා..ටී එකේ පොඩ්ඩක්වත් අඩු වෙලාත් නෑ..ජන්ග්කුක්ගෙ රූම් එක අස්කරන්න ගිය වෙලාවෙ මම දැක්කෙ නයිට් ස්ටෑන්ඩ් එක උඩ ඒ විදිහටමයි ටී එක..අල්ලලාවත් නෑ..උදේ නැගිටලා ජන්ග්කුක්ට ඔෆිස් යන්න කලින් කන්න ලෑස්ති කරලා තිබ්බ කෑම දිහා නොබලම එයා යන්න ගියා..

ඔයාට මේ තරම් මාව එපා වෙලාද ජන්ග්කුක්?ඇයි මාව මේ තරමට ප්‍රතික්ෂේප කරන්නෙ?මොකක්ද මම ඔයාට කරපු වරද?මගෙ පස්සෙන් ඇවිත් අවස්ථාවක් ඉල්ලපු ආදරේ එපා කියලා ඔයාවම ප්‍රාර්ථනා කරපු නිසාද මේ දඬුවම?ඒකත් ඔයාගෙන්ම?

කමක් නෑ..

මම හොඳ බිරිඳක් වෙන්නම්..එතකොට ඔයා හොඳ සැමියෙක් වෙයි ජන්ග්කුක්..

ගෙදර අස්පස් කරලා දාලා මම ඩයරියත් අරගෙන ගාර්ඩ්න් එකට බැස්සා..මුළු ගාඩ්න් එකම පාළුයි..එක මල් පැළයක්වත් නෑ..හ්ම්ම්..තනියම පාළුවෙ ඉන්න එකේ මල් ටිකක් පැළ කරා නම් හිතටත් හොඳයි ගතටත් හොඳයි..

Jeon's Love | Jungkook Centric | CompletedTahanan ng mga kuwento. Tumuklas ngayon