4. හපොයි මාට්ටු නේද ....

166 29 4
                                    

හරු

ජෙනියා කියන්නෙ ගොඩාක් පොහොසත් තාත්තා කෙනෙක්ගේ දුවෙක්, එයාගේ තාත්තා කරන්නේ ඇඳුම් කඩයක්, හරි හරි ෆැශන් ඉන්ඩ්‍රස්ට්‍රි එකේ ඉහළින්ම ඉන්නේ ජෙනියගේ තාත්තා තමා, ඒ වුනාට මගේ බොක්ක හෙනම නිහතමානි චරිතයක්, ඒත් එයාගේ ආදරනීය පියානන්ට මාව පොඩ්ඩක්වත් පේන්න බෑ මිත්‍රවරුනි ,

ජෙනියාගේ පවුලේ තව එයාට වැඩිමල් අක්කයි අය්යයි තමා ඉන්නේ, ඒ දෙන්නත් ආයේ පට්ටම ලස්සනයි, ඒ දෙන්නම අම්මගේ ආරෙටද කොහෙදෝ ගිහින් තියෙන්නේ, ජෙනි ටිකක් එයාගේ අප්පා වගේ, ඒ වුනාට අප්පත් හැන්ඩියා,

මොනා වුනත් ඉතින් මාත් කාලයක් ඔප්පට ලයින් පාර දාගෙන හිටියේ, මං දන්නවා ටිකක් උනන්දු වුනා නම් සෙට් කර ගන්නත් තිබ්බා, ඒත් මං වගේ පොරකට එයාව ගැළපෙන්නේ නෑ,

ඔව් ඉතින් ඇත්තම කිව්වොත් ඒකෙ අනිත් පැත්ත, එයා මගේ ටයිප් නෙමේ, අනික මාව එයාට ගැළපෙන්නෙ නෑ ඉතින්,

රාජ කුමාරයෙක්ට කොහෙද අපිව සෙට් වෙන්නේ, ඒ නිසා මං වැඩේ අත ඇරලා හිත හදා ගත්තා,

ඔප්පා නම් දැන් බැඳලා, පොඩි පුතෙකුත් ඉන්නවා, මට මාරම ආදරෙයි පොඩි එකා, එල කොලු පැටියා, ඔප්පා බැඳපු ඔන්නි නම් මට එච්චර කැමති නෑ, එයා අනික ලොකු ලයින් එකෙ ඉන්නේ, දන්නෙ නැද්ද ඉතින් එයාලා එක්ක ඉද්දි අපි නිකන් පොල්කොළද මැල්ලුම් වගේනේ,

"ඒ හරුයා, කොහෙද යකෝ අතරමං වුනේ, මොනාද ඔච්චර කල්පනා කරන්නේ, ආවද එළ අයිඩියාවක්..."

"මං කල්පනා කලේ මොකද්ද කියලද උඹ ඔය අහන්නේ, "

"දේ...."

"අහ් එහෙනම් අහගනින්කො, මං මේ කල්පනා කලේ, කොළොම්බස්‍ රට රටවල් හොයාගෙන ගිය වෙලේ එයත් එක්ක තනියට ළඟින්ම හිටියේ කව්ද කියලා, ආ ආ තව එකක් හිතුවා, ඒක තමා peacock කියන්නේ මොණ රටද කියලා, " ජෙනියගේ මූණ අහක බලාගෙන වඩපු කැවුමක් වගේ වුනා

"ඈහ්.... ඒ මොකද්ද බං ඒ උබ කියපු හරුපේ..."

"තේරුනේ නෑ නේ, උඹ කියන ඒවා වගේම තමා , වෙනසකට තියෙන්නේ මං ඉතිහාසගත විශිෂ්ඨ චරිත යොදාගත්තා, උඹ සමාන්තර ලෝක ගාවගන්නවා, ...." ඒ කතාවට නම් දෙන්නටම හොඳටම හිනා,

My love... no limit, no boundaries [COMPLETED]Where stories live. Discover now