හරූ
මං ආපහු කාමරේට ගිහින් ආපහු කුකියාගෙ කාමරේට ගියේ හිතේ ඇතිවුන දරාගන්න බැරි හැඟීම් නිසා,
ඒත් කුකියා ආපහු මාව කාමරෙන් ගෙනත් තිබ්බේ වඩාගෙන ඇවිත් ඒ කරලා එයා ගියේ පස්සෙ එන්නම් කියලා,
අද මගේ ජීවිතයේ ලස්සනම මොහොත මගේ හා පැටියාගේ හිතේ තියෙන ආදරය අහන්න ලැබුන එක.
ඒ වගේම මෙච්චර කාලයක් දෙපැත්තට වැනි වැනි තිබුන මගේ හිතත් එක තැනකට ආපු මොහොත,
ඉස්සර සිදු වුන දේවල් එකිනෙක කල්පනා කර කර ඉඳල දන්නේම නැතුව නින්ද ගියා,
ආපහු ඇහැරුණේ කවුරුහරි දොරට ගහන සද්දෙන් කවුද මේ වෙලාවේ කියලා හිත හිත ගිහින් දොර අරිද්දි හා පැටිය ඉන්නව හිටගෙන හිනාවෙවී.
"නූනා මොකෝ කරන්නේ මං ගිය ටිකට නිදා ගත්තා ද "
"ආ දේ,,,, මට පොඩ්ඩක් නින්ද ගියා "
"මෙච්චර ඉක්මනට නින්ද ගියාද, හීනෙන් මාව බැලුවද ආ..."
හා පැටියා එහෙම අහගෙනම ඇවිත් ඇඳෙන් වාඩි වුණා, මාත් එයාට එහා පැත්තෙන් වාඩි වෙලා ඒ මූණ දිහා බැලුවා,
එක පාරටම හා පැටියා එයාගේ ඔලුව මගේ උකුලෙන් තියලා ඇස් පියා ගත්තා,
මං හෙමින් හෙමින් හා පැටියාගේ කෙස් අතර මගේ ඇඟිලි ආරන් ගියා, ඒ මූණ දිහා බලන් ඉද්දි හිතට ආව අදහසක් නිසා මං ටක් ගාලා පාත් වෙලා ඒ කම්මුලක් හැපුවා,
"යා.... නූනා....රිදුනා "
"මතකද මගේ කම්මුලට කරපු දේ, මේ ඒකට රිටන් එක "
"ආ එහෙමද කියන්නේ..... අද නම් මගෙන් බේරෙනවා බොරු"
"හු... හු... අල්ලයි මගේ නැට්ට .."
කාමරයේ එහෙට මෙහෙට පැන පැන බේරුණා මං දොර පැත්තට දුවලා දොර අරින්න හදද්දිම හාවා ඇවිත් දොරත් වහගෙනම මාව එයාගේ පැත්තට හරවල දොරට තියලා තද කර ගත්තා,
ඒත් එක්කම මට බැලුනේ හාවාගේ ඒ දිළිසෙන ඇස් දිහා,
ටික වෙලාවක් එහෙම බලන් ඉඳල හාවා මගේ නළලට කිස් එකක් දුන්නා, ඊට පස්සේ පස්සේ මගේ ඇස් දෙකට පොඩි කිස් දුන්නා, ටිකෙන් ටික පහළට යන ගමන් මගේ නහයට, කම්මුල් දෙකට කිස් දීලා ඊට පස්සේ ටිකක් නැවතිලා මගේ තොල් දිහා බලන් හිටිය.
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfic'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී