Chapter 15

2.5K 514 109
                                    

Yura's View

ඔම්මාගෙ ගේ ඉස්සරහා හිටගෙන අප්පා දැන් සෑහෙන වෙලාවක් වෙනවා..අප්පා ගේ දිහා බලන් ඉන්නවා විතරයි..දොරට තට්ටු කරන්නවත්..ඔම්මට කතා කරන්නවත් අප්පට වුවමනා නෑ වගේ..එක්කො අප්පා ඉන්නෙ බයෙන්..ඒත් ඇයි අප්පා බයෙන් ඉන්නෙ??

"ඔම්මට කතා කරන්න අප්පා.."මං කිව්වෙ අප්පා දිහා බලලා..

"සෝහි ආයෙත් මාව දාලා යයිද යූරා?"අප්පා ඇහුවෙ බිම බලාගෙන..

"ඉදිරියට මොන දේ සිද්ධ වුණත්..මේ අපතෙ යවන කාලයෙන්..ඔයාට ඔම්මා ළඟට යන්න තියෙන කාලය අඩුවෙනවා නේද අප්පා?"මං අප්පාගෙ උරහිස උඩින් අතක් තිබ්බා..

අප්පා දොරට තට්ටු කළේ දුබල විදිහට..මං අප්පා එක්ක පොඩියට හිනාවෙලා හයියෙන් දොරට තට්ටු කළා..ඒ අතරෙ දොර ඇරගෙන ආවෙ ඔම්මා..

"ආ..යූරා..ඔයා.."ඔම්මා අප්පව දකින්න කලින් මාව දැක්ක නිසා පුරුදු විදිහටම මාත් එක්ක කතා කරගෙන ගියත් ඔම්මාගෙ කටහඬ අතරමඟ නැවතුණේ අප්පාව දැකපු නිසා..

"සෝහීයා.."අප්පා වෙව්ලන කටහඬින් අහද්දි ඔම්මා දොරට හේත්තු වුණේ හිටගෙන ඉන්න වාරු නෑ වගේ..අප්පාගෙත් ඔම්මාගෙත් ඇස්වලින් කඳුළු වෑස්සෙනවා..

"මි..මින්හු..ඔ.."ඔම්මා වචන අහුලන අතරෙදිම අප්පා ඔම්මව බදාගත්තෙ මගෙ ඇස්වලත් කඳුළු පිරෙද්දි..

"වේ..මෙහෙම කරේ ඇයි ඔයා සෝහි??කොහොමද අපෙන් ඈතට යන්න හිත හදාගත්තෙ..අපිම වෙනුවෙන්?"අප්පා ඉකිගගහා අඬද්දි ඔම්මා අප්පාගෙ පිටට අත් යවලා අප්පාව තදට බදාගත්තා..

"මියන්හේ..චොම්මල් මියන්හේ..මින්හු..ඔයාටයි පුතාටයි කරපු දේට මට සමාවෙන්න.."

"අනියෝ..ඇයි ඔයා සමාව ඉල්ලන්නෙ??අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරලත්??කොහොමද තනි ඔයා එහෙම කළේ සෝහි යා.."අප්පා ඔම්මාගෙ ඔළුව අතගානවා..එයාලා ඉස්සරත් මේ වගේ සතුටින් ඉන්න ඇති නේද??මේ නැති වුණ අවුරුදු ගානෙදි එකිනෙකාගෙ උණුහුම නැතු ව එයාලා කොච්චර දුක් වෙන්න..විඳවන්න ඇතිද??

"ඔයා කොහොමද..අහ්..මේ කෙල්ලද කිව්වෙ??"ඔම්මා අප්පාගෙන් ඈත් වුනේ එහෙම අහන ගමන්..අප්පා මං දිහා බලලා හිනාවුණා..

Jeon's Love | Jungkook Centric | CompletedWhere stories live. Discover now