- 12 -

980 254 21
                                    

මම කොට්ටය ඇදලා ගන්නවත් එක්කම එයා මගෙ කොට්ටෙ ආපහු ඇද්දා.එත් කොට්ටේ වෙනුවට ජිමින් අල්ල ගත්තෙ මගෙ අත.මම කලින් මෙහෙම දේකට සූදානම් වෙලා හිටියේ නැති නිසා මාවත් එක්කම ඇද උඩට වැටුනා.මගෙ අතින් කොට්ටෙ අතැරුනේ එයා එක පාරටම මාව බදාගත්තු නිසා.

හැබැයි නින්දෙන්....( 0_< )

මට හැමදාම ඕන උන දේ.ඒ උණුහුම,ඒ ස්පර්ශය.ඒත් මන් මේ කරන දේ වැරදි.එයා ඇහැරුනොත් මට තවත් බනී.ඒක නිසා මන් හිත හදා ගත්තා.

එයාගේ වචන නිසා මට හැමදෙම තේරුණා.බලෙන් තියාගන්න එක නෙවෙයි ආදරේ කියන්නෙ.ඒක නිසා මට මන් ගැනම තරහක් ආවා.

එක පාරටම එයා මාව තවත් තද කරලා තුරුල් කරගත්ත නිසා මට තව කිසිම දෙයක් හිතන්න බැරි උනා.

මම එයා දිහා බලාගෙන තනියම හිනා උනා.එයා නිදාගෙන ඉන්න කොට තියන හුරුබුහුටි පෙනුමට මන් ආස කලා.එයා හුස්ම ගන්න විදිහය මන් ආස කලා.කොටින්ම කියනවා නම් එයාගෙ හැම දේකටම මන් ආස කලා.

මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියන්නේ මේකට වෙන්න ඕනේ.කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි එක.කොච්චර රිද්දුවත් වෛර කරන්න බැරි එක.කොච්චර වේදනාවක් උනත් අතාරින්න හිතෙන්නෙ නැති එක.

එතකොට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියන්නෙ මේකටද?

කොච්චර හිතන්න එපා කිව්වත් අනිත් කෙනාව පරිස්සම් කරන්න හිතෙන එක.කොච්චර මගැරියත් අනිත් කෙනා ගැන හොයලා බලන්න හිතෙන එක.අනිත් කෙනාව පණ වගෙ ලගින් තියාගන්න උත්සහ කරන එක.මේකද එතකොට ආදරේ කරනවා කියන්නෙ?

මම ඇත්තටම මගෙ සිතිවිලි වලට බය උනා.මොකද අන්තිමට මට දුකක් විතරක් උරුම වෙයි කියලා මන් බය උනා.කොච්චර උත්සහ කලත් මට එයා ගැන හිතන එක නතර කරගන්න බැරි උන.

මම එයා දිහා බලාගෙන හිටියා.ඒන්ජල් කෙනෙක් වගේ පේන එයා දිහා මන් බලාගෙන හිටියා.මගෙ ජීමිනි දිහා මන් බලාගෙන හිටියා.

මොකද තවත් හෙටින් පස්සෙ " මගේ " කියලා මට කියන්න බැරි නිසා.මන් එයාගෙ කලින් පිරිලා තිබුණ ඒත් දැන් මැලවිලා ගිහින් තිබුන මල්පෙත්තක් වගේ කම්මුල අත ගෑවා.අන්තිම පාරට වත් කවදාවත් නොදැනුන මේ උණුහුම විදගන්න මට ඕන උනා.එක් නිසා මාත් ඇස් පියා ගත්ත.

එයාව තවත් මට තුරුලු කරගෙන මාත් නිදා ගත්තා.

~

* සීනිබෝල කියලා මන් දන්නවා.ඒ උනාට ඉතින් දිගට ලියන්න ගියොත් අන්තිමට ලියන්න වෙන්නෙ මගෙ හිතේ තියන එක නෙවෙයි.එතකොට කතාව වෙනස් වෙන නිසා මෙහෙම ලියන්නෙ.එකට සමාවෙන්න 😇








_🍀

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now