- 14 -

1.1K 262 14
                                    

යුන්ගි හුස්මක් ගන්නෙ වත් නැතුව එක දිගට කියවගෙන කියවගෙන ගියා.ඒත් අන්තිම ටික කියන කොට එයාගෙ කටහඩේ තිබුණ ස්ථීර බව නිසා මට එතන්ම මැරෙන්න හිතුනා.එතකොට එයා මාව දාලා යන්න හිත හදාගෙන ද ?

මගෙ ඇස් වලින් කදුලු වැටුනත් යුන්ගි  ඒවා දැක්කෙ නැහැ මොකද එයා බිම බලාගෙන හිටියේ.එයාට ඕනෙ උනෙ මාව දාලා යන්න.මට එයාව ඕන වෙනකොට එයාට මාව එපාද?

එයාටත් ඒක මේ විදිහටම දැනුනද?ඒක මෙච්චර වේදනාවක් ද? මේක එච්චරම දුකක් ද?

එයා ඩිවෝ(ර්)ස් පේප(ර්)ස් ටික ටේබල් එක උඩින් තියනා බිම බලාගෙනම දොර දිහාට ගියා.

මන් දැන් මොකක්ද කරන්නෙ.එයා මාව දාලා යන්න හදන්නෙ.එතකොට ඒක ඉවරයි ද?

ඒත් බැ මට එයාව ඕනේ.

මම එක පාරටම ඇදෙන් නැගිටලා ගිහින් එයාව බැක් හග් කලා.මම කරපු දේ නිසා එයාව ගැස්සුනා.එයා පුදුම වෙන්න ඇති.ඒත් මට වෙන කරන්න.දෙයක් තිබුණේ නැහැ

මම අඩන්න ගත්තා.එයාව බදාගෙනම අඩන්න ගත්තා.මම අඩන්න ගත්තු නිසා එයා නතර උනා.

~
💚

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now