- 08 -

1K 254 14
                                    

~ Jimin's POV ~

ජින් හ්‍යුන්ග් කිව්ව දේවල්.ජන්කුක් හ්‍යුන්ග් කිව්ව දේවල්.ඒ දේවල් ඔක්කොම හරි.අපි දෙන්නා මැරි කරලා තමයි.ඒත් ඒක මගෙ කැමැත්තෙන් උන එකක් නෙවෙයි නේ.ඒත් මන් නපුරු උනා වැඩී ද?

ජන්කුක් හ්‍යුන්ග්ගේ වචන මගෙ ඔලුව ඇතුලේ හැමවෙලෙම දෝංකාර දුන්නා.ඇත්තටම මට එච්චර නපුරු වෙන්නෙ නැතුව ඉන්න තිබුණා.

කරන්න ඕනෙ මොකක්ද කියලා මට එව් වෙලෙ ඇත්තටම හිතා ගන්න බැරි උනා.මන් ඉක්මනට හැමදේම දාලා කාර් එකත් අරගෙන ගෙදර ගියේ යුන්ගිව හොයාගන්න.එයාගෙන් සමාව ගන්න.මට සමාවෙන්න කියන්න.ඒක නිසා මන් පුලුවන් තරම් ඉක්මනට ගෙදර ගියා.

***

මන් ගෙදර දොර අරින්න අගුල කැරකුවත් දොර ඇරුනෙ නැහැ.

'සමහරවිට එයා මාව එලියට දාලා දොර වහලා වත්ද?'

මට එහෙම කරන එකත් සාධාරණයි.මන් කොච්චර උත්සහ කලත් කතා කලත් එයා දොර ඇරියේ නැහැ.

මන් ගෙදර දොර ඉස්සරහ පඩිය උඩින් ඉදගත්තේ මන් ගැනම කලකිරිමෙන්.ඒත් කවදාවත් මන් කොච්චර නපුරු උනත් යුන්ගි මට කිසිම දවසක නපුරු වෙලා නැහැ.

යුන්ගි මට බැන්නත් සමාව ගන්නවා කියලා හිතාගෙන මන් මන් ලග තිබුණ අමතට යතුරෙන් දොර ඇරියා.

මන් මේක ලග තියාගෙන ඉන්නෙ වෙනිද්ට යුන්ගි මට දොර අරිනවටවත් මන් අකමැති උන නිසා.එත් අද එයා දොර අරී කියලා මන් බලාපොරොත්තු උනා.ඒත් එහෙම උනේ නැහැ.

දොර ඇරියත් මුලු ගෙදරම තිත්ත කරුවල උනා.ගෙදර ගා(ර්)ඩ්න් එකෙ ඇරෙන්න වෙන කිසිම තැනක ලයිට් එකක් දාලා තිබුණේ නැහැ.

මන් මුලින්ම ගියේ අපේ රූම් එකට.අපේ කිව්වට යුන්ගි තනියම නිදා ගත්ත අපේ රූම් එකට.ඒත් එයා හිටියේ නැහැ.

වොශ්රූම් එකෙ,බැල්කනි එකෙ,කිචන් එකෙ,ව(ර්)කින්ග් රූම් එකෙ මන් ඒ හැම තැනම එයාව හෙව්වා ඒත් එයා ඒ කිසිම තැනක හිටියේ නැහැ.

මගෙ හිත ඇතුලේ නරක දේවලුත් මට හිතුනා.බැරි වෙලාවත් එයා ඒ එක දෙයක් හරි කරලා නම් මට කවදාවත් මටම සමාවක් දෙන්න බැරි වෙයි.

මට ඇත්තටම මන් කිව්ව දේවල් ගැන දුකක් දැණුනා.මටත් කව්රුහරි එහෙම කිව්වා නම් මන් කරන්නෙත් ඒ දේමයි කියන දේ මට තේරුනා.එතකොට මන් පරක්කු වැඩි ද?

ඒත් එයා මට එච්චර ආදරෙයි නම් කොහොමද මාව එච්චර ඉක්මනට දාලා ගියේ.අනේ ආයෙමත් එන්න.මට සමාවෙන්න.හැම දේකටම මට සමාවෙන්න.

~





_🍀

𝐁𝐀𝐁𝐘,𝐈'𝐌 𝐍𝐎𝐓 𝐀 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 | 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 ✔︎Where stories live. Discover now